Last Update  :  2024-04-26 23:26:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව International ඕස්ට්‍රේලියානු ක්‍රීඩිකාවන්ට දැවැන්ත ජයක්
යොවුන් කාන්තා ලෝක කුසලාන

ඕස්ට්‍රේලියානු ක්‍රීඩිකාවන්ට දැවැන්ත ජයක්

editorial - 2023 ජන මස 18 {{hitsCtrl.values.hits}} Views 1 Comment
A A A

වයස 19 න් පහළ කාන්තා ලෝක කුසලාන තරගාවලියේදී ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර අද (18 වැනිදා) පැවති තරගයේදී ඕස්ට්‍රේලියානු ක්‍රීඩිකාවෝ ලකුණු 108 ක දැවැන්ත ජයක් අත්කර ගත්හ. ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම තරග දෙකක්ම පරාජය වූ නමුත්, ආරම්භක තරගයේදීම ඇමරිකානු එක්සත් ජනපදය පරාජය කිරීම හේතුවෙන් ප්‍රසාද ලකුණු පුවරුවේ 3 වැනි ස්ථානයට පත් විය. ඒ අනුව ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩිකාවෝ දෙවැනි (හොඳම 12 දෙනාගේ) වටයේදී පළමු වැනි කාණ්ඩයට සුදුසුකම් ලබාගත්හ.

දකුණු අප්‍රිකාවේ බෙනෝනි නුවර, විලෝමුවර් උද්‍යාන පිටියේදී පැවැති මෙම තරගයේදී කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායම පළමුවෙන් පන්දු යැවීම තෝරා ගත්තේය.

ඕස්ට්‍රේලියානු ක්‍රීඩිකාවන් ප්‍රහාරාත්මක ඕවර 6 දී ලකුණු 42 ක් ලබාගත් නමුත්, රිස්මි සංජනාගේ පන්දු යැවීම හමුවේ 7 වැනි ඕවරයේ සිට 10 වැනි ඕවරය දක්වා ලබාගත හැකිවූයේ ලකුණු 21 කි. සිය ඕවර 4 පන්දු 24 න් පන්දු 14 ක්ම නිළකුණු පන්දු ලෙසින් සටහන් කළ සංජනා, 10 වැනි ඕවරය නිමා වන විටත් ලකුණු 20 කට කඩුලු 2 ක් දවාගෙන තිබිණ.

10 වැනි ඕවරයෙන් පසුව, ප්‍රවේගකාරී පිතිහරඹයකට පිවිසි ඕස්ට්‍රේලියානු ක්‍රීඩිකාවෝ, එතැන් සිට ඕවර 6 කින් ලකුණු 52 ක් ලබාගත් අතර ඉනිම අග්ගිස්සේ ඕවර 4 දී ලකුණු 44 ක් උදුරා ගත්හ.

ලකුණු 160 ක ඉලක්කයක් කරා යාම ඇරඹූ ශ්‍රී ලංකා යොවුන් පිතිකාරිණියන්ට ඕස්ට්‍රේලියානු ක්‍රීඩිකාවන්ගේ පන්දු රැකීම හමුවේ හැරෙන්නටවත් බැරිවිය. අති විශිෂ්ට උඩපන්දු රැකීම් දෙකකින්, ශ්‍රී ලංකා යොවුන් නායිකාව, විශ්මි ගුණරත්න සහ සුමුදු නිසංසලා දවාගන්නා ඕස්ට්‍රේලියානු ක්‍රීඩිකාවෝ පළමු ඕවර 10 නිමාවේදී ලකුණු 45 ක් ඇතුළත ශ්‍රී ලංකා පිතිකාරිණියන් හය දෙනකුම ආපසු ක්‍රීඩාගාරයට යැවූහ.

11 වැනි ඕවරයේ පළමු පන්දුවෙන්ම දුලංගා දිසානායකත් දැවී ගිය අතර පුවරුවේ සටහන් වූයේ ලකුණු 45 කට කඩුලු 7 ක් ලෙසිනි. එතැන් සිට තරගයේ සටනක් නොවීය. 13 වැනි ඕවරය යැවීමට පන්දුව බාරගත් ලුසී හැමිල්ටන් එකම ලකුණක් හෝ නොදී අවසන් කඩුලු දෙකම දවාගනිමින්, ශ්‍රී ලංකා යොවුන් ඉනිම අවසන් කළාය.

ශ්‍රී ලංකාව වෙනුවෙන් ලකුණු 10 කට වඩා ලබාගත හැකිවූයේ නෙත්මි සේනාරත්නට පමණි.

 
ඕස්ට්‍රේලියානු යොවුන් කණ්ඩායම - ඕවර 20 කදී කඩුලු 5 ට 159 යි
(කැතී පෙල්ලේ 27, ස්ලානා ජින්ජර් 30, ඇල්ලා හේවර්ඩ් 36, ඇමී ස්මිත් නොදැවී 22, ලුසී හැමිල්ටන් 22, රිස්මි සංජනා 30/2)

ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම - ඕවර 13 කදී සියලු දෙනා දැවී 51
(නෙත්මි සේනාරත්න 11, මැගී ක්ලාක් 08/2, ලුසී හැමිල්ටන් 00/2)

- 213

 


අදහස් (1)

ඕස්ට්‍රේලියානු ක්‍රීඩිකාවන්ට දැවැන්ත ජයක්
  • sam Thursday, 19 January 2023 12:25 PM

    මේ අයත් මහ උදවිය වගේමයි. මේ අයට ක්‍රිකට් හරියන්නේ නැහැ... මේකටත් බෝන් අගේන් රිංගලාද කියලා බලන්න.

    Reply 0       0


ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.