Last Update  :  2024-05-18 09:23:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව front_2 ඕස්ට්‍රේලියාව කඩුලු 4 ට 209 යි

ඕස්ට්‍රේලියාව කඩුලු 4 ට 209 යි

සංජය එරමුදුගොඩ - 2017 දෙසැ මස 02 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

සංචාරක එංගලන්ත කණ්ඩායම සහ ඕස්ට්‍රේලියානු කණ්ඩායම අතර පැවැත්වෙන අළුබඳුන ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ දෙවැනි තරගයේ ආරම්භක දිනය වූ අද (2 වැනිදා) ක්‍රීඩාව නතර කරන විට පළමු ඉනිම සඳහා පන්දුවට පහරදෙමින් සිටි ඕස්ට්‍රේලියානු කණ්ඩායම කඩුලු 4 ක් දැවී ලකුණු 209 ක් ලබා සිටියේය.

දිවා - රාත්‍රී තරගයක් ලෙස පැවැත්වෙන මෙම තරගයේ පළමු දිනය සඳහා ක්‍රීඩාව නතර කරන විට පන්දුවට පහරදෙමින් සිටි පීටර් හෑන්ස්කොම්බ් හතරේ පහර 5 ක් සමග නොදැවී ලකුණු 36 ක්ද, ෂෝන් මාෂ් හතරේ පහර 2 ක් සමග නොදැවී ලකුණු 20 ක්ද බැගින් ලබා කඩුල්ලේ රැදී සිටියහ.

කෙසේ වුවත් නායක ස්ටීවන් ස්මිත්ද ඇතුළත්ව ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ මුල් කඩුලු 4 ලකුණු 161 ක් තුළ දවාගත් එංගලන්ත පන්දු යවන්නෝ තරගයේ පළමු දිනයේ වැඩි ගෞරව ඕස්ටේ්‍රලියානුවන්ට අත්කරගැනීමට අවස්ථාව නොදුන්හ.

මුලු ලකුණු සංඛ්‍යාව 33 ක් වන විට ලකුණු 10 ක් ලබා සිටි කැමරන් බෙන්ක්‍රොෆ්ට් දුවද්දී දවාගැනීමකට හසුකර ගැනීමට ක්‍රිස් වෝක්ස් සමත් විය. එතැන් සිට උස්මන් කවාජා (53) සමග එක්ව දෙවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 53 ක සම්බන්ධතාවක් ගොඩනැගූ ඩේවිඩ් වෝනර්, ලකුණු 47 ක් ලබා සිටියදී අර්ධ ශකය පෙනි පෙනී ඉතා අවසනාවන්ත ලෙස දැවී ගියේය. ක්‍රිස් වෝක්ස්ගේ පන්දුවක් හමුවේ කඩුලු රකින ක්‍රීඩක ජොනී බෙයාස්ටෝ අතට උඩ පන්දුවක් දෙමින් දැවීයන විට වෝනර්ගේ ඉනිමට හතරේ පහර 5 ක් ඇතුළත්ව තිබිණ.

සිය ටෙස්ට් ක්‍රිකට් දිවියේ 9 වැනි අර්ධ ශතකය ලබාගත් උස්මන් කවාජා එය හතරේ පහර 8 කින් අලංකාර කළේය. කෙසේ වුවත් අර්ධ ශතකය සම්පූර්ණ කිරීමෙන් අනතුරුව ඔහුට වැඩි වේලාවක් පිටියේ රැදී සිටීමට ඉඩක් නොලැබුණු අතර ජේම්ස් ඇන්ඩසන්ගේ පන්දුවක් හමුවේ ජේම්ස් වින්ස් අතට උඩ පන්දුවක් දීම නිසා ඔහුට පිටියෙන් ඉවත්ව යෑමට සිදුවිය.

බ්‍රිස්බේන්හිදී පැවැති පළමු ටෙස්ට් තරගයේ දෙවැනි ඉනිමේදී අගනා ශතකයක් (නොදැවී 141) ලබාගත් නායක ස්ටීවන් ස්මිත්ගේ ඉනිම මෙහිදී ලකුණු 40 කට සීමා කිරීමට සිය මංගල ටෙස්ට් තරගයට ක්‍රීඩා කරන ක්‍රේග් ඔවර්ටන් සමත් විය. ඔවර්ටන් යැවූ පන්දුවක් කඩුල්ලේ වැදීම නිසා ස්මිත්ට ආපසු ක්‍රීඩාගාරය බලා යෑමට සිදුවූ අතර ඒ වන විට ඔහුගේ ඉනිම හතරේ පහර 3 කින් සමන්විත වී තිබිණ.

 

- 036

 


අදහස් (0)

ඕස්ට්‍රේලියාව කඩුලු 4 ට 209 යි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.