Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
සිඞ්නි ටෙස්ට් තරගයේ තවත් දින දෙකක් ඉතිරිව තිබියදීම ලකුණු 243 කින් පෙරමුණ ගෙන සිටින ඕස්ට්‍රේලියානුවෝ 3-0 ක තරගාවලි ජයක් සඳහා සූදානම් වෙමින් සිටිති. නවසීලන්ත පළමු ඉනිම ලකුණු 251 කට සීමා කළ නේදන් ලයන් (68/5) සහ පැට් කමින්ස් (44/3) දෙදෙනා ලකුණු 203 ක මුල් ඉනිමේ වාසියක් සත්කාරකයන්ට අත්කර දුන්හ.
තරගයේ තුන්වැනි දිනය වූ අද (5 වැනිදා) සවස ක්‍රීඩාව නතර කරන විට ඕස්ට්‍රේලියානු කණ්ඩායම සිය දෙවැනි ඉනිම වෙනුවෙන් කිසිවකු නොදැවී ලකුණු 40 ක් ලබා සිටියේය. කෙසේ වෙතත් සිඞ්නි තණතීරුව තවමත් පිතිකරුවන්ට යෝග්‍ය තත්ත්වයක තිබෙන බැවින් ඕස්ට්‍රේලියානුවෝ හෙට දිනයේදීත් පන්දුවට පහර දීමේ අපේක්‍ෂාවෙන් පසුවෙති.
නවසීලන්තය වෙනුවෙන් සිය මංගල ටෙස්ට් තරගයට සහභාගි වූ ග්ලෙන් පිලිප්ස් ඕස්ට්‍රේලියාවේ හිටපු නායකයා වන ස්ටීවන් ස්මිත්ගේ අවතාරයක් වැනිය. ස්මිත්ගේ සූදානම්වීම, තණතීරුවට තට්ටු කිරීම, පිතිකරුවාගේ සීමා ඉරේ එහා මෙහා යාම මෙන්ම පන්දුවට පහරදීමේ රටාවත් අනුගමනය කළ පිලිප්ස් ලකුණු 52 ක් ලබාගත්තේය.
නවසීලන්ත කණ්ඩායමේ ක්‍රීඩකයන් කිහිප දෙනකුම වෛරස් අසාදනයකට ලක්වීම හේතුවෙන් ග්ලෙන් පිලිප්ස් නවසීලන්යේ සිට පැමිණියේ තරගයට පැය කිහිපයකට පෙරය. එහෙත් ඔහුට ඉතාම හොඳ වාසනාවක් තිබිණ. පිලිප්ස්ගේ උඩපන්දු දෙකක්ම ගිළිහී ගිය අතර පිලිප්ස්ගෙන් ලැබුණු උඩපන්දුවක් රැකගත් නමුත් එයද නිපන්දුවක් විය. පිලිප්ස් ලකුණු 2 ක් සහ 17 ක් ලබා සිටියදී පන්දු යවන්නා වූ ලයන්ට ලැබුණු උඩපන්දු දෙකම ගිළිහී ගියේය.
නේදන් ලයන් සහ පැට් කමින්ස් එක්ව නවසීලන්ත පිතිකරුවන් පාලනය කිරීමට සමත්වීම නිසා සංචාරකයන්ට අපේක්‍ෂිත ඉලක්කයට යා නොහැකි විය. අද දිනයේදීත් ලකුණු 68 කට කඩුලු 5 ක් දවාගත් පිට දඟ පන්දු යවන්නා මේ වන විට දවාගෙන සිටින ටෙස්ට් කඩුලු සංඛ්‍යාව 385 කි.
“අපි දැන් ඉතාමත් හොඳ තත්ත්වයක ඉන්නවා. ඒත් හෙට උදේ කරන්න වැඩ ගොඩාක් තියෙනවා... අපි බලමු අපේ පිතිකරුවන්ට කොයි වගේ ලකුණු සංඛ්‍යාවක් ඕනෑද කියලා” යයි නේදන් ලයන් තුන්වැනි දින සන්ධ්‍යාවේදී පැවසීය.
ඕස්ට්‍රේලියාව - පළමු ඉනිම 454 යි
(ඬේවිඞ් වෝනර් 45, ජෝ බර්න්ස් 18, මානස් ලැබුෂේන් 215, ස්ටීවන් ස්මිත් 63, මැතිව් වේඞ් 22, ට්‍රැවිස් හෙඞ් 10, ටිම් පේන් 35, මිචෙල් ස්ටාක් 22, කොලින් ඩි’ග්‍රැන්ඞ්හෝම්78/3, නීල් වැග්නර් 66/3, ටොඞ් ඇස්ට්ල් 111/2)
නවසීලන්තය - පළමු ඉනිම 251
(ටොම් ලේතම් 49, ටොම් බ්ලන්ඩල් 34, ජීත් රාවල් 31, රොස් ටේලර් 22, ග්ලෙන් පිලිප්ස් 52, කොලින් ඩි’ග්‍රැන්ඞ්හෝම් 20, ටොඞ් ඇස්ට්ල් නොදැවී 25, පැට් කමින්ස් 44/3, නේදන් ලයන් 68/5)
ඕස්ට්‍රේලියාව - දෙවැනි ඉනිම කිසිවකු නොදැවී 40
(ඬේවිඞ් වෝනර් නොදැවී 23, ජෝ බර්න්ස් නොදැවී 16)
..
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.