Last Update  :  2025-05-14 15:37:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව front_2 නවසීලන්තය තවමත් ලකුණු 380 ක් පසුපසින්

නවසීලන්තය තවමත් ලකුණු 380 ක් පසුපසින්

දිලිනි මල්රුක්ෂි - 2014 නොවැ මස 11 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

පාකිස්තානය සහ නවසීලන්තය අතර අබු ඩාබිහි ශෙයික් සයිඞ් කී‍්‍රඩාංගණයේදී පැවැත්වෙන පළමු ටෙස්ට් කි‍්‍රකට් තරගයේ තෙවැනි දිනය වන අද (11 වැනිදා) තේ පානය සඳහා තරගය නතර කරන විට පළමු ඉනිම වෙනුවෙන් පන්දුවට පහරදෙමින් සිටි නවසීලන්ත පිල කඩුලූ 5 දැවී ලකුණු 186 ක් ලබා සිටියේය.

තේ පානය සඳහා තරගය නතර කරන විට ටොම් ලේතම් නොදැවී ලකුණු 87 සහ බෙන් වොට්ලිං නොදැවී ලකුණු 13 ක් ලබා කඩුල්ලේ රැදීසිටියහ. ඒ අනුව ඔවුහු පාකිස්තානයට වඩා තවත් ලකුණු 380 ක් පසුපසින් සිටිති.

පළමු ඉනිම වෙනුවෙන් පන්දුවට පහරදුන් පාකිස්තාන පිල කඩුලූ 3 ක් දැවී ලකුණු 566 ක් ලබා සිටියදී ඉනිම අත්හිටුවා නවසීලන්ත පිලට පන්දුවට පහරදීමට ආරාධනා කර සිටියේය. පළමු කඩුල්ල වෙනුවෙන් ලකුණු 178 ක සම්බන්ධතාවක් ගොඩනැගූ මොහොමඞ් හෆීස් (96) සහ අහමඞ් ශෙෂාඞ් (176) පාකිස්තාන පිලට සාර්ථක ආරම්භයක් ලබාදුන්හ.

එහිදී තම ටෙස්ට කි‍්‍රකට් දිවියේ තෙවැනි ශතකය මෙන්ම ඉහළම ලකුණු සංඛ්‍යාව ලබාගත් අහමඞ් ශෙෂාඞ්, ඊට හතරේ පහර 14 ක් ඇතුළත් කළේය.

සිව්වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 193 ක නොබිඳුණ සම්බන්ධතාවක් ගොඩනැගූ යුනිස් ඛාන් (නොදැවී 100) සහ මිස්බා උල් හක් (නොදැවී 102) පාකිස්තාන පිලේ ලකුණු සංඛ්‍යාව ඉහළ දැමූහ.

කාසියේ වාසිය දිනූ පාකිස්තාන පිල පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කළේය.

පාකිස්තාන පළමු ඉනිම - කඩුලූ 3 ක් දැවී 566
(මොහොමඞ් හෆීස් 96, අහමඞ් ශෙහෙසාද් 176, අසාර් අලී 87, යුනිස් ඛාන් නොදැවී 100, මිස්බා උල් හක් නොදැවී 102, කෝරි ඇන්ඩර්සන් 68/2)

නවසීලන්ත පළමු ඉනිම - කඩුලූ 5 ක් දැවී 186
(ටොම් ලේතම් නොදැවී 87, බ්‍රෙන්ඩන් මැකලම් 18, කෝරි ඇන්ඩර්සන් 48, රාහට් අල 10/2, ශුල්ෆිකර් බාබර් 50/2)

036


අදහස් (0)

නවසීලන්තය තවමත් ලකුණු 380 ක් පසුපසින්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.