Last Update  :  2024-05-18 19:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව front_2 ඇන්ඩසන් ඇමරිකානු බලාපොරොත්තු සෝදාහරී

ඇන්ඩසන් ඇමරිකානු බලාපොරොත්තු සෝදාහරී

සංජය එරමුදුගොඩ - 2017 සැප් මස 06 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අමෙරිකානු විවෘත ටෙනිස් ශූරතාවලියේ සත්කාරක රටට ඉතිරිව තිබු එකම බලාපොරොත්තුව වූ සෑම් කොරේ අර්ධ අවසන් පූර්ව වටයේදී ඉවතට තල්ලු කළ දකුණු අප්‍රිකාවේ කෙවින් ඇන්ඩර්සන් එහිදී ලකුණු 7-6 ක්, 6-7 ක්, 6-3 ක් සහ 7-6ක් ලෙස පහසු ජයක් වාර්තා කළේය. ඇමරිකානු බලාපොරොත්තු දියකළ ඇන්ඩසන් ග්‍රෑන්ඞ් ස්ලෑම් ටෙනිස් තරගාවලියක අවසන් පූර්ව වටයට සේන්දු වූ පළමු අවස්ථාවද මෙයයි.

නිව්යෝක් නුවර බිලි ජීන් කිං ටෙනිස් මධ්‍යස්ථානයේ ෆ්ලෂින් මීඩෝස් ටෙනිස් පිටියේ ඊයේ රාත්‍රී පැවැති මේ තරගය වාර්තා පොතට එක්වූයේ ග්‍රෑන්ඞ් ස්ලෑම් තරග බිම විවෘත තරගාවලියක් බවට පත්වීමෙන් පසුව එවැනි තරගාවලියක අර්ධ අවසන් පුර්ව, අවසන් පූර්ව හෝ අවසන් මහා තරගයකට ක්‍රීඩා කළ වඩාත්ම උසැති ක්‍රීඩකයන් දෙදෙනාගේ සටන ලෙසිනි.

මේ තරගයෙන් ජයගත් ඇන්ඩර්සන් අඩි 6 කුත් අඟල් 8 ක් උස ක්‍රීඩකයකු වන අතර පරාජිත කොරේ අඩි 6 කුත් අඟල් 6 ක් උසැති ක්‍රීඩකයෙකි.

“පුදුමයි. මේ අවස්ථාව මම වසර ගණනාවක් තිස්සේ පුල පුලා බලා සිටි එකක්. මේක ලොකු හීනයක් සැබෑ වීමක්.” ජයග්‍රහණයෙන් උද්දාමයට පත්වූ ඇන්ඩර්සන් කීවේය.

වසර 2003දී වේන් ෆෙරෙයිරා ඕස්ටේ්‍රලියානු විවෘත ටෙනිස් තරගාවලියේ අවසන් පූර්ව තරගයට පිවිසීමෙන් පසුව එවැනි හපන්කමක් කළ පළමු දකුණු අප්‍රිකානුවා ලෙසත් ඇන්ඩර්සන් වාර්තාපොත අලුත් කළේය.

ඇන්ඩර්සන්ට අවසන් පූර්ව වටයේදී මුණ ගැහෙන්නේ ස්පාඤ්ඤයේ පැබ්ලෝ කැරීනෝ බුස්ටාය. ඔහු අර්ධ අවසන් පූර්ව වටයේදී ආජන්ටිනාවේ ඩියාගෝ ෂූවොට්ස්මන් ලකුණු 6-4ක්, 6-4ක් සහ 6-2කින් පරාජය කිරීමට සමත් විය. 26 හැවිරිදි පැබ්ලෝ මෙවැනි අවස්ථාවක් උදාකර ගත්තේ මිට පෙර 16 වතාවක්ම උත්සාහ කිරීමෙන් පසුවය.


- 077

 


අදහස් (0)

ඇන්ඩසන් ඇමරිකානු බලාපොරොත්තු සෝදාහරී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.