Last Update  :  2024-05-18 09:23:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව front_2 ඕස්ට්‍රේලියානුවෝ ජය මාවතට පිවිසෙති

ඕස්ට්‍රේලියානුවෝ ජය මාවතට පිවිසෙති

Nisanka Sandeepani - 2017 නොවැ මස 26 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

වසර තුනකට ඉහතදී පැවැති අළු බඳුන තරගාවලියේදී එංගලන්තයට දුන් සම්පූර්ණ සුද්ධය සිහිපත් කළ ඕස්ට්‍රේලියානු වේග පන්දු යවන්නෝ එංගලන්ත දෙවැනි ඉනිමේදී පසුපෙළ පිතිකරුවන්ට බවුන්සර් පන්දු වරුසාවකින් දමා ගැසූහ. එහි ප්‍රතිඵලයක් ලෙසින් බ්‍රිස්බේන් පැවැත්වෙන පළමු වැනි අළු බඳුන ටෙස්ට් තරගයේදී එංගලන්ත දෙවැනි ඉනිම ලකුණු 195 කින් නිමා වූ අතර ඕස්ට්‍රේලියානුවන්ට ලකුණු 170 ක ජයග්‍රාහී ඉලක්කයක් ලැබිණ. 

තරගයේ සිවුවැනි දිනය වූ අද (26 වැනිදා) සවස ක්‍රීඩාව නතර කරන විට ඕස්ට්‍රේලියානු පිල සිය දෙවැනි ඉනිම වෙනුවෙන් කිසිවකු නොදැවී ලකුණු 114 ක් ලබා සිටියේය. ජයග්‍රහණය වෙනුවෙන් අවශ්‍ය ලකුණු 56 ලබාගැනීමට සඳහා ඕස්ට්‍රේලියානු පිලට සම්පූර්ණ දිනයක කාලයක් ඉතිරිවී තිබේ. ඕස්ට්‍රේලියානු ආරම්භක පිතිකරුවන් වන ඬේවිඞ් වෝනර් (නොදැවී 60) සහ කැමරන් බැන්ක්‍රොෆ්ට් (නොදැවී 51) කඩුල්ලේ රැඳී සිටිති. 

ඕස්ට්‍රේලියානු වේග පන්දු යවන්නන් අතර වඩාත්ම භයානක පන්දු යවන්නා ලෙසින් සැලකෙන මිචෙල් ස්ටාක් සිය කඩුලු තුන දවාගත්තේ බවුන්සර් පන්දු වලිනි. ස්ටාක්ගේ අඩිපාරේ යමින් පැට් කමින්ස්ද බවුන්සර් පන්දු සෙල්ලම පටන් ගත් අතර ජේක් බෝල් දැවී යාමත් සමගින් එංගලන්ත පිලේ අවසන් කඩුලු හතරම ලකුණු 10 කට බිඳ වැටිණ. 

තරගයෙන් පසුව මිචෙල් ස්ටාක් පැවසූයේ ඉදිරියේදී බවුන්සර් පන්දු තව තවත් බලපොරොත්තු වන ලෙයසි. 

“සියලුම ඉංග්‍රීසි පිතිකරුවන්ට අපි ළඟ සැලසුම් තියෙනවා. ඒ වගේම ඒ ගොල්ලන්ගේ පිතිකරු ලයිස්තුවේ අග ගැනත් අපි අවධානය යොමු කරලයි තියෙන්නේ”
“මේ තරගාවලිය ඉදිරියට යද්දි තව තවත් බවුන්සර් පන්දු බලාපොරොත්තු වෙන්න පුළුවන්”
යයිද මිචෙල් ස්ටාක් පැවසීය.  

කෙසේ වෙතත් ඕස්ට්‍රේලියානු වේග පන්දු යවන්නන්ගේ ශාරීරික සුවතාව සම්බන්ධයෙන් මේ වන විට විශාල කතාබහක් ඇතිවී තිබේ. මිචෙල් ස්ටාක් සහ පැට් කමින්ස්ද නිතරම ආබාධවලට ලක්වන අතර ජොස් හේසල්වුඞ්ද ඒ ලයිස්තුවේම සිටින්නෙකි. ඔවුන්ගේ සැනසීමට කාරණය වන්නේ නේතන් ලයන් පන්දු යවන්නන් අතර ඉදිරියෙන් සිටීමයි. අද දිනයේදී ඕවර 24 ක් යවමින් ලකුණු 67 කට කඩුලු 3 ක් දවාගැනීමට නේතන් ලයන් සමත් විය. 

අළු බඳුන තරගාවලිය ආරම්භ වීමට පෙරම නේතන් ලයන් එංගලන්ත ක්‍රීඩකයන්ට සරදම් කර තිබිණ. 
“පසුගිය දවස්වල එයා ටිකක් කියෙව්වා වැඩී තමා. මේ පාර පන්දුව එයාගේ අතේ තිබුණ එක හොඳයි” යයිද ස්ටාක් පැවසීය. 


අදහස් (0)

ඕස්ට්‍රේලියානුවෝ ජය මාවතට පිවිසෙති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.