Last Update  :  2024-05-20 19:19:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව front_2 මෙසීගේ තහනමෙන් ආජන්ටිනාව අමාරුවේ

මෙසීගේ තහනමෙන් ආජන්ටිනාව අමාරුවේ

සංජය එරමුදුගොඩ - 2017 අප්‍රේ මස 29 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

තරග තහනමකට ලක්වී සිටින සුපිරි ක්‍රීඩක ලයනල් මෙසීගේ දායකත්වය නොලැබීමෙන් ලබන වසරේ පැවැත්වෙන ලෝක කුසලාන පාපන්දු තරගාවලියට සුදුසුකම් ලැබීමේ දුෂ්කර ගැටළුවට මුහුණපෑමට ආජන්ටිනා පාපන්දු පිලට සිදුවනු ඇතැයි ආජන්ටිනාවේ හිටපු සුපිරි ක්‍රීඩක ඩියාගෝ මැරඩෝනා කියයි. පසුගිය මාසයේ පැවැති ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ තරගයක් අතරතුර දී සහය විනිසුරුවරයකුට බැණ වැදීම නිසා ලයනල් මෙසී තරග 4 ක ජාත්‍යන්තර තහනමකට ලක්වී සිටි.

ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් ලැබීමේ දකුණු අමෙරිකානු කලාප තරගාවලියේදී චිලී කණ්ඩායම සමග පැවැති තරගය අතරතුර සහය විනිසුරුවරයකුට බැණ වැදීමත්, තරගයෙන් පසුව ඔහුට අතට අත දීම ප්‍රතික්ෂේප කිරීමත් නිසා ලයනල් මෙසීට මෙම තහනම පනවා තිබේ. මේ හේතුවෙන් ඔහුට පසුගිය මස අවසන් භාගයේ බොලිවියාව සමග පැවැති ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ තරගයට ක්‍රීඩා කළ නොහැකිවුවත් එම තරගය ගෝල් 2-0 කින් ජයගැනීමට ආජන්ටිනාව සමත්විය.

කෙසේ වෙතත් ඉදිරියේදී පැවැත්වෙන තවත් තීරණාත්මක තරග 3 කට ක්‍රීඩා කිරීමට මෙසීට අවසර නොලැබීමෙන් ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ තරගාවලියේ පසුබෑමකට ලක්වීමට ආජන්ටිනාවට සිදුවනු ඇතැයි මැරඩෝනා අනතුරු අඟවයි.

ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් ලබාගැනීමට නම් උරුගුවේ, වෙනිසියුලාව සහ පේරු කණ්ඩායම සමග තරග වැදීමට ආජන්ටිනාවට සිදුවී ඇත්තේ කණ්ඩායමේ ප්‍රබලතම තුරුම්පුව වන මෙසී නොමැතිවය.

දකුණු අමෙරිකානු කලාපයේ ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ තරග ලැයිස්තුවේ පළමු කණ්ඩායම් හතරට ලබන වසරේ රුසියාවේදී පැවැත්වීමට නියමිත පාපන්දු ලෝක කුසලාන තරගාවලියේ දොරටු විවර කෙරේ.

මෙසිගේ තරග තහනම ක්‍රියාත්මක වෙද්දී එම ලැයිස්තුවේ තුන්වැනි තැන සිටි ආජන්ටිනාව දැන් පසුවන්නේ පස්වැනි ස්ථානයේය. තරග ලැයිස්තුවේ පළමු කණ්ඩායම් හතරට එක්වීමට අසමත්වුවහොත් මේ තරගාවලියේ පස්වැනි තැන රැක ගැනීමට හෝ දැඩි සටනක නිරතවීමට ආජන්ටිනාවට සිදුවනු ඇත්තේ සෑම කලාපයකම ලෝක කුසලාන තරග ලැයිස්තු අතරින් පස්වැනි තැනට පත්වන කණ්ඩායම්වලට ලබන නොවැම්බර් මාසයේ පැවැත්වීමට නියමිත තවත් සුදුසුකම් ලැබීමේ තරගාවලියකට එක්වී වාසනාව උරගා බැලීමට අවස්ථාව තිබෙන බැවිනි.

 

- 077

 


අදහස් (0)

මෙසීගේ තහනමෙන් ආජන්ටිනාව අමාරුවේ

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.