Last Update  :  2024-05-04 10:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව front_2 එංගලන්තයේ බලාපොරොත්තු බොඳවෙයි

එංගලන්තයේ බලාපොරොත්තු බොඳවෙයි

සංජය එරමුදුගොඩ - 2018 පෙබ මස 25 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

සයකොන් රග්බි ශූරතාවලියේ මෙවරත් ග්‍රෑන්ඩ් ස්ලෑම් නම්බුව සහිතව (අපරාජිතව) ශූරතාව දිනාගැනීමට එංගලන්තය මැවූ සිහින බිඳ දැමූ ස්කොට්ලන්ත ක්‍රීඩකයෝ ප්‍රහාරාත්මක ක්‍රීඩා ශෛලියක යෙදෙමින් ලකුණු 25-15 ක ජයක් අත්කරගත්හ.

ස්කොට්ලන්තයේ මෙරිෆීල්ඩ් පිටියේ ඊයේ පැවැති මේ තරගය වත්මන් ශූරයන් වන එංගලන්තයේ පුහුණුකරු එඩී ජෝන්ස් ලැබූ දෙවැනි පරාජයයි. වසර 10කට පසුව සිය සමීපතම අසල්වැසියා පරාජයට කිරීමට ස්කොට්ලන්තය සමත්වූ පළමු අවස්ථාවත් එයම විය.

තරගය ආරම්භ කිරීමටත් පෙර පැතිරී ගිය උණුසුම් වටපිටාව මැද පිටියට පිවිසි දෙපිලම පන්දුව තම කණ්ඩායම අත රඳවා ගැනීමට ගත් උත්සාහයෙන් වාසිය ලැබුවේ ස්කොට්ලන්ත කණ්ඩායමයි.

එංගලන්තයට එරෙහිව 2004න් පසුව උත්සාහක දිනුමක් තබා නැති ස්කොට්ලන්තය හව් ජෝන්ස්ගේ උත්සාහක දිනුම් ද්විත්වයත්, ෂෝන් මේට්ලන්ඞ්ගේ උත්සාහක දිනුමත් නිසා පළමු භාගය නිමාකළේ ලකුණු 22-6 කින් පෙරමුණ ගනිමිනි.

මුලින්ම ග්‍රෙග් ලේඞ්ලෝ දඬුවම් පහරක් සාර්ථක කිරීම නිසා 3 වැනි මිනිත්තුවේදීම ලකුණු 3-0කින් පෙරමුණ ගැනීමට ස්කොට්ලන්තය සමත්වූ අතර 14 වැනි මිනිත්තුවේදී ඕවන් ෆැරල් සාර්ථක කළ උත්සාහක දිනුම නිසා එංගලන්තය ලකුණු 3-3 කින් තරගය සම කරගත්තේය. එහෙත් ඊට මිනිත්තු දෙකකට පසුව වාර්තා වූ හවු ජෝන්ස්ගේ පළමු උත්සාහක දිනුම ගෝලයක් බවට ප්‍රවර්තනය කළ ග්‍රෙග් ලේඞ්ලෝ ලකුණු 10-3 කින් ස්කොට්ලන්තයට පෙරමුණ ගෙන දුන්නේය. ඕවන් ෆැරල් දෙවැනි දඬුවම් පහරත් සාර්ථක කරමින් එංගලන්තය ලකුණු 6කින් ඉදිරියට ගෙන ගියේ ඊට මිනිත්තු දෙකකට පසුවය.

ඉන් අනතුරුව දෙපිලම පන්දුව තම අත රඳවා තබාගැනීමට පොර කෑ අතර 31 වැනි මිනිත්තුවේදී එය සාර්ථක කරගත් මේට්ලන්ඞ් කදිම උත්සාහක දිනුමක් තබමින් ස්කොට්ලන්තය ලකුණු 15-6 කින් ඉදිරියට ගෙන ගියේය. ඊට මිනිත්තු 7කට පසුව හවු ජෝනස් සිය දෙවැනි උත්සාහක දිනුමත් තැබූවේ ස්කොට්ලන්තය  ඉහළටම ඔසවා තබමිනි. ලේඞ්ලෝ විසින් එය ගෝලයක් බවට ප්‍රවර්තනය කරනු ලැබීමත් සමග ලකුණු 22-6කින් ස්කොට්ලන්තය ඉදිරියට ගියේය.

දෙවැනි භාගයේ දී තරමක ප්‍රගතියක් පෙන්නුම් කළ එංගලන්තය ඕවන් ෆැරල් තැබූ උත්සාහක දිනුමෙන් කදිම උත්තේජනයක් ලබාගත් බවක් පෙනෙන්නට තිබිණි. එම උත්සාහක දිනුම ඔහු විසින්ම ගෝලයක් බවට ප්‍රවර්තනය කිරීමෙන් ලකුණු සංඛ්‍යාව 13 දක්වා ඉහළ දමාගැනීමට ආගන්තුකයෝ සමත්වූහ.

එහෙත් ඉන් පසුව එංගලන්ත පිලේ ක්‍රීඩකයන්ට තම සීමාව පසු කිරීමට ඉඩ නොතැබූ සත්කාරකයෝ ආගන්තුකයන් අන්දමන්ද කරමින් තරගය නිමාවනතුරු ජයග්‍රහණය රඳවා තබාගත්හ.


- 077

 


අදහස් (0)

එංගලන්තයේ බලාපොරොත්තු බොඳවෙයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.