Last Update  :  2024-05-18 19:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව front_2 වීනස්ගේ වසර 15ක සිහිනය බිඳවැටෙයි

වීනස්ගේ වසර 15ක සිහිනය බිඳවැටෙයි

සංජය එරමුදුගොඩ - 2017 සැප් මස 08 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ග්‍රෑන්ඩ් ස්ලෑම් තරග බිමේ සිය බියසුලු බව පසෙක තැබූ ශ්‍රේණිගත කිරීම්වල අහළකවත් නොසිටි අමෙරිකාවේ ස්ලෝනි ස්ටීවන්ස් නිව්යෝක් නුවර බිලි ජින් කිං ටෙනිස් මධ්‍යස්ථානයේ ෆ්ලෂින් මීඩෝස් ටෙනිස් පිටියේදී සිය රටේහිම ප්‍රවීණ ක්‍රීඩිකාවක වන වීනස් විලියම්ස් පරාජය කරමින් අමෙරිකානු විවෘත ටෙනිස් තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලැබීමට සමත්වූවාය.

ආබාධයකට ලක්වීමෙන් පසුව කෙටි කාලයක් ටෙනිස් පිටියෙන් ඉවත්ව සිටි ස්ලෝනී නැවත පිටියට පා තැබුවේ ඊයේ පෙරේදය. මෙවර අමෙරිකානු විවෘත ටෙනිස් තරගාවලියේ අවසන් ක්‍රීඩිකාවන් සිවුදෙනාම අමෙරිකානුවන් වීම නිසා අමන්දානන්දයට පත්ව සිටි ක්‍රීඩාලෝලීන්ට අමතක නොවන තරගයක අසිරිය පෙන්වූ ස්ලෝනි ලෝක ටෙනිස් පිටියේ අත්දැකිම් බහුල වීනස් පරාජය කළේ ලකුණු 6-1 ක්, 0-6 ක් සහ 7-5 ක් වශයෙනි.

මේ අතර අනික් අවසන් පූර්ව තරගයෙන් කොකෝ වැන්ඩවෙග් ලකුණු 6-1 ක් සහ 6-2 ක් ලෙස පරාජය කළ ශ්‍රේණිගත කිරීම්වල 15 වැනි තැන සිටින මැඩිසන් කීස් පළමුවතාවට ග්‍රෑන්ඞ් ස්ලෑම් අවසන් මහා තරගයකට සුදුසුකම් ලබාගත්තාය.

ඒ අනුව ස්ලෝනි සහ මැඩිසන් දෙදෙනාම හෙට (සෙනසුරාදා) පැවැත්වෙන අමෙරිකානු විවෘත ටෙනිස් තරගාවලියේ කාන්තා අවසන් මහා තරගයට එක්වන්නේ ඔවුන්ගේ ටෙනිස් දිවියේ පළමුවතාවටය. එය තරගයටත් පෙර වාර්තා පොතට එක්වන්නේ වසර 2002 දී සෙරීනා විසින් සිය සොයුරිය වීනස් පරාජය කළ අවසන් මහා තරගයට පසුව අමෙරිකානු විවෘත ටෙනිස් තරගාවලියේ කාන්තා අවසන් මහා තරගයට අමෙරිකානු ක්‍රීඩිකාවන් දෙදෙනකු සුදුසුකම් ලබාගත් වූ පළමු අවස්ථාව ලෙසටය.

පසුගිය විම්බල්ඩන් තරගාවලියෙන් පසුව මාස 11ක්ම පාදයේ ආබාධයක් නිසා පිටියෙන් ඉවත්ව සිටි ස්ලෝනි මෙවර අවසන් මහා තරගයට එක්වීම ගැන පසුවන්නේ තවමත් අදහාගත නොහැකිවය.

“මම දන්නෙ නෑ මං කොහොමද මේක කළේ කියලා. මට ඒ ගැන කියන්න වචනත් නෑ”
වීනස් විලියම්ස් පසුවූයේ වසර 15 කට පසුව අමෙරිකානු විවෘත ටෙනිස් අවසන් තරගයකට පිවිසීමේ බලාපොරොත්තුවෙනි. මේ වසරේ පැවැති ග්‍රෑන්ඞ් ස්ලෑම් තරගාවලි 4 දීම ඇයට කුසලානයක් දිනා ගැනීමේ වාසනාවක් නොලැබුණේ අවසන් තරග 2 කට සහ අවසන් පුර්ව තරගයකට පවා සුදුසුකම් ලැබී තිබියදීත්ය.

 


- 077


අදහස් (0)

වීනස්ගේ වසර 15ක සිහිනය බිඳවැටෙයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.