Last Update  :  2024-05-17 10:39:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව front_1 සාග් වූෂූ කණ්ඩායමට 13 ක් එක්වෙති

සාග් වූෂූ කණ්ඩායමට 13 ක් එක්වෙති

සංජය එරමුදුගොඩ - 2016 ජන මස 27 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

630

 


12 වැනි දකුණු ආසියානු ක‍්‍රීඩා උළෙලේ (සාග්) වුෂූ තරග සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් කී‍්‍රඩකයන් 10 දෙනෙකුගෙන් සහ කී‍්‍රඩිකාවන් 3 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් සහභාගි වීමට නියමිතය.

සන්දා අංශයේ කිලෝ ග‍්‍රෑම් 70 බර පංතිය යටතේ තරග වදින ඉෂාන් ධම්මික ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය දරන අතර එම අංශයේ සෙසු කී‍්‍රඩකයන් වන අමිල ප‍්‍රසන්න කිලෝ ග‍්‍රෑම් 52 බර පංතිය යටතේද, ලක්මාල් පුෂ්පකුමාර කිලෝ ග‍්‍රෑම් 56 බර පංතිය යටතේද, පැතුම් නුවන් කිලෝ ග‍්‍රෑම් 60 බර පංතිය යටතේද, නෙවිල් දේශපි‍්‍රය කිලෝ ග‍්‍රෑම් 65 බර පංතිය යටතේද, රෂී රමේෂ් කිලෝ ග‍්‍රෑම් 75 බර පංතිය යටතේද කණ්ඩායමට ඇතුළත්ව සිටිති.

එච්. එන්. පී. මනුරංග, හසිත ලක්ෂාන්, අනිල් ජයසිංහ සහ තීක්ෂණ බුද්ධික යන කී‍්‍රඩකයෝ තාඔලූ අංශයෙන් තරග වැදිම සඳහා තරගාවලියට එක්වෙති.

කණ්ඩායමට ඇතුළත්ව සිටින කී‍්‍රඩිකාවන් තිදෙනාම සන්දා අංශයේ කී‍්‍රඩිකාවන් වන අතර මලීෂා මධුමාලි කිලෝ ග‍්‍රෑම් 52 බර පංතිය යටතේද, ශානිකා පි‍්‍රයදර්ශනී කිලෝ ග‍්‍රෑම් 60 බර පංතිය යටතේද, මල්කි මධුවන්ති කිලෝ ග‍්‍රෑම් 70 බර පංතිය යටතේද තරග වදිති.

තරගාවලියට සහභාගි වන කණ්ඩායමේ තාඔලූ අංශයේ පුහුණුකරු ලෙස චීන ජාතික යූෆින් ගුවා ඕ මහතාද, සන්දා අංශයේ පුහුණුකරු ලෙස චීන ජාතික චා ඕ ශෙන්ගි මහතාද කටයුතු කරන අතර එල්. ඒ. ඞී. කරුණාරත්න සහ ඩබ්ලිව්. එල්. නිලන්ත යන මහත්වරු සහය පුහුණුකරුවන් ලෙස කණ්ඩායමට ඇතුළත්ව සිටිති. විජිත පි‍්‍රයන්ත මහතා කණ්ඩායමේ කළමණාකරු ලෙස කටයුතු කරයි.

තරගාවලිය සඳහා තෝරාගන්නා ලද කී‍්‍රඩක කී‍්‍රඩිකාවන් මේ දින වල ටොරිංග්ටන්හි කී‍්‍රඩා අමාත්‍යංශ ගෘහස්ථ කී‍්‍රඩාංගණයේදී පුහුණුවීම් වල නිරත වන බවත්, තරගාවලියට සහභාගි වීම සඳහා ඔවුන් පෙබරවාරි මස 3 වැනිදා දිවයිනෙන් පිටත්ව යෑමට නියමිත බවත් ශ්‍රී ලංකා වුෂූ සම්මේලනයේ ලේකම් රුචිර බෝධිනාගොඩ මහතා ‘ලංකාදීප’ යට පැවසීය.

ඉකුත් වසර (2015) දෙසැම්බර් මස 2 වැනිදා පැවැති තේරීම් තරගාවලියකින් මෙම කණ්ඩායම තෝරාගෙන ඇති අතර ඇන්ස්ලම් වැන්ලැන්ගන්බර්ග්, ඩබ්ලිව්. කේ. සරත්චන්ද්‍ර, වසන්ත බණ්ඩාර, ජගත් වීරසිංහ සහ හේමන්ත රාජපක්ෂ යන මහත්වරු එම තේරීම් කටයුතු කළහ.

 


අදහස් (0)

සාග් වූෂූ කණ්ඩායමට 13 ක් එක්වෙති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.