Last Update  :  2024-05-18 19:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව history_inner මා උකහාගත් දේ කී‍්‍රඩාවටම ආපසු දිය යුතුයි - මහේල

මා උකහාගත් දේ කී‍්‍රඩාවටම ආපසු දිය යුතුයි - මහේල

සංජය එරමුදුගොඩ - 2014 දෙසැ මස 15 {{hitsCtrl.values.hits}} Views 1 Comment
A A A

 

වසර 17 ක පමණ කාලයක් ශී‍්‍ර ලංකාවේ කි‍්‍රකට් කී‍්‍රඩාව වෙනුවෙන් පිතිකරුවකු සහ නායකයකු වශයෙන් අමිල සේවයක් කළ මහේල ජයවර්ධන ලෝක කුසලාන තරගාවලියෙන් පසුව ශී‍්‍ර ලංකා පිලෙන් සමුගන්නා නමුත් කි‍්‍රකට් කී‍්‍රඩාව අරභයා තමන් වෙතින් ඉටුවිය යුතුකම් තවමත් නිමා වී නැතැයි පවසයි.

කි‍්‍රකට් කී‍්‍රඩකයකු- වශයෙන් තමන් උකහාගත් දේ නැවතත් කී‍්‍රඩාව වෙතම තිළිණ කිරීම තමන්ගේ වගකීමක් බවත් ඊට නිසි කාලය එළැඹෙන තුරු තමන් මහත් ඉවසීමෙන් බලා සිටින බවත් ශී‍්‍ර ලංකා පිලේ හිටපු නායකයා පවසයි.

කොළඹ ආර්. පේ‍්‍රමදාස කී‍්‍රඩාංගණයේදී හෙට (16 වැනිදා) පැවැත්වීමට නියමිත හත්වැනි සහ අවසාන එක්දින තරගයට පෙර අද දහවල් කොළඹදී පැවැති පුවත් පත් සාකච්ඡුාවකදී මහේල ජයවර්ධන එසේ පැවසීය.

කි‍්‍රකට් කී‍්‍රඩාවෙන් සමුගැනීමෙන් පසුව කිනම් ක්ෂේත‍්‍රයක් තෝරා ගන්නේද යන්න පිළිබඳව කළ විමසීමේදී ශී‍්‍ර ලංකා පිලේ හිටපු නායකයා පවසා සිටියේ ඒ සම්බන්ධයෙන් තවමත් දැඩි තීරණයක් ගෙන නැති නමුත් තව නොබෝ කලක් යන තුරු පෞද්ගලික කණ්ඩායම් වෙනුවෙන් (අයි. පී. එල් හෝ එවැනි ආකාරයේ තරග සඳහා) කී‍්‍රඩා කිරීමේ අදහසක් තිබෙන බවයි.

”මා මගේ පවුලේ අයත් සමග ටික කාලයක් ඉන්න  ඕනේ...ඒත් අපි උකහාගත් දෙයින් යමක් ආපසු කි‍්‍රකට් කී‍්‍රඩාවටත් දෙන එක වගකීමක්..ඒක කොයි වෙලාවේ කොයි ආකාරයෙන්ද කියන එක ගැන තාමත්  තීරණයක් නෑ”

”මා කටයුතු කරන්නේ අනිත් අයට වඩා ටිකක් වෙනස් ආකාරයකටයි.. ඊට සුදුසු වාතාවරණය තියේ නම් ඊට දායක වෙන්න මා ඉතාමත් සතුටින් බලා ඉන්නවා” යයිද මහේල ජයවර්ධන පැවසීය.

ශී‍්‍ර ලංකාවේදී සිය අවසන් තරගයට සහභාගි වීමේ අවස්ථාව හැගීම්බරද යන්න කළ විමසීමේදී මහේල පවසා සිටියේ තමන් කවදා හෝ මේ තත්ත්වයට මුහුණ දිය යුතු බවත් එවන් හැගීම් බරවීමක් තරගයකදී නොවිය යුතු බවත්ය.

