Last Update  :  2024-05-18 12:44:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව front_2 එංගලන්තය කඩුල්ලක් දැවී ලකුණු 29

එංගලන්තය කඩුල්ලක් දැවී ලකුණු 29

සංජය එරමුදුගොඩ - 2017 දෙසැ මස 03 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

එංගලන්ත සහ ඕස්ට්‍රේලියාව අතර පැවැත්වෙන අළුබඳුන ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ දෙවැනි තරගයේ දෙවැනි දිනය වූ අද (3 වැනිදා) වර්ෂාව හේතුවෙන් තරගය නතර කරන විට පළමු ඉනිම සඳහා පන්දුවට පහරදෙමින් සිටි එංගලන්ත කණ්ඩායම කඩුල්ලක් දැවී ලකුණු 29 ක් ලබා සිටියේය.

දිවා/රාත්‍රී තරගයක් ලෙස පැවැත්වෙන මෙම තරගයේ දෙවැනි දිනය සඳහා තරගය නතර කරන විට පන්දුවට පහරදෙමින් සිටි ඇලෙස්ටයාර් කුක් ලකුණු 11 ක් ලබාසිටි අතර ජේම්ස් වින්ස්ට ලකුණු ලබාගැනීමට අවස්ථාවක් හිමි නොවීය.

පළමු දිනය සදහා ඊයේ (2 වැනිදා) තරගය නතර කරනවිට කඩුලු 4 ක් දැවී ලකුණු 209 ක් රැස්කර සිටි ඕස්ට්‍රේලියා කණ්ඩායම අද දිනයේදී කඩුලු 8 ක් දැවී ලකුණු 442 ක් රැස්කර සිටියදී ඉනිම අත්හිටුවා පන්දුවට පහරදීම සදහා එංගලන්ත පිලට ආරාධනා කළේය.

මාස 15 කට පමණ පසුව ශතකයක් වාර්තා කළ ශෝන් මාෂ් ඕස්ට්‍රේලියා ඉනිම අත්හිටුවන තෙක් කඩුල්ලේ රැඳී සිටිමින් ලකුණු 126 ක් රැස්කිරීමට සමත්විය. පන්දු 231 කදී වාර්තා වූ මාෂ්ගේ ඉනිමට හයේ පහරක් සහ හතරේ පහර 15 ක් ඇතුළත් විය.

අටවැනි කඩුල්ල සදහා ලකුණු 99 ක සම්බන්ධතාවයක් ගොඩනැගීමට ශෝන් මාෂ් සහ පැට් කමින්ස් සමත්වූහ.
මංගල තරගය සදහා ක්‍රීඩා කරන ක්‍රෙග් ඕවර්ටොන් ලකුණු 105 කට කඩුලු 3 ක් දවාගත් අතර ස්ටුවර්ට් බ්‍රෝඞ් ලකුණු 72 කට කඩුලු 2 ක් දවාගැනීමට සමත්විය.

 


අදහස් (0)

එංගලන්තය කඩුල්ලක් දැවී ලකුණු 29

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.