Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
සංචාරක ශ්‍රී ලංකා පිල සහ බංග්ලාදේශ පිල අතර තරග දෙකකින් සමන්විත විස්සයි20 ක‍්‍රිකට් තරගාවලියේ පළමු තරගය චිතගොන්හි, ශහුර් අහ්මඞ් චෞද්රි ක‍්‍රීඩාංගණයේදී හෙට (12) පැවැත්වේ. ලෝක විස්සයි20 ශ්‍රේණිගත කිරීමේ පළමු ස්ථානයේ සිටින ශ්‍රී ලංකාවට මෙම තරගාවලිය ඉතාමත් වැදගත් වී තිබේ. පළමු ස්ථානය රැකගැනීමට නම් ශ්‍රී ලංකාව එක තරගයක් හෝ ජය ලැබිය යුතුය.
ශ්‍රී ලංකාව මෙම තරගාවලිය 2-0 ක් ලෙස පරාජයට පත්වුහොත් විස්සයි20 ශ්‍රේණිගත කිරීම ආරම්භයේ සිට මේ දක්වා රැකගත් පළමු ස්ථානය අහිමි වී දෙවැනි ස්ථානයට ඇද වැටේ.
ශ්‍රී ලංකාව මේ වන විට ප‍්‍රසාද ලකුණු 129 ක් ලබා සිටින අතර දෙවැනි ස්ථානයේ සිටින ඉන්දියාව ප‍්‍රසාද ලකුණු 123 ක් ලබා සිටියි. ශ්‍රී ලංකාව තරග දෙකම පරාජයට පත්වුහොත් ප‍්‍රසාද ලකුණු සංඛ්‍යාව 123 ක් බවට පත්වේ. තරගාවලිය 1-1 ක් ලෙස සම තත්ත්වයෙන් අවසන් වුවහොත් ශ්‍රී ලංකා ප‍්‍රසාද ලකුණු සංඛ්‍යාව 127 ක් බවට පත්වේ.
ප‍්‍රසාද ලකුණු 72 ක් ලබා ශ්‍රේණිගත කිරීමේ 10 වැනි ස්ථානයේ පසුවන බංග්ලාදේශය තරග දෙකම පරාජයට පත්වුවහොත් 11 වැනි ස්ථානයට තල්ලූ වන අතර ඇෆ්ගනිස්තානය 10 වැනි ස්ථානයට පැමිණෙයි.
බංග්ලාදේශ පිලට එරෙහිව ටෙස්ට් තරගාවලියට සහභාගි නොවූ ප‍්‍රබල පිතිකරුවන් වන තිලකරත්න ඩිල්ෂාන්, කුසල් පෙරේරා සහ තිසර පෙරේරා විස්සයි20 තරගාවලියට ක‍්‍රීඩා කිරීමට සූදානමින් සිටින අතර වේග පන්දු යවන ක‍්‍රීඩක උප නායක ලසිත් මාලිංග ද සංචිතයට එකතු වී සිටියි.
බංග්ලාදේශයේදී ලබන මාර්තු මස 16 වැනිදා ආරම්භ වන විස්සයි20 ලෝක කුසලාන ක‍්‍රිකට් තරගාවලියට පෙර ශ්‍රී ලංකා පිල සහභාගි වන අවසන් විස්සයි20 තරගාවලිය වීම නිසා මෙම තරග දෙක ඉතාමත් වැදගත් වී තිබේ.
බංග්ලාදේශ ටෙස්ට් පිලේ නායක ප‍්‍රවේගකාරි පිතිකරු මුෂ්ෆිකුර් රහීම් මෙම කණ්ඩායමට ඇතුළත්ව නැත. ඔහු වෙනුවෙන් මෂ්රාෆි මොර්ටාසා බංග්ලාදේශ පිල මෙහෙයවයි.
ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර මේ දක්වා පැවැති විස්සයි20 තරග දෙකම ශ්‍රී ලංකාව ජය ලබා තිබේ.
තරගය බංග්ලාදේශ වේලාවෙන් පස්වරු 5.00 ට හෙවත් ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 4.30 ට ආරම්භ වේ. මෙම තරගය දිවා/රාත‍්‍රී තරගයක් ලෙස පැවැත්වේ.
ශ්‍රී ලංකා විස්සයි20 සංචිතය:
දිනේෂ් චන්දිමාල් (නායක), ලසිත් මාලිංග (උප නායක), තිලකරරත්න ඩිල්ෂාන්, මහේල ජයවර්ධන, කුමාර් සංගක්කාර, ඇන්ජලෝ මැතිව්ස්, රංගන හේරත්, නුවන් කුලසේකර, සුරංග ලක්මාල්, අජන්ත මෙන්ඩිස්, ඇන්ජලෝ පෙරේරා, කුසල් පෙරේරා, තිසර පෙරේරා, සීකුගේ ප‍්‍රසන්න, සචිත‍්‍ර සේනානායක
බංග්ලාදේශ විස්සයි20 සංචිතය:
මර්ෂාෆි මොර්ටාෂා (නායක), ටමීම් ඉක්බාල් (උප නායක), ශකීබ් අල් හසන්, එනමුල් හක්, අර්ෆට් සමී, ෆර්හද් රීෂා, මහුමුදුල්ලා, සොහග් ගාෂි, මිතුන් අලී, මොමිනුල් හක්, නසීර් හොසේන්, රුබෙල් හොසේන්, අල් අමීන් හොසේන්, සබීර් රහමන්, ශම්සූර් රහමන්
-048
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.