”මේ තත්ත්වයට මුහුණ දෙන්න සූදානම් වුණ නිසා මා දන්නවා මානසික වශයෙන් මා කොතැනද ඉන්නේ කියා. ඒත් මා ටෙස්ට් තරග වලින් විශ‍්‍රාම ගිය අවස්ථාව නම් මට මහත් වේදනාබර අවස්ථාවක් වුණා. ඇරත් ලෝක කුසලාන තරගාවලියටත් කී‍්‍රඩා කරන්න තියෙන නිසා මේ තරගය ඒ තරම් බර වෙන එකක් නෑ” යයිද මහේල පැවසීය.

යථාර්ථය එය වූවත් තමන්ට මහත් ආදරය කරන ශී‍්‍ර ලාංකික පේ‍්‍රක්‍ෂයන් හමුවේ අවසන් වරට කී‍්‍රඩා කිරීම නම් තරමක විශේෂත්වයක් බවත් මහේල පිළිගනී.

මහේලගේ හොඳම කි‍්‍රකට් සගයා වන කුමාර් සංගක්කාර ලෝඞ්ස් කී‍්‍රඩාංගණයේදී සහභාගි වූ අවසන් ටෙස්ට් කි‍්‍රකට් තරගයේදී ශතකයක් ලබාගත්තා මෙන්ම ඔහු හැදී වැඩුණු කන්ද උඩරටදී සහභාගි වූ අවසන් එක්දින තරගයේදීත් ශතකයක් ලබාගත්තේය. එසේ වුවත් සිය අවසන් ටෙස්ට් තරගයෙදී ශතකයක් ලබාගැනීමේ මහත් බලාපොරොත්තුවකින් පසුවූ මහේලගෙන් එම අවස්ථාව ගිළිහී ගියේ පාකිස්තානු පිලට එරෙහිව එස්. එස්. සී. පිටියේදී පැවැති එම තරගයේදී ලකුණු 4 කට සහ 54 කට දැවී යාමෙනි.

පසුගිය අගෝස්තුවේදී කළ නොහැකි වූ දේ හෙට කළ හැකිවේද යන්න කළ විමසුමට පිළිතුරු දෙමින් මහේල පැවසුවේ සංගක්කාරට තිබෙන තරම් අධිෂ්ඨානශීලී හිතක් තමන්ට ඇතැයි තමන් නොසිතන බවයි.

”මා හෙටත් ගිහින් මගේ විදිහට කී‍්‍රඩා කරනවා. මා හැමදාමත් කළේ එයයි”
”මා ශී‍්‍ර ලංකාවේදී අවසන් තරගයට කී‍්‍රඩා කළා කියලා එය වෙනස් වන්නේ නෑ...ඒත් ඇත්ත තත්ත්වය නම් අප මේ වන විටත් තරගාවලිය ජයගෙන තිබෙන නිසා අප සියලූ දෙනාටම තිබෙන පීඩනය අඩුවීමයි...අපට අපේ අවසන් තරගයත් ජයගන්න  ඕනෑ....වැදගත් දේ වෙන්නේ අප මේ තරගයත් ජයගැනීමයි” යයිද මහේල පැවසීය.

පල්ලෙකැළේදී පැවැති දෙවැනි තරගයේදී ආරම්භක පිතිකරුවා ලෙසින් පිටියට පිවිසි මහේලට ලබාගත හැකිවූයේ ලකුණු 5 කි. එහෙත් හෙට තරගයේදී වුවත් ආරම්භක පිතිකරුවාගේ ස්ථානයට කී‍්‍රඩා කරන ලෙස ඉල්ලීමක් කළහොත් මහේල ඊට සූදානමින් සිටී.

