Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ක‍්‍රිස් ගේල්ගේ (117) ශතකය නිසා ඉන්දීය ප‍්‍රිමියර් ලීග් (අයි.පී.එල්.) විස්සයි20 ක‍්‍රිකට් තරගාවලියේ 40 වැනි තරගය ලෙස රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් පිල සහ කිංග්ස් XI පංජාබ් පිල අතර බැංගලෝර්හිදී අද (06) පැවැති තරගයෙන් බැංගලෝර් පිල ලකුණු 138 ක දැවැන්ත ජයක් ලැබීමට සමත් විය.
මෙම ජයග‍්‍රහණය අයි.පී.එල්. තරගාවලි ඉතිහාසයේ දෙවැනි විශාලතම ජයග‍්‍රහණය වේ. කොල්කටා නයිට් රයිඩර්ස් පිල 2008 වසරේ ලකුණු 140 කින් බැංගලෝර් පිල පරාජය කරමින් විශාලතම ජයට හිමිකම් කියයි.
ලකුණු 227 ක දැවැන්ත ඉලක්කය හඹාගිය පංජාබ් පිල ඕවර 13.4 කදී ලකුණු 88 කට සීමා විය.
මිචෙල් ස්ටාක් (15/4) සහ ශ්‍රීනාත් අරවින්ද් (27/4) පංජාබ් පිලේ කඩුලූ 8 ක් බෙදා ගත්හ. ප‍්‍රවේගකාරී පිතිකරුවන් වන ග්ලේන් මැක්ස්වෙල් (01) සහ ඬේවිඞ් මිලර් (07) දැවී යෑමෙන් පංජාබ් පිලේ බලාපොරොත්තු සුන්විය.
පළමුව පන්දුවට පහර දුන් බැංගලෝර් පිලේ ක‍්‍රිස් ගේල් වේගවත් ඉනිමක් ක‍්‍රීඩා කරමින් පන්දු 57 කදී හතරේ පහර 7 ක් සහ හයේ පහර 12 ක් සමගින් ලකුණු 117 ක් රැස්කරමින් පංජාබ් පන්දු යවන්නන් අමාරුවේ දැමීය.
ගේල්ගේ අර්ධ ශතකය පන්දු 22 කදී ද, ශතකය පන්දු 46 කදී සම්පූර්ණ විය. මෙය ක‍්‍රිස් ගේල්ගේ 14 වැනි විස්සයි20 ශතකය වේ.
ක‍්‍රිස් ගේල් අයි.පී.එල්. තරගයකදී රැස්කළ පස්වැනි ශතකය මෙය වන අතර ගේල් 2013 වසරේ නොදැවී ලකුණු 175 ක් රැස්කරමින් ඉහළතම අයි.පී.එල්. ඉනිමට හිමිකම් කියයි.
ක‍්‍රිස් ගේල් සහ විරාට් කෝලි පන්දු 68 කදී ලකුණු 119 ක ආරම්භක සම්බන්ධතාවක් පැවැත්වීමට සමත් වූහ.
මෙම ලකුණු 226 මෙවර තරගාවලියේ කණ්ඩායමක් ඉනිමකදී මේ දක්වා රැස්කළ ඉහළතම ලකුණු සංඛ්‍යාව වේ. චෙන්නායි පිල හයිද්‍රාබාද් පිලට එරෙහිව රැස්කළ ලකුණු 209 මෙවර තරගාවලියේ ඉහළතම ලකුණු සංඛ්‍යාව ලෙස සටහන්ව තිබුණි.
පංජාබ් පිලේ නායක ජෝජ් බේලි කාසියේ වාසිය ලබා පළමුව පන්දුවට පහර දීමට බැංගලෝර් පිලට ආරාධනා කළේය. පංජාබ් සංචිතයට ශ්‍රී ලංකා තුන් ඉරියව් ක‍්‍රීඩක තිසර පෙරේරා ඇතුළත්ව සිටිය ද මෙම තරගයේදී විදේශ ක‍්‍රීඩකයන් සිවුදෙනාට ඇතුළත්වූයේ නැත.
රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් පිල ඕවර 20 කදී කඩුලූ 3 ට 226
(ක‍්‍රිස් ගේල් නොදැවී 117, විරාට් කෝලි 32, ඒ. බී. ඩිවිලියස් නොදැවී 47, සන්දීප් ශර්මා 41/2)
කිංග්ස් XI පංජාබ් පිල ඕවර 13.4 කදී සියලූ දෙනා දැවී 88
(රිදීමන් සාහා 13, අක්ෂාර් පටෙල් නොදැවී 40, මිචෙල් ස්ටාක් 15/4, ශ්‍රීනාත් අරවින්ද් 27/4)
- 048
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.