Last Update  :  2025-05-13 15:33:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව front_1 සීකුගේ - රඹුක්වැල්ල වි-20 සංචිතයට එක්වෙති

සීකුගේ - රඹුක්වැල්ල වි-20 සංචිතයට එක්වෙති

සංජය එරමුදුගොඩ - 2013 නොවැ මස 17 {{hitsCtrl.values.hits}} Views 20 Comment
A A A

ශී‍්‍ර ලංකාව සහ නවසීලන්තය අතර මහනුවර පල්ලෙකැළේ කී‍්‍රඩාංගණයේදී පැවැත්වෙන තරග දෙකකින් සමන්විත විස්සයි/20 තරගාවලිය සඳහා නම්කරන ලද සංචිතයට දග පන්දු යවන්නන් දෙදෙනකු වන සීකුගේ ප‍්‍රසන්න සහ රමිත් රඹුක්වැල්ල ඇතුළත්ව සිටිති. දග පන්දු යැවීමට අමතරම මෙම කී‍්‍රඩකයන් දෙදෙනාම වේගයෙන් පන්දුවට පහරදීමටද සමත්කම් දක්වන්නෝ වෙති.

විස්සයි/20 තරග වලදී ශී‍්‍ර ලංකා කණ්ඩායමට ඉතාමත් වාසිදායක තත්ත්වයන් නිර්මාණය කර දී ඇති පල්ලෙකැළේ කී‍්‍රඩාංගණයේදී දග පන්දු යවන්නන්ගෙන් උපරිම ප‍්‍රයෝජන ලබාගැනීමේ අටියෙන් සචිත‍්‍ර සේනානායක සහ අජන්ත මෙන්ඩිස් දෙදෙනාත් විස්සයි/20 සංචිතයට නම්කරනු ලැබ ඇත.

තිලකරත්න ඩිල්ෂාන්ද සමග ශී‍්‍ර ලංකා වි:20 සංචිතයේ සිටින දග පන්දු යවන්නන් සංඛ්‍යාව 5 කි. කුසල් ජනිත් පෙරේරා, අජන්ත මෙන්ඩිස් සහ සුරංග ලක්මාල් තිදෙනාම නිමාවූ එක්දින තරගාවලියේදීත් ශී‍්‍ර ලංකා සංචිතයට ඇතුළත් වූ නමුත් එකම තරගයකට හෝ කී‍්‍රඩා කිරීමේ අවස්ථාව නොලදහ.


ශී‍්‍ර ලංකා වි:20 සංචිතය
දිනේෂ් චන්දිමාල් (නායක), ලසිත් මාලිංග (උප නායක), තිලකරත්න ඩිල්ෂාන්, කුසල් ජනිත් පෙරේරා, කුමාර් සංගක්කාර, මහේල ජයවර්ධන, ඇන්ජලෝ මැතිව්ස්, ළහිරු තිරිමාන්න, සචිත‍්‍ර සේනානායක, අජන්ත මෙන්ඩිස්, සීකුගේ ප‍්‍රසන්න, රමිත් රඹුක්වැල්ල, සුරංග ලක්මාල්, තිසර පෙරේරා සහ නුවන් කුලසේකර


අදහස් (20)

සීකුගේ - රඹුක්වැල්ල වි-20 සංචිතයට එක්වෙති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.