Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ලෝක කුසලාන ක‍්‍රිකට් තරගාවලියේ පළමු වටයේ 30 වැනි තරගය ලෙස අයර්ලන්තය සහ සිම්බාබ්වේ අතර හෝබාට්හිදී අද (07) පැවැති ‘බී’ කාණ්ඩයේ තරගයෙන් අයර්ලන්ත පිල ලකුණු 5 ක තියුණු ජයක් ලැබීය.
අයර්ලන්තය මේ වන විට තරග හතරකට සහභාගි වී තරග තුනක් ජය ලබා තිබේ.
අයර්ලන්තය මෙම ජයග‍්‍රහණයත් සමග ප‍්‍රසාද ලකුණු 6 ක් හිමිකර ගනිමින් ප‍්‍රසාද ලකුණු සටහනේ සිවුවැනි ස්ථානයට පැමිණියේය. බටහිර ඉන්දීය කොදෙව් පිල පස්වැනි ස්ථානයට තල්ලූ විය.
ලකුණු 332 ක ජයග‍්‍රාහි ඉලක්කය හඹාගිය සිම්බාබ්වේ පිලට ඕවර 49.3 කදී සියලූ දෙනා දැවී ලබාගත හැකි වූයේ ලකුණු 326 ක් පමණි.
සිම්බාබ්වේ පළමු කඩුලූ 4 ලකුණු 74 කට බිද වැටීමෙන් පසුව බ්‍රෙන්ඩන් ටේලර් සහ ෂෝන් විලියම්ස් පස්වැනි කඩුල්ලට පන්දු 125 කදී ලකුණු 149 ක සම්බන්ධතාවක් පවත්වමින් ප‍්‍රබල තත්ත්වයකට රැුගෙන ඒමට සමත් වූහ.
බ්‍රෙන්ඩන් ටේලර් පන්දු 91 කදී හතරේ පහර 11 ක් සහ හයේ පහර 4 ක් සමගින් ලකුණු 121 ක් රැස් කිරීමට සමත් විය.
ෂෝන් විලියම්ස් පන්දු 83 කදී හතරේ පහර 7 ක් සහ හයේ පහර 2 ක් සමගින් ලකුණු 96 ක් රැස් කළේය.
පළමුව පන්දුවට පහර දුන් අයර්ලන්ත පිල වෙනුවෙන් එඞ් ජෝයි පන්දු 103 කදී හතරේ පහර 9 ක් සහ හයේ පහර 3 ක් සමගින් ලකුණු 112 ක් රැස්කිරීමට සමත් විය.
ඇන්ඩි බැල්බිර්නි වේගවත් ඉනිමක් දියත් කරමින් පන්දු 79 කදී හතරේ පහර 7 ක් සහ හයේ පහර 4 ක් සමගින් ලකුණු 97 ක් රැස්කරමින් අයර්ලන්තය දැවැන්ත ලකුණු සංඛ්‍යාව දක්වා රැගෙන ආවේය.
එඞ් ජෝයි සහ ඇන්ඩි බැල්බිර්නි තෙවැනි කඩුල්ලට ගොඩනැගූ ලකුණු 138 ක සම්බන්ධතාව නිසා සිම්බාබ්වේ පන්දු යවන්නන්ට තරගයේ පාලනය ගිලිහි ගියේය.
අයර්ලන්ත පිල ඕවර 50 යේදී කඩුලූ 8 ට 331 (විලියම් පෝටර්ෆීල්ඞ් 29, එඞ් ජෝයි 112, ඇන්ඩි බැල්බිර්නි 97, කෙවින් ඕබ‍්‍රයන් 24, ගැරී විල්සන් 25, ටෙන්ඩායි චටාරා 61/3, ෂෝන් විලියම්ස් 72/3)
සිම්බාබ්වේ පිල ඕවර 49.3 කදී සියලූ දෙනා දැවී 326 (චමූ චිබාබා 18, බ්‍රෙන්ඩන් ටේලර් 121, ෂෝන් විලියම්ස් 96, ක්‍රෙග් එර්වින් 11, චකබ්වා 17, ටිනාෂි මුපරිවා 18, ඇලෙක්ස් කුසැක් 32/4)
- 048
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.