ඕවර 6.4 කදී ලකුණු 12 ක් පමණක් ලබාගැනීමට අවසර දෙමින් දකුණු අප්‍රිකානුවන්ගේ අවසන් කඩුලු පහම බිම දැමූ ඕස්ට්‍රේලියානුවෝ ඩර්බන්හි කිංග්ස්මේඞ් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන පළමු වැනි ටෙස්ට් තරගයේදී ලකුණු 189 ක දැවැන්ත මුල් ඉනිමේ වාසියක් අත්කර ගත්හ. තරගයේ දෙවැනි දිනය වන අද (2 වැනිදා) තේ පානයෙන් පසුව සත්කාරක දකුණු අප්‍රිකානුවන් උස්සා පොළොවේ ගැසූ මිචෙල් ස්ටාක් ලකුණු 34 කට කඩුලු 5 ක් දවාගත්තේය.
පළමු දිනය නිමාවේදී කඩුලු 5 කට 225 ක් ලබා සිටි ඕස්ට්‍රේලියානු පිල වෙනුවෙන් මිචෙල් මාෂ් කළ අගනා පිතිහරඹය හේතුවෙන් ඕස්ට්‍රේලියානුවෝ සිය මුල් ඉනිම සඳහා ලකුණු 351 ක් ලබාගත්හ.
දකුණු අප්‍රිකානු ඉනිමේ අවසන් කඩුලු පහෙන් කඩුලු 3 කම හිමිකාරයා වුවද ස්ටාක්ට දොර විවර කර දුන්නේ ක්වින්ටින් ඩි’කොක් දවාගත් පිට දඟ පන්දු යවන නේදන් ලයන්ය. ලයන්ගේ දායකත්වය ලකුණු 50 කට කඩුලු 3 කි.
මෙම තරගාවලියේ පළමු ඕවරයේදීම වැඩ ඇල්ලූ ලයන් පන්දු තුනක් ඇතුළතදී ඩීන් එල්ගා සහ හසිම් අම්ලා දෙදෙනාම පිටියෙන් ඉවත් කළේය. තේ පානය වන විට ලකුණු 55 කට කඩුලු 3 ක් බිඳ වැටීමෙන් දකුණු අප්‍රිකානු පිල අන්ද මන්දව සිටි නමුත් සටනක් දීමේ බලාපොරොත්තු තබාගෙන සිටියේය. එහෙත් තේ පානයෙන් පසුව ෆෆ් ඩු ප්ලෙසි සහ ටියුනිස් ඩි’බෲයින් දැවී යාමෙන් ලකුණු පුවරුව කඩුලු 5 කට 108 ක් සේ දිස්විය.
හිටපු නායක ඒ.බී. ඩි’විලියර්ස් සහ ක්වින්ටින් ඩි’කොක් ලකුණු සංඛ්‍යාව ඉහළට තල්ලු කරගෙන ගියද ලකුණු 150 දී නේතන් ලයන්ගේ පන්දුවකින් ඩි’කොක් දැවී යාමත් සමගින් පන්දු 28 ක් තුළදී දකුණු අප්‍රිකානු ඉනිම නිමා විය.
ඕස්ට්‍රේලියානු පිල වෙනුවෙන් විශිෂ්ට සටනක නිරත වූ මිචෙල් මාෂ් පිට පිටම ලබාගත හැකිව තිබූ දෙවැනි ශතකය අහිමි කරගත්තේ ඊට ලකුණු 4 ක් මෙපිටින් දැවී ගිය බැවිනි. කෙසේ වෙතත් බැගී ග්‍රීන් හිස්වැස්ම පැළැඳි මාෂ් පරපුරේ තුන්වැනියා වූ මිචෙල්ගේ ඉනිම නිසා ඕස්ට්‍රේලියානු පිලට ලකුණු 351 ක් කරා යා හැකිවිය.
ඕස්ට්‍රේලියානු පසුපෙළ පිතිකරුවන් මෙල්ල කරගැනීමට නොහැකිවීම දකුණු අප්‍රිකානු පන්දු යවන්නන්ට මහත් හිසරදයක් විය. දිගින් දිගටම සම්බන්ධතා ගොඩනඟමින් ගිය ටිම් පේන්, පැට් කමින්ස් සහ මිචෙල් ස්ටාක් එක්වූ මිචෙල් මාෂ් සම්බන්ධතා වැලක්ම ගොඩනැංවීය.
කේෂව් මහාරාජ් කඩුලු 5 ක් දවාගත් නමුත් ඒ වන විට ඕස්ට්‍රේලියානුවෝ තමන්ට උවමනා හරිය කරගෙන තිබිණ.
ඕස්ට්‍රේලියාව පළමු ඉනිම - සියලු දෙනා දැවී 351 යි
(ඬේවිඞ් වෝනර් 51, උස්මන් කවාජා 14, ස්ටීවන් ස්මිත් 56, ෂෝන් මාෂ් 40, මිචෙල් මාෂ් 96, ටිම් පේන් 25, මිචෙල් ස්ටාක් 35, නේතන් ලයන් 12, වර්නන් ෆිලැන්ඩර් 59/3, කේෂව් මහාරාජ් 123/5, කගීසෝ රබාඩා 74/2)
දකුණු අප්‍රිකාව පළමු ඉනිම - සියලු දෙනා දැවී 162 යි
(ඒඞ්න් මාක්රාම් 32, ඒ.බී. ඩිවිලියර්ස් නොදැවී 71, ෆෆ් ඩු ප්ලෙසිස් 15, ක්වින්ටින් ඩි’කොක් 20, මිචෙල් ස්ටාක් 34/5, නේතන් ලයන් 50/3)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.