Last Update  :  2024-05-18 19:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව front_2 වීනස් විස්මිත ජයග්‍රහණයක

වීනස් විස්මිත ජයග්‍රහණයක

සංජය එරමුදුගොඩ - 2017 සැප් මස 06 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

නිව්යෝක් නගරයේ බිලි ජින් කිං ජාතික ටෙනිස් මධ්‍යස්ථානයේ ආතර් ඈෂ් ටෙනිස් පිටියේ පැවැති තරගයෙන් චෙක් රාජ්‍යයේ පෙට්රා ක්විටෝවාට එරෙහිව විස්මයජනක ජයග්‍රහණයක් වාර්තා කළ වීනස් විලියම්ස් 23 වැනි වරටත් ග්‍රෑන්ඞ් ස්ලෑම් තරගාවලියක අවසන් පුර්ව තරගයට සුදුසුකම් ලැබීමට සමත්වූවාය. ඇය අමෙරිකානු විවෘත ටෙනිස් තරගාවලියක අවසන් පුර්ව වටයට සේන්දු වුයේ වසර 2010 න් පසුවය.

මීට වසර 20 කට පෙර 17 හැවිරිදි නවයොවුන් ක්‍රීඩිකාවක ලෙස පළමුවරට මේ තරගාවලියට පිවිසි වීනස් 37 හැවිරිදි වියේදිත් ඒ අයුරින්ම දස්කම් දැක්වීම විචාරකයන්ගේ නොමඳ පැසැසුමට හා විස්මයට ලක්වූ කාරණාවකි. ඊයේ රාත්‍රියේ නිව්යෝක් නගරය රැස්වූ නරඹන්නන් කුල්මත් කරමින් 37 හැවිරිදි මේ අමෙරිකානු ක්‍රීඩිකාව ජය ලැබුවේ ලකුණු 6-3 ක්, 3-6 ක් සහ 7-6 ක් ලෙසිනි.

“මේ තරගය දිනාගන්න මම සෑහෙන්න වාසනාවන්ත වුණා” ජයග්‍රහණයෙන් පසුව වීනස් කීවාය.
“ඒක දෙගිඩියාවට පත් කළ තරගයක්. අපිට මේ වගේ තරග ඉදිරියේදී තවත් දැකබලා ගත හැකිවේවි කියලා මං හිතනවා” ඇය එසේ ද කීවාය.

අවසන් පූර්ව තරගයේදී ඇයට මුණගැහෙන්නේ තවත් අමෙරිකානු ක්‍රීඩිකාවක වන ස්ලෝනි ස්ටීවන්ස්ය. ඇය අවසන් පුර්ව වටයට සේන්දු වූයේ ඊයේ පැවැති තරගයෙන් ලැටිවියා රාජ්‍යයේ ඇනස්ටේසිජා සෙවස්ටෝවා ලකුණු 6-3, 3-6 සහ 7-6ක් ලෙස පරාජය කරමිනි.

තරුණ ජවයෙන් පිරුණු මේ තරගාවලියට වයස්ගත ක්‍රීඩිකාවක ලෙස එක්වී අවසන් ක්‍රීඩිකාවන් සිවුදෙනා අතරට සේන්දුවීම ගැන උදම් අනන වීනස් සිය බාල සොයුරිය සෙරීනා සිහිපත් කරන්නටත් අමතක නොකළාය.
“සෙරිනාව මේ මොහොතේ මතක් කළ යුතුමයි. ඇය තමයි මේ ජයග්‍රහණයේ පසුපස සිටියේ” ඇය කීවාය. සිය කුළුඳුල් දරු ප්‍රසූතිය නිසා මේ වසරේ මුල් භාගයේ සිටම ටෙනිස් පිටියෙන් ඈත්වී සිටි සෙරීනා සිය වැඩිමල් සොයුරියගේ ජයග්‍රහණය වෙනුවෙන් වැදගත් උපදෙස් රැසක් දී තිබිණි.

මේ තරගය නැරැඹීමට ක්‍රීඩාංගණයට රැස්ව සිටි 23.000කට ආසන්න ක්‍රීඩාලෝලින් පිරිසෙන් බහුතරයක්ම ඔල්වරසන් දුන්නේ වීනස්ගේ ජයග්‍රහණය වෙනුවෙනි.

“මට එයාලගේ බලාපොරොත්තු බිඳ දමන්න කිසිම උවමනාවක් තිබුණේ නෑ” වීනස් එසේ කීවේ හිනැහෙමිනි.

 

- 077

 


අදහස් (0)

වීනස් විස්මිත ජයග්‍රහණයක

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.