”අවස්ථාව ලැබුණොත් මා ආරම්භක පිතිකරුවා වීමට කැමතියි. ඒත් ඔවුන්ට (තේරීම් කමිටු නිලධාරීන්ට) අවශ්‍ය වෙන්නේ මොන ආකාරයේ සංයුතියක්ද කියන එක මත හැමදේම රඳා පවතිනවා...කොහොම වුණත් පිතිකරු ලයිස්තුවේ  ඕනෑම තැනකින් පන්දුවට පහර දෙන්න මම සූදානම්” යයි පවසමින් කණ්ඩායම තුළ සිය භූමිකාව කුමන ආකාරයේ විය යුතුද යන්න මහේල විස්තර කළේ ඩිල්රුවන් පෙරේරාද සංචිතයට එක්ව සිටින්නේ ආරම්භක පිතිකරුවකු වශයෙන්ය යන කාරණාව අමතක නොකරමිනි.

ඉන්දියාව හමුවේ පැවැති එක්දින තරගාවලිය 5x0 ක් ලෙසින් පරාජය වූ ශී‍්‍ර ලංකා පිල එංගලන්තය පරදා ලබාගත් තරගාවලි ජය නවසීලන්ත සහ ලෝක කුසලාන තරගාවලි දෙකට පෙර හොඳ මානසික ශක්තියකි. එහෙත් ඉන්දීය සංචාරය දෙස පමණක් බලා එය ශී‍්‍ර ලංකා පිලේ කඩා වැටීමක් ලෙස හුවා දැක්වීම සාධාරණ නොවේ. මේ වසර පුරාම ශී‍්‍ර ලංකා කණ්ඩායම ඉතාමත් හොඳින් කී‍්‍රඩා කළේය.

වසර මුලදීම ටෙස්ට් තරගාවලියක් සහ ආසියානු කුසලාන දිනාගත් ශී‍්‍ර ලංකා කණ්ඩායම විස්සයි:20 ලෝක කුසලානයද ශී‍්‍ර ලංකාවට ගෙන ආවේය. ඉන් අනතුරුව එංගලන්තයේදී ටෙස්ට් තරගාවලියක් ජයගත් ශී‍්‍ර ලංකා පිල එක්දින තරගාවලියද 3-2 ක් ලෙසින් ජයගත්තේය.

මේ වසර (2014) තුළදී ශී‍්‍ර ලංකා පිලේ පසුබෑමක් වූයේ නම් ඒ ශී‍්‍ර ලංකාවේදී පැවැති එක්දින තරගාවලිය දකුණු අපි‍්‍රකානුවන් හමුවේ පරාජය වීමත් ඉන්දියාව හමුවේ එක්දින තරගාවලිය 5-0 කින් පරාජය විමත් පමණි. එහෙත් ඉන්දියානුවන් හමුවේ එක්දින තරගාවලිය පරාජය වීමට බලපෑ බොහෝ හේතු කාරණාද තිබිණ.

”ඉන්දියාවට යන කොටම අපි දැනගෙන හිටියා ඒක අමාරු කාරියක් කියලා. ඇත්තටම අපි ඒ වෙනකොට හොඳින් සූදානම් වෙලා හිටියේ නෑ විතරක් නෙමේ අපේ කී‍්‍රඩකයන් බොහෝ දෙනකුට විවිධ ශාරීරික ආබාධත් තිබුණා”

”ඒත් දැන් දැන් කොල්ලො ටික ක‍්‍රම ක‍්‍රමයෙන් අපේ කී‍්‍රඩා රටාවට අවතීර්ණ වෙනවා. ඔවුන් ආපු ගමන්ම කී‍්‍රඩා කරන ආකාරය ඔබලාටම දැකබලා ගන්න පුළුවන්...සචීගේ (සචිත‍්‍ර සේනානායක) ආපසු ඒම විශාල ශක්තියක්. ඒ වගේම සුරංග ආපසු ආපු ආකාරය බලා ඉන්නත්  සතුටුයි”

”අපි ලෝක කුසලාන තැරගාවලිය එළඹෙන තුරු ආසාවෙන් බලා ඉන්නවා. වැදගත් වෙන්නේ හොඳ සූදානමක් වගේම නියම සංයුතිය මොකක්ද කියා තෝරා ගැනීමයි. ඒ වගේම ලෝක කුසලාන තරගාවලියේ අවසන් කොටසේදී දස්කම් අතරට එන්නත්  ඕනේ” යයිද 2007 වසරේදී ශී‍්‍ර ලංකා පිල ලෝක කුසලාන තරගාවලියේ අවසන් මහ තරගය කරා කැඳවාගෙන ගිය නායකයා පැවසීය.

