Last Update  :  2025-08-15 15:47:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව International ඔලී පෝප් එංගලන්ත පිල ඇදගෙන යයි

ඔලී පෝප් එංගලන්ත පිල ඇදගෙන යයි

editorial - 2020 ජන මස 03 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

සංචාරක එංගලන්ත කණ්ඩායම දකුණු අප්‍රිකානු කණ්ඩායම අතර කේප් ටවුන්හිදී පැවැත්වෙන දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේ පළමු දිනය (3 වැනිදා) නිමාවන විට පන්දුවට පහර දෙමින් සිටි එංගලන්තය සිය පළමු ඉනිම සඳහා කඩුලු 9 ක් දැවී ලකුණු 262 ක් ලබා සිටියේය.

පළමු දිනය සඳහා තරගය නතර කරන විට ඔලී පෝප් හතරේ පහර 7 ක් සමග ලකුණු 56 ක් ලබා නොදැවී කඩුල්ලේ රැදී සිටි අතර අනෙක් අන්තයේ රැදී සිටි ජේම්ස් ඇන්ඩසන් ලබා සිටයේ ලකුණු 3 ක් පමණි. ඒ වන විට ඔවුන් දෙදෙනා අතර එංගලන්ත ඉනිමේ අවසන් කඩුල්ල වෙනුවෙන් ගොඩනැගී තිබූ නොබිඳුණ සම්බන්ධතාව ලකුණු 28 කි.

මුලු ලකුණු සංඛ්‍යාව 8 ක් වන ආරම්භක පිතිකරු සැක් ක්‍රෝව්ලි (4) පිටියෙන් ඉවත් කිරීමට වර්නන් පිලැන්ඩර් සමත් වූ අතර එතැන් පටන් දෙවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 55 ක සම්බන්ධතාවක් ගොඩනැගීමට ඩොමිනික් සිබ්ලි (34) සහ ජෝ ඩෙන්ලි (38) සමත් වූහ. සිබ්ලි හතරේ පහර 7 ක් සමගද, ඩෙන්ලි හතරේ පහර 5 ක් සමගද ලකුණු රැස්කළහ.

කගිසේ රබාඩාගේ පන්දුවක් හමුවේ කඩුලු රකින ක්‍රීඩක ක්වින්ටින් ඩි’කොක් අතට උඩ පන්දුවක් දෙමින් සිබ්ලි දැවී යෑමත් සමග එම සම්බන්ධතාව නිමාවට පත් වූ අතර ඉන් අනතුරුව පිටියට පිවිසි නායක ජෝ රූට් වේගවත් ලකුණු 35 ක් රැස්කළේය හතරේ පහර 5 ක් සමගිනි.

රූට්ගේ ඉනිම නිමා කළ ඇන්රිච් නොට්ජේ, ඉනි නොනැවතී බෙන් ස්ටෝක්ස්වද ආපසු ක්‍රීඩාගාරය වෙත හරවා යැවූයේ ඔහු හයේ පහරක් සහ හතරේ පහර 6 ක් සමග ලකුණු 47 ක් ලබා සිටියදීය. ජෝ ඩෙනිලි දැවී ගියේ කේෂව් මහරාජ්ගේ පන්දුවක් කඩුල්ලේ වැදීමෙනි.


එංගලන්තය පළමු ඉනිම - ඕවර 89 කදී කඩුලු 9 ක් දැවී 262
(ඩොමිනික් සිබ්ලි 34, ජෝ ඩෙන්ලි 38, ජෝ රූට් 35, බෙන් ස්ටෝක්ස් 47, ඔලී පෝප් නොදැවී 56, ජොස් බට්ලර් 29, ඞ්වේන් ප්‍රිටෝරියස් 26/2, වර්නන් පිලැන්ඩර් 46/2, ඇන්රිච් නොට්ජේ 54/2, කගිසෝ රබාඩා 63/2)


-036

 


අදහස් (0)

ඔලී පෝප් එංගලන්ත පිල ඇදගෙන යයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.