Last Update  :  2024-05-20 19:19:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව front_2 ෆිෆා දූෂණ පරීක්‍ෂාකරද්දී නිලධාරියා නෙරපයි

ෆිෆා දූෂණ පරීක්‍ෂාකරද්දී නිලධාරියා නෙරපයි

ශනුක අරවින්ද - 2017 මැයි මස 11 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

තමා තනතුරෙන් ඉවත් කරද්දී ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ද සම්බන්ධ බවට සැක කෙරෙන අන්තර්ජාතික පාපන්දු ක්ෂේත්‍රයේ දූෂණ සිය ගණනක් සම්බන්ධයෙන් පරීක්ෂණ කරමින් සිටි බව පසුගියදා ලෝක පාපන්දු  සම්මේලනයේ ආචාර ධර්ම පිළිබඳ කමිටුවේ පරීක්ෂණ නිලධාරි තනතුරෙන් ඉවතට විසිවූ කෝනල් බෝර්බෙලි මහතා කියයි. ඔහුගේ සේවා කාලය මෙන්ම සම්මේලනයේ ආචාර ධර්ම පිළිබඳ ප්‍රධාන විනිසුරු හෑන්ස් ජෝකිම් එකර්ට් මහතාගේ සේවා කාලයත් නැවත අලුත් නොකිරීමට පසුගිය අඟහාරුවාදා පාපන්දු සම්මේලනයේ පරිපාලන කමිටුව තීරණය කළේය.

මෙම තීරණයෙන් පසුව මාධ්‍ය හමුවක් කැඳවමින් කෝනල් බෝර්බෙලි මේ බව කීවේය.

බෝර්බෙලිට අමතරව තනතුරෙන් ඉවත් කළ හෑන්ස් ජෝකිම් පසුගිය කාලයේ සෑහෙන අර්බුදයට ලක්වී තිබූ ලෝක පාපන්දු සම්මේලනය පිරිසුදු කිරීමට පුරෝගාමීව කටයුතු කරනු ලැබුවෙකි.

අක්‍රමිකතා ඇතිවූ බව කියන සිදුවීම් සිය ගණනක් ගැන පරීක්ෂණ කෙරෙන්නේ පාපන්දු ක්‍රීඩාවේ දූෂණයට එරෙහිව කරන අරගලයක පියවරක් ලෙස බව කී බෝර්බෙලි පාපන්දු සම්මේලනය තමා සහ හෑන්ස් ජෝකිම් ඉවත් කිරීමෙන් සියලු පරික්ෂණ කටයුතු නතර වනු ඇතැයි කියා සිටියේය.

‘අපි දැනටමත් එවැනි සිදුවීම් සිය ගණනක් ගැන පරීක්ෂණ කොට තිබුණා. නමුත් තවත් එවැනිම ප්‍රමාණයක් සිදු කිරිමට ඉතිරිව තිබුණා. ‘ ඔහු කීවේය.

බෝර්බෙලීගෙන් පුරප්පාඩු වූ තනතුරට කොලොම්බියාවේ පාපන්දු ක්ෂේත්‍රයේ ඉහළ නිළධාරිනියක වන වන මරියා ක්ලෝඩියා රොජාස් මහත්මිය ද, හෑන්ස්ගේ තනතුරට යුරෝපා යුක්ති අධිකරණයේ හිටපු සභාපති ග්‍රීක ජාතික වැසිලියෝස් ස්කෝරිස් මහතා ද පත් කළ බව නිවේදනයක් නිකුත් කරමින් අන්තර්ජාතික පාපන්දු සම්මේලනය කියයි.

 

- 077

 


අදහස් (0)

ෆිෆා දූෂණ පරීක්‍ෂාකරද්දී නිලධාරියා නෙරපයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.