තවත් මාස දෙක තුනකින් කුමාර් සංගක්කාර සිය එක්දින දිවිය අවසන් කරන නමුත් තරගයක පීඩනය හොඳින් හසුරුවාගත හැකි ළහිරු තිරිමාන්න ශී‍්‍ර ලංකා කණ්ඩායම සමග සිටීම ශී‍්‍ර ලංකා පිල සතු වාසනාවකි. අවස්ථා ගණනාවකදීම තිරිමාන්න ඒ බව සනාථ කර ඇති අතර එහි විශිෂ්ටතම ප‍්‍රදර්ශනය වූයේ විස්සයි:20 ලෝක කුසලාන තරගාවලියේ අවසන් පූර්ව තරගයයි.

එම තරගයේදී මහේල ජයවර්ධන (0) සහ කුමාර් සංගක්කාර (1) දෙදෙනාම දැවී ලකුණු 49 කට කඩුලූ 3 ක් බිඳ වැටී තිබියදී අංක 5 පිතිකරුවා ලෙසින් පිටියට පිවිසෙන තිරිමාන්න පන්දු 35 කින් ලබාගන්නා ලකුණු 44 නිසා ශී‍්‍ර ලංකා පිලට ලකුණු 160 ක් දක්වා යාමේ දොරටු විවර වෙයි. එවන් කී‍්‍රඩකයකු සම්බන්ධයෙන් මහේලට ඇත්තේ විශාල විශ්වාසයකි.

”ඔහු කණ්ඩායමට එක්වූ පළමු දිනයේ ඉඳන්ම අපි දැනගෙන හිටියා ඔහු ඉතාමත් පරිණත කී‍්‍රඩකයකු බව. එයා තරගයේ පවතින තත්ත්වය ඉතාමත් හොඳින් පාලනය කරනවා විතරක් නෙමේ පීඩනයට ලක්වෙන්නේත් නෑ”

”ඔහු (තිරිමාන්න) ආරම්භක පිතිකරුවාගේ ඉඳන් අංක 3, 5, 6 වගේ හැම ස්ථානයකම කී‍්‍රඩා කරලා තියෙනවා. ඒත් ඔහුගේ කී‍්‍රඩා රටාවේ වෙනසක් නෑ. ඒ වගේ පිතිකරුවෙක් සහ ඇන්ජි (ඇන්ජලෝ මැතිව්ස්) අංක 5, 6 හෝ 7 කී‍්‍රඩා කරනවා කියන්නේ කණ්ඩායමකට විශාල ශක්තියක්”

”මේ දෙන්නාටම තරගයක් අවසාන කරන්න පුළුවන්. ඒ විතරක් නෙමේ පිතිකරු අනුපිළිවෙළේ පහළින් වේගයෙන් ලකුණු ලබාගන්න පුළුවන් පිතිකරුවන් අපට ඉන්නවා. මේ තරුණ කී‍්‍රඩකයන්ගේ නැගී සිටීම ඉතාමත් හොඳයි. වසර දෙක තුනකට ඉස්සරවෙලා අප කළ ආයෝජනයෙන් දැන් ප‍්‍රතිඵල ලැබෙමින් තියෙනවා” යයි පැවසූ මහේල....

ලෝක කුසලාන තරගාවලියේදී අංක 6 ස්ථානය ළහිරු තිරිමාන්නට හිමිවීම පිළිබඳ සැක සංකා මතු නොකළේ නවසීලන්තයට යාමෙන් පසු තිරිමාන්න මෙන්ම සෙසු කී‍්‍රඩකයන් ගැනද එහිදී වඩාත් හොඳ අදහසක් ගතහැකි බවද අවධාරණය කරමිනි.

