Last Update  :  2024-05-18 09:23:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව front_2 සිම්බාබවේට එරෙහිව සුක්කානම ඩිවිලියර්ස් අතට

සිම්බාබවේට එරෙහිව සුක්කානම ඩිවිලියර්ස් අතට

Nisanka Sandeepani - 2017 දෙසැ මස 26 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

සංචාරක සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහිව පෝර්ට් එලිසෙබත් ක්‍රීඩාංගණයේදී අද (26 වැනිදා) ආරම්භ වන බොක්සිං දින ටෙස්ට් තරගයේදී දකුණු අප්‍රිකානු කණ්ඩායම මොහෙයවීමේ අවස්ථාව ප්‍රවේගකාරී පිතිකරු ඒ.බී. ඩිවිලියස්ට හිමිවී තිබේ.  වසර දෙකක පමණ කාලයක් ටෙස්ට් තරගවලින් ඉවත්ව සිටි ඩිවිලියස්, නැවතත් ටෙස්ට් තරගයක් සඳහා සහභාගිවන පළමු අවස්ථාව මෙය වන අතර දකුණු අප්‍රිකානු කණ්ඩායමේ තාවකාලික නායකයා ලෙස නම් කරනු ලැබ සිටි ඩීන් එල්ගාද කණ්ඩායමේ සිටියදී ඩිවිලියස්ට කණ්ඩායම මෙහෙයවීමේ අවස්ථාව දී තිබේ.  

දකුණු අප්‍රිකානු කණ්ඩායමේ නිත්‍ය නායක ෆෆ් ඩුප්ලෙසී පසුගිය දින වලදී පිට කොන්දේ සහ උරහිසේ අබාධයකින් පෙළුණු අතර වෛරස් අසාදනයක් හේතුවෙන් ඔහුගේ අබාධ තත්ත්වය සුව අතට හැරීම ප්‍රමාද වීම නිසා ඔහුට මෙම ටෙස්ට් තරගයට සහභාගි වීමේ අවස්ථාව අහිමිවී තිබේ. 

කෙසේ වුවත් ආබාධ තත්ත්වයෙන් පූර්ණ සුවය ලබා සිටින ඩුප්ලෙසී, ජනවාරි මස 5 වැනිදා ඉන්දීයාවට එරෙහිව කේප් ටවුන්හිදී ආරම්භවන පළමු ටෙස්ට් තරගයට සහභාගි වනු ඇතැයි දකුණු අප්‍රිකානු ක්‍රිකට් පාලක මණ්ඩලය බලාපොරොත්තුවෙන් සිටියි. 

“පසුගිය සතිය අවසන් වන විට ඔහු පිට කොන්දේ සහ උරහිසේ අබාධවලින් 60% ක පමණ ප්‍රමාණයක සුවයක් ලබා සිටියා. නමුත් මේ සතිය ආරම්භ වනවාත් සමගම ඇතිවුණ වෛරස් ආසාදනයක් නිසා නැවතත් ඔහුගේ තත්ත්වය නරක අතට හැරුණා. ඒ නිසයි ඔහු මේ තරගයට සහභාගි වෙන්නේ නැත්තේ.” යැයි දකුණු අප්‍රිකානු කණ්ඩායමේ කළමනාකරු මොහොමඞ් මූසාජී මහතා පැවසීය. 

“දැන් ඔහු අපේ භෞතචිකිත්සක ක්‍රේග් ගොවෙන්ඩර් මහතා යටතේ ප්‍රතිකාර ලබමින් සිටිනවා. පුර්ණ සුවය ලබා ඉන්දීය තරගාවලියේදී නැවතත් ඔහු කණ්ඩායම මෙහෙයවාවි කියා අපි බලාපෙරොත්තු වෙනවා” යැයිද එහිදී ඔහු සඳහන් කර සිටියේය. 

 

- 036 


අදහස් (0)

සිම්බාබවේට එරෙහිව සුක්කානම ඩිවිලියර්ස් අතට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.