ශූරයන්ගේ කුසලාන ‘ඩයලොග්’ ලීග් පාපන්දු තරගාවලියේ සුපිරි අට දෙනාගේ වටයේ පස්වැනි සතියේ පැවැති තරගවලදී නාවික හමුදාව ගෝල 4-1 කින් පරාජය කළ යුද හමුදා ක‍්‍රීඩකයෝ ප‍්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගැනීමට සමත්වුහ.
සිවුවැනි සතිය අවසානයේදී ප‍්‍රසාද ලකුණු පුවරුවේ පළමු ස්ථානයේ සිටි කොළඹ ක‍්‍රීඩා සමාජය දෙවැනි ස්ථානය දක්වා පියවරක් පසු බැස්සේය. ඒ කොළඹ පිල, ප‍්‍රසාද ලකුණු පුවරුවේ තෙවැනි ස්ථානයේ සිටි රිනවුන් පිල හමුවේ (ගෝල 2-1) ක ලැබු අනපේක්‍ෂිත පරාජය නිසාවෙනි.
රිනවුන් පිල ලකුණු 13 ක් ලබා ප‍්‍රසාද ලකුණු පුවරුවේ තෙවැනි ස්ථානයේ පසුවන්නේ කොළඹ පිලට (ලකුණු 13) අභියෝගයක් වෙමිනි. කොළඹ පිල ගෝල 13 ක් ලබා රැස්කරමින් ලබා ඇති ගෝල සංඛ්‍යවෙන් තවමත් ඉදිරියෙන් සිටින අතර රිනවුන් පිල මේ දක්වා රැස්කර ඇත්තේ ගෝල 11 කි.
පස්වැනි සතියේ තරග කොළඹ සුගතදාස ක‍්‍රීඩාගණයේදී පැවැත්විණ.
යුද හමුදාව සහ නාවික හමුදාව අතර පැවැති තරගයේ 11 වැනි විනාඩියේදී යුද හමුදාවේ නදීක පුෂ්පකුමාර පළමු ගෝලය ලබා ගත්තේය. මධුෂාන් ද සිල්වා, සජිත් කුමාර සහ එන්. එම්. ඉසදීන් යුද හමුදාවේ ජයග‍්‍රාහී නියමුවන් වෙමින් සෙසු ගෝල තුනම ලබා ගත්හ. නාවික හමුදාව වෙනුවෙන් ක‍්‍රිස්ටීන් ප‍්‍රනාන්දු ගෝලය ලැබීය.
ජාවලේන් පිල පරාජය කළ ගුවන් හමුදා පිල ප‍්‍රසාද ලකුණු පුවරුවේ පියවරක් ඉදිරියට යමින් පස්වැනි ස්ථානයට පැමිණි අතර බ්ලූස්ටාර් ක‍්‍රීඩා සමාජය හය වැනි ස්ථානයට වැටිණ.
යුද හමුදා - නාවික හමුදා තරගයේදී යුද හමුදා කී‍්‍රඩකයකුගෙන් පන්දුව ලබාගැනීමට නාවිකයකු උත්සාහ කරමින්
ඡයාරූපය : වරුණ කරුණාසේකර
පස්වැනි සතියේ තරග ප‍්‍රතිඵල:
| 5 වැනි සතිය අවසානයේ ප්‍රසාද ලකුණු සටහන | ||||||||
| කණ්ඩායම | තරග | ජය | විසදුම් රහිත | පරාජ | රැස් කළ ගෝල | එරෙහිව ගෝල | අතිරේක ලකුණු | ප්‍රසාද ලකුණු |
| යුද හමුදා ක්‍රී.සමාජය | 5 | 3 | 2 | 0 | 14 | 7 | 3 | 14.00 |
| කොළඹ පා. සමාජය | 5 | 3 | 1 | 1 | 13 | 5 | 3 | 13.00 |
| රිනවුන් ක්‍රී.සමාජය | 5 | 4 | 1 | 0 | 11 | 3 | 0 | 13.00 |
| නාවික හමුදා ක්‍රී.සමාජය | 5 | 2 | 2 | 1 | 8 | 9 | 0 | 8.00 |
| ගුවන් හමුදා ක්‍රී.සමාජය | 5 | 1 | 2 | 2 | 5 | 8 | 2 | 7.00 |
| බ්ලු ස්ටාර් ක්‍රී.සමාජය | 5 | 0 | 3 | 2 | 6 | 8 | 2 | 5.00 |
| ක්‍රිස්ටල් පැලස් පා.සමාජය | 5 | 0 | 3 | 2 | 8 | 13 | 1 | 4.00 |
| ජාවාලේන් ක්‍රී.සමාජය | 5 | 0 | 0 | 5 | 2 | 14 | 1 | 1.00 |
| යාවත්කාලීන කළේ 29/11/2015 | ||||||||
- 090
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.