Last Update  :  2024-05-15 21:40:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව front_1 ෂරපෝවා යළිත් සෙරීනා හමුවේ ඇදවැටෙයි

ෂරපෝවා යළිත් සෙරීනා හමුවේ ඇදවැටෙයි

සංජය එරමුදුගොඩ - 2015 ජුලි මස 11 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A


මීට අවුරුදු 10කට පෙර 17 වියේ පසුවූ නවයොවුන් තරුණියක ලෙසින් එවකටත් ලොව ප‍්‍රබලතම කී‍්‍රඩිකාවක වූ සෙරීනා විලියම්ස් පරදවා සිය පළමු විම්බල්ඩන් ටෙනිස් කිරුළ දිනාගත් රුසියාවේ මාරියා ෂරපෝවා සිකුරාදා වනතුරු සිටියේ ඒ අසිරිමත් ඉතිහාසයේ එල්ලීගෙනය. එහෙත් ඊයේ විම්බල්ඩන්හි මධ්‍යම පිටියේ පැවැති තීරණාත්මක අවසන් පූර්ව තරගය තරග වට 6-2 ක් සහ 6-4 ක් ලෙස ජයගත් සෙරීනා ඇයට කදිම පාඩමක් කියාදෙමින්ම සෙනසුරාදා හවස අවසන් මහා තරගයේ සිය තැන වෙන් කරවා ගත්තාය.

එය ෂරපෝවාට එරෙහිව මේ අමෙරිකානු ටෙනිස් රැජන පිට පිට වාර්තා කළ 17 වැනි ජයග‍්‍රහණයයි. සිය පරාජයෙන් පසුව පැවැති මාධ්‍ය හමුවේදීත් ෂරපෝවා සිටියේ මුහුණදෙන්නට බැරිතරම් අසීමිත ලජ්ජාවකින් බවද වාර්තා විය.

සෙරීනාගේ අලූත් පුහුණුකරු, ඇගේ පේ‍්‍රමය නිසා පවුලම අතහැර දැමූ බවට මීට අවුරුදු දෙකකට කළින් ෂරපෝවා කළ ප‍්‍රකාශය සම්බන්ධවත් ඇතැම් මාධ්‍යවේදින් ඇගෙන් යළි ප‍්‍රශ්න කිරීමට වූහ. එම ප‍්‍රකාශය නිසා පැටි‍්‍රක් මොරේටොග්ලෝ හෙවත් සෙරීනාගේ සුපෙම්වත් පුහුණුකරුගෙන් මාධ්‍යවේදීන්ට කිසිදිනෙක තමා ගැන හොඳක් නම් අසන්නට බැරිවනු ඇතැයි ඇය ඒ මොහොතේ දුර්වලව හිනැහෙමින් කීවාය.

තරගය හුගාක් අමාරුවුණාද...‘ අයකු ඇසුවේය.

”මම බි‍්‍රතාන්‍ය කෙල්ලෙක් වුණා නම් මේ අවසන් පූර්ව තරගයට මීට වඩා විස්මිත ප‍්‍රසිද්ධියක් ලැබේවි. මම පත්තරවල මුල්පිටුවලත් ඉඳීවි” එසේ කී ෂරපෝවා මෙසේ ද කීවාය.

”කොහොමවුණත් වික්ටෝරියා ඇසරෙන්කා ඇයට (සෙරීනාට) වඩා හොඳයි”
කෙසේවුවත් මේ සියලූ අදහස් හා මතවාද තවදුරටත් සෙරීනාගේ ගමන්මගට කිසිදු බාධාවක් නොවේ. ඇය දැන් සිටින්නේ ඇගේ 6 වැනි විම්බල්ඩන් කිරුළ අබියසය.

අද පැවැත්වෙන අවසන් මහා තරගයේ දී ඇයට මුහුණදීමට සිදුව ඇත්තේ පළමු වතාවට ප‍්‍රධාන පෙලේ ටෙනිස් තරගයක අවසන් මහා තරගයට එක්වූ 21 හැවිරිදි ස්පාඤ්ඤයේ ගර්බින් මුගුරුසා සමගය.

මුගුරුසා අවසන් තරගයට එක්වූයේ ඊයේ පෝලන්තයේ ඇග්නීස්කා රැඞ්වන්ස්කාට එරෙහිව ලැබූ තරග වට 6-2, 3-6 සහ 6-3 ක විස්මිත ජයග‍්‍රහණයත් සමගය.

ස්පාඤ්ඤයෙන් බිහිවූ රෆායල් නඩාල්ගේ නම එරට නූතන ටෙනිස් කි‍්‍රඩාවේ රන් අකුරින් ලියැවුණු සේ දැන් මුගුරුසාගේ නමත් ලියැවී හමාරය. අවුරුදු 15 කට පසුව ස්පාඤ්ඤය වෙනුවෙන් ග‍්‍රෑන්ඞ් ස්ලෑම් ශූරතාවලියක අවසන් මහා තරගයට එක්වූ පළමු කී‍්‍රඩිකාව බවට පත්වූ මුගුරුසා දැන් එරට අලූත්ම ටෙනිස් වීරවරියයි.


- 077


අදහස් (0)

ෂරපෝවා යළිත් සෙරීනා හමුවේ ඇදවැටෙයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.