
(දමින්ද විජේසූරිය)
ශ්‍රී ලංකාව සහ සිම්බාබ්වේ අතර මේ මස 29 වැනිදා ආරම්භ වන තරග දෙකකින් යුත් එක්දින තරගාවලිය සඳහා නම්කරන ලද සංචිතයට නුවනිඳු ප්‍රනාන්දු සහ පවන් රත්නායක ඇතුළත්ව සිටිති. මෙම පිතිකරුවෝ දෙදෙනාම පසුගිය මාසයේදී පැවැති ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායමේ ඕස්ටේ්‍රලියානු සංචාරයේදී ඉතාමත් හොඳින් දස්කම් දැක්වූහ.
පවන් රත්නායක මාස කිහිපයක සිටම ශ්‍රී ලංකා කණ්ඩායමේ දොරටුවට තට්ටු කරමින් සිටි මැද පෙළ පිතිකරුවෙකි. නුවනිඳු ප්‍රනාන්දු ශ්‍රී ලංකා කණ්ඩායමේ අංක 4 ස්ථානයේ ක්‍රීඩා කිරීමට නියමිතය. මේ වන විට මෙම පිතිකරුවෝ දෙදෙනාම ඉතාමත් හොඳින් ලකුණු අතර සිටිති.
ශ්‍රී ලංකාව සහ සිම්බාබ්වේ අතර පළමු එක්දින තරගය මේ මස 29 වැනිදා පැවැත්වෙන අතර දෙවැනි එක්දින තරගය 31 වැනිදා පැවැත්වේ. ශ්‍රී ලංකා කණ්ඩායම සෙනසුරාදා අලුයම සිම්බාබ්වේ බලා පිටත්ව යයි.
ශ්‍රී ලංකා එක්දින සංචිතය
චරිත් අසලංක (නායකයා), පැතුම් නිස්සංක, නිශාන් මධුෂ්ක, කුසල් මෙන්ඩිස්, සධීර සමරවික්‍රම, නුවනිඳු ප්‍රනාන්දු, කමිඳු මෙන්ඩිස්, ජනිත් ලියනගේ, පවන් රත්නායක, දුනිත් වෙල්ලාලගේ, මිලාන් රත්නායක, මහීෂ් තීක්‍ෂණ, ජෙෆ්රි වැන්ඩසේ, අසිත ප්‍රනාන්දු, දුෂ්මන්ත චමීර සහ ඩිල්ෂාන් මධුශංක
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.