සීකුගේ ප‍්‍රසන්නට පිත්තෙන් යම් දෙයක් කළ හැකි වුවත් ඔහුගේ මූලික වගකීම පන්දු යවන්නකු වශයෙන් කඩුලූ දවාගැනීම බවත් තරගයේ පවතින තත්ත්වය අනුව ඔහුගේ පිතිකරු හැකියාව භාවිතා කිරීමේ විකල්පය කණ්ඩායමට ඇති බවත් මහේල පවසයි.

එංගලන්තයට එරෙහිව පල්ලෙකැළේදී පැවැති දෙවැනි (තරගාවලියේ 6 වැන්න) එක්දින තරගයේදී පිතිකරු ප‍්‍රහාරක  ඕවර කිහිපයේදී පිටියට පිවිසි සීකුගේ ප‍්‍රසන්න පන්දු 12 කින් ලකුණු 20 ක් ලබාගැනීම නිසා එංගලන්ත පන්දු යවන්නන්ගේ ඔද තෙද බිඳී ගිය අතර ඉනිම නිමාවූයේ ලකුණු 292 කිනි.

එහෙත් එවන් විකල්ප යොදාගැනීමේ අවස්ථා සීමා සහිතය.
තමන් මෙන්ම කුමාර් සංගක්කාරද කි‍්‍රකට් කී‍්‍රඩාවෙන් සමුගෙන ගියද ශී‍්‍ර ලංකාවේ කි‍්‍රකට් කී‍්‍රඩාව ඉදිරියට යන බවත් තරුණ කී‍්‍රඩකයන් තමන්ගේ භූමිකා නිසි අයුරින් හසුරුවා ගන්නා බවත් මහේල කියයි.

”මේ තරම් දෙයක් කරන්න අපට (කුමාර් සංගක්කාර සමගින්) අවස්ථාව ලැබීම ගැන අප ඉත සිතින්ම සතුටු වෙනවා. තරුණ කී‍්‍රඩකයන් ඔවුන්ගේ වගකීම් බාරගනීවි කියලා මට විශ්වාසයි”

”මේ නරඹන්නන් අතරින් ගලා එන ඝෝෂාව, ඔල්වරසන්, අත්පොළසන් සියල්ලම මට හුරුයි. මා කුඩා කාලයේ මගේ පාසල වෙනුවෙන් කී‍්‍රඩා කරන සමයේ ඉඳන් විශේෂ ආකාරයේ තරගයක් කී‍්‍රඩා කරන හැම වෙලාවකම ඒ දේවල් තිබුණා. අප කි‍්‍රකට් කී‍්‍රඩකයන් වශයෙන් දියුණු වුණේ ඒ නිසයි. ශී‍්‍ර ලංකාවේ කි‍්‍රකට් කී‍්‍රඩාවේ තියෙන විශේෂත්වයත් එයමයි”

”ඒ වගේ පී‍්‍රති ඝෝෂා මැද මේ තරගය කී‍්‍රඩා කරන්න ලැබීම විශාල සතුටක්” යයි පවසන මහේල...

”අපේ පේ‍්‍රක්‍ෂකයන් අති විශිෂ්ටයි. ඔවුන් අපව විවේචනය කරනවා තමයි. ඒත් ඒ හොඳ හදවතින්. ඔවුන් පමණ ඉක්මවා යන්නේ නෑ...අනෙක තමයි අපි සාර්ථක වුණත් අසාර්ථක වුණත් ඔවුන් අප සමග ඉන්නවා....ශී‍්‍ර ලංකා පිලේ ශක්තිය එයයි” යයිද පැවසීය.

 

 

 


අදහස් (1)

මා උකහාගත් දේ කී‍්‍රඩාවටම ආපසු දිය යුතුයි - මහේල

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.