Last Update  :  2025-07-19 11:09:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Football මාවනැල්ල යුනයිටඩ් - ග්‍රේට් ස්ටාර් පළමු පෙළ අවසන් තරගය අද

මාවනැල්ල යුනයිටඩ් - ග්‍රේට් ස්ටාර් පළමු පෙළ අවසන් තරගය අද

editorial - 2025 ජුලි මස 19 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(නාමල් පතිරගේ)

ශ්‍රී ලංකා පාපන්දු ආයතනය සංවිධානය කළ අන්තර් සමාජ පාපන්දු පළමු පෙළ තරගාවලියේ දෙවැනි අදියර අවසන් මහ තරගය අද (19) පස්වරු 5 ට කොළඹ රීඩ් මාවත ක්‍රීඩා සංකීර්ණයේදී පැවැත්වේ. කණ්ඩායම් 16 ක් තරග වැදුණු එහිදී ප්‍රතිවාදීන් එකි නෙකා දෙවතාවක් මුණ ගැසෙමින් තරග වැදීමේදී අවසන් පූර්ව තරග හතරක් හා අවසන් තරග දෙකක් තරග සැලැස්මට ඇතුළත්ව තිබේ.

ඒ අනුව අවසන් පූර්ව තරග ජයග්‍රාහකයන් වූ මාවනැල්ල යුනයිටඩ් කණ්ඩායම හා ග්‍රේට් ස්ටාර් කණ්ඩායම අතර  මාවනැල්ලේදී පැවැති පළමු අදියර අවසන් මහ තරගයෙන් මාවනැල්ල යුනයිටඩ් කණ්ඩායම ගෝල 1 - 0 ක් ලෙස ජය ගනිමින් පෙරමුණේ පසු වෙයි.

ඒ අනුව රුපියල් මිලියනයක තෑගි මුදලක් සමග හිමි වන කුසලාන දිනා ගැනීමට නම් අද කොළඹදී පැවැත්වෙන තීරණාත්මක දෙවැනි අවසන් තරගය වැඩි ගෝල පරතරයකින් ජය ගැනීමේ අභියෝගය ග්‍රේට් ස්ටාර් කණ්ඩායමට එල්ලවී තිබේ.

කෙසේවූවත් අද දෙවැනි අවසන් තරගය ජය පරාජයෙන් තොරව අවසන් කළත් මාවනැල්ල කණ්ඩායමට කුසලාන සතු කර ගැනීමට එය ප්‍රමාණවත්ය.ඒ අතර තරග දෙකේම ප්‍රතිපලය සමවුවහොත් දඬුවම් පහර මගින් ජයග්‍රාහකයා තීරණය කෙරේ.

සුපිරි අට (දෙවැනි) වටයෙන් පසුව පැවැති අවසන් පූර්ව වටයේදී දෙවතාවක් ප්‍රතිවාදීන් එකි නෙකාට එරෙහිව මුණ ගැසීමේදී ග්‍රේට් ස්ටාර් කණ්ඩායම විසින් ආදි මැසිනෝද් කණඩායම ගෝල 5 -1 ක් හා 3 - 2 ක් පරිදි පරාජය කරමින් අවසන් තරග සදහා නිර්දේශ ලැබීය.

මාවනැල්ල යුනයිටඩ් කණ්ඩායම එහිදී ගෙලිඔය ක්‍රීඩා සමාජය ගෝල 5 -1 කින් හා 3 - 2 කින් පරාජය කරමින් අවසන් තරග සදහා ප්‍රවේශ විය.මෙවර තරගාවලියේ අනුශූරතාව සදහා රුපියල් ලක්ෂ පහක් ප්‍රදානය කෙරේ.

 

මාවනැල්ල යුනයිටඩ් කණ්ඩායම

 

ග්‍රේට් ස්ටාර් කණ්ඩායම


අදහස් (0)

මාවනැල්ල යුනයිටඩ් - ග්‍රේට් ස්ටාර් පළමු පෙළ අවසන් තරගය අද

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.