Last Update  :  2025-07-23 19:57:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Football ගෝල 71 න් 38 ක්ම ශ්‍රී ලංකා දැලට

ගෝල 71 න් 38 ක්ම ශ්‍රී ලංකා දැලට

editorial - 2025 ජුලි මස 23 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(නාමල් පතිරගේ)

ඩැකා නුවරදී නිමාව දුටු සත්කාරක බංගලාදේශය විසින් ශූරතාව දිනා ගත් හය වැනි දකුණු ආසියානු (සාෆ්පා)පන්දු වයස 20 න් පහළ (කාන්තා)තරගාවලියේදී ශ්‍රී ලංකාවට සිව් වැනි  (අවසන්) ස්ථානයෙන් සෑහීමට පත්වීමට සිදු විය.

කෙසේවූවත් ශ්‍රී ලංකා කණ්ඩායමට එරෙහිව ප්‍රතිවාදිනියන් තරග හයකදී ගෝල 38 ක් රැස් කිරීමට සමත්වීම කැපී පෙණුනි. එහෙත් ශ්‍රී ලංකා කණ්ඩායම එහිදී ඔවුන්‍ට එරෙහිව රැස් කිරීමට සමත් වූයේ එකම ගෝලයක් පමණි. අදියර දෙකකින් ප්‍රතිවාදිනියන් එකි නෙකාට එරෙහිව දෙවරක් මුණ ගැසුණු තරගාවලියේ ශ්‍රී ලංකාව සහභාගි වූ පළමු තරගයේදී බංග්ලාදේශයට එරෙහිව වාර්තා වූ එම එකම ගෝලය ලයන්සිකා ජාසෝකරන් රැස් කිරීමට සමත් වූවාය.

තරගාවලියේ ශූරතාව මෙවරත් අපරාජිතව ප්‍රසාද ලකුණු 18 කට දිනා ගැනීමට සත්කාරක බංග්ලාදේශය සමත් විය. රටවල් හතරකට මෙවර සීමාවූ තරගාවලියේ තරග 24 කදී ගෝල 71 ක් වාර්තාවී තිබේ. එසේ වීමේදී ඉන් 38 ක්ම ශ්‍රී ලංකාව එරෙහිව වාර්තාවීම කැපී පෙනෙන්නකි.

ප්‍රසාද ලකුණු 12 ක් රැස් කළ නේපාලය අනුශූරතාවද හා ශ්‍රී ලංකාවට එරෙහිව පැවැති තරග දෙකම ජය ගැනීමෙන් භූතානය ප්‍රසාද ලකුණු හයක් ලබා තෙවැනි ස්ථානයද අත් කර ගත්තේය.ශ්‍රී ලංකාව මුහුණ දුන් තරග හයෙන්ම පරාජයවූ බැවින් කිසිදු ප්‍රසාද ලකුණක් ඔවුන්ට හිමි නොවීය. තරගාවලියේ ශූරතාව දිනා ගත් බංග්ලාදේශය ප්‍රතිවාදීනීයන්ට එරෙහිව ගෝල 24 ක් ලබද්දී ඔවුන් ප්‍රතිවාදීනියන්ට එරෙහිව ගෝල හතරක් පමණක් ලබාදීමට පරිස්සම්වී තිබේ.

තරගාවලියේ දක්ෂතම  ක්‍රීඩිකාව වූයේ මුළු තරගාවලිය පුරා ගෝල 10 ක් වාර්තා කළ නේපාල ක්‍රීඩිකා පූර්ණිමා රායි විසිනිගඉන් ගෝල තුනක් ශ්‍රී ලංකාව සමග පැවැති තරග දෙකේදී ඇය විසින් වාර්තා කරන ලදී.

තරගාවලියේ විනය ගරුකම කණ්ඩායම ලෙස ශ්‍රී ලංකා කණ්ඩායම එහිදී ඇගයීමට ලක් විය. මෙම තරග සංචාරයේදී සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායමට හත් දෙනෙකුගෙන් සමන්විත පුහුණු කාර්ය මණ්ඩලයක සේවය ලැබුණිග ප්‍රධාන පුහුණුකරු ලෙස ෂිරන්ත කේගකුලරත්න මහතා කටයුතු කළේය.

මෙම තරග සංචාරයේදී ශ්‍රී ලංකාවේ පසු බෑම පිළිබදව ලංකාදීප ය කළ විමසුමකදී අදහස් දැක්වූ ශ්‍රී ලංකා පාපන්දු ආයතනයේ සභාපති ජස්වර් උමාර් මහතා මෙසේ පැවැසීය.

 ළාබාල ක්‍රීඩිකාවන් පිරිසකට අත්දැකීම් ලබා දෙන්න මූලිකවම අපි මෙම තරග සංචාරය සූදානම් කළාගනමුත් එතන අනාගතයක් තියන දක්ෂතා හෙබි ක්‍රීඩිකාවන් ගණනාවක්ද ඉන්නවාගඔවුන් ජාතික කාන්තා සංචිතයට කැදවන්න අපි බලාපොරොත්තුව ඉන්නවා.

ඒ වගේම රටේ කාන්‍තා පාපන්දු ක්‍රීඩාවේ පූර්ණ වෙනසක් කිරීමට පාපන්දු ආයතනය කටයුතු කරනවාගමිනි කාන්තා පාපන්දු ක්‍රීඩාවට රටේ වැඩි ඉඩක් දෙමින් ඉදිරියට යන්න දැන් අපි අදහස් කර ගෙන ඉන්නවා,

වසර 2025 ශ්‍රී ලංකා පාපන්දු ආයතනයේ වියදම් හා ආදායම් ඇස්තමේන්තුවට අනුව මෙරට ජාතික කාන්තා පාපන්දු ප්‍රවර්ධන වැඩ සටහනට රුපියල් කෝටි අටකට ආසන්න මුදලක් වෙන් කර තිබේ.

මේ අතර ආසන්නයේදී  පැවැති ආසියානු කුසලාන (2026) පාපන්දු (කාන්තා) නිර්දේශ තරග වටයට සහභාගි වූ ශ්‍රී ලංකා ජාතික පාපන්දු  (කාන්තා) කණ්ඩායම සහභාගිවූ තරග තුනේදී ගෝල 20 - 0 ක් තරම් ඉහළ අගයකින් ප්‍රතිවාදීනියන්ට පරාජය විය.

 

හය වැනි දකුණු ආසියානු පාපන්දු  (කාන්තා) තරගාවලියේ අදියර දෙකේදී ශ්‍රී ලංකාව අත් කර ගත් ප්‍රතිඵල  - (වයස 20න් පහළ)

• බංගලාදේශයට එරෙහිව ගෝල 9 - 1 ක හා ගෝල 5 - 0 ක පරාජයක්.

• නේපාලයට එරෙහිව ගෝල 7 - 0 ක හා ගෝල 7 - 0 ක පරාජයක්

• භූතානයට එරෙහිව ගෝල 5 - 0 ක හා ගෝල 5 - 0 ක පරාජයක්


අදහස් (0)

ගෝල 71 න් 38 ක්ම ශ්‍රී ලංකා දැලට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.