Last Update  :  2024-05-15 21:40:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව front_1 සාග් පාපැදි තරග බිමට ශී‍්‍ර ලංකාවෙන් 17 ක්

සාග් පාපැදි තරග බිමට ශී‍්‍ර ලංකාවෙන් 17 ක්

සංජය එරමුදුගොඩ - 2016 පෙබ මස 05 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ඉන්දියාවේදී පැවැත්වෙන 12 වැනි දකුණු ආසියානු ක‍්‍රීඩා උළෙලේ (සාග්) හෙට (6) ආරම්භවන පාපැදි තරගාවලියට ශ‍්‍රී ලංකාවෙන් ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් 17 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් සහභාගිවී සිටී. සාග් පාපැදි තරගාවලිය මේ මස 9 වැනිදා දක්වා ගුවාහටි නගරය කේන්ද්‍ර කර ගනිමින් පැවැත්වේ.

පිරිමි කණ්ඩායමේ නායකයා ලෙස ජීවන් ජයසිංහ ද, කාන්තා කණ්ඩායමේ නායිකාව ලෙස ශ‍්‍රියාලතා වික‍්‍රමසිංහ ද කටයුතු කරති.

සාග් ශ‍්‍රී ලංකා පාපැදි කණ්ඩායමේ අවසන් පුහුණුවීම් ජාතික පුහුණුකරු උපාලි රත්නායක මහතාගේ උපදෙස් පරිදි අනුරාධපුර නගරය කේන්ද්‍රකර ගනිමින් සිදු කෙරිණ.

අවසන් වරට 2010 වසරේ ඩකා නුවරදී පැවැති 11 වැනි සාග් කී‍්‍රඩා උළෙලේ පාපැදි තරගාවලියේදී ජනක හේමන්ත (පිරිමි) රන් පදක්කමක් ද, ශ‍්‍රියාලතා වික‍්‍රමසිංහ (කාන්තා) රිදී පදක්කමක් ද දිනා ගැනීමට සමත්වුහ.

2006 වසරේ කොළඹ පැවැති සාග් ක‍්‍රීඩා උළෙලේදී පාපැදි ක‍්‍රීඩාවේ ඉසව් පහකම රන් පදක්කම් ශ‍්‍රී ලංකාවට හිමිවිය.

ජනක හේමන්ත මෙන්ම ජීවන් ජයසිංහ, බුද්ධික වර්ණකුලසුරිය, ඞී නුගේරා සහ තුෂාන් රාජපක්ෂ ජාත්‍යන්තර තරග අත්දැකීම් ලැබු නමගිය පාපැදි ශූරයෝ වෙති.

ශ‍්‍රී ලංකා පිරිමි පාපැදි කණ්ඩායම:

ජීවන් ජයසිංහ, බුද්ධික වර්ණකුලසුරිය, ඞී. නුගේරා, ජනක හේමන්ත, තුෂාන් රාජපක්ෂ, නවීන් රුචිර, ගිහාන් පුෂ්පකුමාර, අවිශ්ක මැඩොන්සා සහ ඞී. ප‍්‍රසාද්


ශ‍්‍රී ලංකා කාන්තා පාපැදි කණ්ඩායම:

නිලූකා ශ‍්‍රීයාමණී, ශ‍්‍රියාලතා වික‍්‍රමසිංහ, සුදාරිකා ප‍්‍රියදර්ශනී, මධුෂානී රණසිංහ, නිරෝෂනී පෙරේරා, ලසන්ති ගුණතිලක, උදේශිනී නිරංජනී කුමාරසිංහ සහ කාංචනී සුලෝචනා

 


- 090

 


අදහස් (0)

සාග් පාපැදි තරග බිමට ශී‍්‍ර ලංකාවෙන් 17 ක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.