Last Update  :  2024-05-18 09:23:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව front_2 කොලින්ගෙන් අධිවේගී ශතකයක්

කොලින්ගෙන් අධිවේගී ශතකයක්

සංජය එරමුදුගොඩ - 2017 දෙසැ මස 02 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

සිය හත්වැනි ටෙස්ට් තරගයට ක්‍රීඩා කරමින් සිටින නවසීලන්ත තුන් ඉරියව් ක්‍රීඩක කොලින් ඩි’ග්‍රැන්ඞ්හෝම් ටෙස්ට් ඉතිහාසයේ 9 වැනි වේගවත්ම ශතකයට ලබාගැනීමට සමත් විය. බටහිර ඉන්දීය කොදෙව් පිලට එරෙහිව වෙලින්ටන්හිදී පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ දෙවැනි දිනය වන අද (2 වැනිදා) ග්‍රැන්ඞ්හෝම් කළ ප්‍රවේගකාරී පිතිහරඹය නිසා තරගයේ දෙවැනි දිනය නිමා වන විට නවසීලන්ත පිල කඩුලු 9 ක් දැවී ලකුණු 447 ක් ලබා සිටියේය.

පළමු දිනයේදීම කොදෙව් පිල විනාශ කර දැමූ නීල් වැග්නර් ලකුණු 39 කට කඩුලු 7 ක් බිඳ හෙළමින් කොදෙව් මුල් ඉනිම ලකුනු 134 කට සීමා කළ හෙයින් නවසීලන්තය මේ වන විටත් ලකුණු 313 ක් ඉදිරියෙන් සිටී. ලකුණු 105 දී කොලින් දැවී යන විට ඔහුගේ ඉනිම හයේ පහර 3 කින් සහ හතරේ පහර 11 කින් සමන්විත විය.

දෙවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 127 ක සම්බන්ධතාවක් ගොඩනැංවූ රොස් ටේලර් (93) සහ හෙන්රි නිකොල්ස් (67) පසුපෙළ පිතිකරුවන්ට නිදහසේ ලකුණු  ලබාගැනීමේ වේදිකාව සකස් කර දුන්හ. එහි අනුයාත ප්‍රතිඵලය වූයේ කොලින් ඩි ග්‍රැන්ඞ්හෝම් සහ ටොම් බ්ලන්ඩෙල් එක්ව හත්වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 148 ක සම්බන්ධතාවක් ගොඩනැංවීමයි.

සිය මංගල ටෙස්ට් තරගයට ක්‍රීඩා කරමින් සිටින ටොම් බ්ලන්ඩෙල් නොදැවී ලකුණු 57 ක් ලබාගනිමින් තවමත් කඩුල්ලේ රැඳී සිටී.

මිගෙල් කමින්ස් විසින් එවන ලද පළමු පන්දුවට ප්‍රවේසමෙන් මුහුණ දුන් කොලින් ඔහුගේ ඊළඟ පන්දු දෙකම හතරේ සීමාවට යැවීය.

සිය 17 වැනි ටේස්ට් ශතකයට ආසන්න වෙමින් සිටි රොස් ටේලර් දවාගැනීමට රූපවාහිනී විනිසුරුවරයාගේ සහයෝගය ලබාගත් කොදෙව්වෝ ඔහුගේ පන්දු 160 ඉනිම අවසන් කළහ.

 

 


අදහස් (0)

කොලින්ගෙන් අධිවේගී ශතකයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.