Last Update  :  2025-10-25 20:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව front_2 ඕස්ටේ‍්‍රලියානුවෝ සටනට බසිති

ඕස්ටේ‍්‍රලියානුවෝ සටනට බසිති

සංජය එරමුදුගොඩ - 2013 අගෝ මස 03 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

මයිකල් ක්ලාක්ගේ විශිෂ්ට ඉනිමෙන් සවිමත් වූ  ඕස්ටේ‍්‍රලියානු කණ්ඩායම මැන්චෙස්ටර් නුවර  ඕල්ඞ් ට‍්‍රැෆර්ඞ් කී‍්‍රඩාංගණයේදී පැවැත්වෙන තුන්වැනි අළුබඳුන ටෙස්ට් තරගයේ දෙවැනි දිනය වූ ඊයේ (2 වැනිදා) සවස කී‍්‍රඩාව නතර කිරීමට පෙර එංගලන්ත පිලේ කඩුලූ දෙකක් බිම දමමින් තරගයේ වාසිය තමන් වෙත හරවා ගත්හ.

ඕස්ටේ‍්‍රලියානු පිල පළමු ඉනිමේදී කඩුලූ 7 ක් දැවී ලකුණු 527 ක් ලබාගත් අතර එංගලන්ත පිලේ කඩුලූ දෙකක් ලකුණු 52 කට දවාගැනීමට සමත් විය.

ඕස්ටේ‍්‍රලියාව වෙනුවෙන් අති විශිෂ්ට පිතිහරඹයක නිරත වූ මයිකල් ක්ලාක්, හතරේ පහර 23 ක් සමගින් ලකුණු 187 ක් ලබාගත් අතර පසුපෙළ පිතිකරුවන් වූ බ‍්‍රැඞ් හැඩින් (නොදැවී 65) සහ මිචෙල් ස්ටාක් (නොදැවී 66) එක්ව අටවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 97 ක් එක් කිරීමත් සමගම  ඕස්ටේ‍්‍රලියානුවෝ ඉනිම නැවතූහ.

තරගාවලියේ පළමු තරග දෙකම ජයගත් එංගලන්ත කණ්ඩායම මේ වන විට 2-0 ක් ලෙස ඉදිරියෙන් සිටී.

 ඕස්ටේ‍්‍රලියාව පළමු ඉනිම කඩුලූ 7 ට 527 යි
(ෂේන් වොට්සන් 19, කි‍්‍රස් රොජර්ස් 84, මයිකල් ක්ලාක් 187, ස්ටීවන් ස්මිත් 89, බ‍්‍රැඞ් හැඩින් නොදැවී 65, මිචෙල් ස්ටාක් නොදැවී 66, ගේ‍්‍රඒම් ස්වෝන් 159/5)

එංගලන්තය පළමු ඉනිම කඩුලූ 2 ට 52
(ඇලිස්ටෙයාර් කුක් නොදැවී 36, පීටර් සිඞ්ල් 07/2)

 


අදහස් (0)

ඕස්ටේ‍්‍රලියානුවෝ සටනට බසිති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.