Last Update  :  2024-05-18 19:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව front_1 ලෝඞ්ස් පිටියේ සමරු ශතක ලද ශී‍්‍ර ලාංකිකයෝ

ලෝඞ්ස් පිටියේ සමරු ශතක ලද ශී‍්‍ර ලාංකිකයෝ

සංජය එරමුදුගොඩ - 2014 ජුනි මස 13 {{hitsCtrl.values.hits}} Views 2 Comment
A A A

ශ්‍රී ලංකාව වෙනුවෙන් වැඩිම ටෙස්ට් ශතක සංඛ්‍යාවක් (ශතක 35) රැස්කරගෙන සිටින කුමාර් සංගක්කාර, කි‍්‍රකට් කී‍්‍රඩාවේ මහ ගෙදර ලෙස සැළකෙන එංගලන්තයේ ලෝඞ්ස් කී‍්‍රඩාංගණයේදී තවමත් ටෙස්ට් ශතකයක් ලබා නැත.

ටෙස්ට් කි‍්‍රකට් කී‍්‍රඩා කරන සෑම රටකටම එරෙහිව ශතක ලබා ඇති මෙම අග‍්‍රගණයේ වමත් පිතිකරුවාට ලෝඞ්ස් කී‍්‍රඩාංගණයේදී ශතකයක් රැස්කිරීම සඳහා ලැබෙන අවසාන අවස්ථාව වන්නේ එංගලන්තය සහ ශ්‍රී ලංකාව අතර එම කී‍්‍රඩාංගණයේදී දැන් පැවැත්වෙන ටෙස්ට් තරගයයි. ඊට හේතුව වන්නේ වසර 2017 වන තෙක් ශ්‍රී ලංකා කණ්ඩායමට එංගලන්තයේ තරග සංචාරයක් නොමැති වීමත්, එතෙක් කළක් සංගක්කාර ටෙස්ට් කි‍්‍රකට් කී‍්‍රඩාවේ නිරත වේද නැද්ද යන්න අවිනිශ්චිත වීමත්ය.

කෙසේ වුවත් මෙම ටෙස්ට් තරගාවලියට පෙර එංගලන්තය සමග පැවති එක්දින තරගාවලියේ ලෝඞ්ස් කී‍්‍රඩාංගණයේදී පැවති තරගයේදී ශතකයක් ලබාගැනීමට සමත්වීම, ලැබී ඇති අවසන් අවස්ථවේදී හෝ ටෙස්ට් ශතකයක් කරා යෑම සඳහා සංගක්කාරට යම් තරමක අස්වැසිල්ලක් වනු ඇත.

ලෝඞ්ස් කී‍්‍රඩාංගණයේදී ටෙස්ට් ශතක ලබාගත් ශ්‍රී ලංකා පිතිකරුවන් අතර මහේල ජයවර්ධන ඉදිරියෙන්ම සිටින අතර ඔහු 2002 වසරේදී (ලකුණු 107) සහ 2010 වසරේදී (ලකුණු 119) එංගලන්ත පිලට එරෙහිව එම කී‍්‍රඩාංගණයේදී ශතක 2 ක් ලබා තිබේ.

ලෝඞ්ස් කී‍්‍රඩාංගණයේදී ශතකයක් වාර්තා කළ පළමු ශ්‍රී ලංකික කී‍්‍රඩකයා වීමේ භාග්‍ය හිමිවී ඇත්තේ සිදත් වෙත්තමුණිටයි. 1984 වසරේදී ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායම පළමුවරට එංගලන්ත සංචාරයක නිරතවූ අවස්ථාවේදී ඔහු එම ශතකය (ලකුණු 190) ලබාගත්තේය.

දින දෙකහමාරක කාලයක් (පැය 15 කට ආසන්න කාලයක්) පිතිහරඹයේ යෙදීමෙන් පාදයේ ඇති වූ මස්පිඩු පෙරළීීමක් නිසා ඇතිවූ අපහසුතාව මත දැවී නොගියානම් බොහෝ විට ඔහුගේ ඉනිම ද්විත්ව ශතකයකින් නිමා වන්නට ඉඩ තිබිණ. එසේවූවා නම් එය අද වනතුරු ශ්‍රී ලංකා පිතිකරුවකු ලෝඞ්ස් කී‍්‍රඩාංගණයේදී වාර්තා කළ එකම ද්විත්ව ශතකය වනු ඇත.

සිදත්ට සහ මහේලට අමතරව දුලිප් මෙන්ඩිස් (ලකුණු 111), අමල් සිල්වා (ලකුණු 102*), මාවන් අතපත්තු (ලකුණු 185) සහ තිලකරත්න ඩිල්ෂාන් (ලකුණු 193) යන කී‍්‍රඩකයෝද ලෝඞ්ස් කී‍්‍රඩාංගණයේදී ශතක ලබා ඇති ශ්‍රී ලංකා ටෙස්ට් පිතිකරුවන් අතලොස්සට ඇතුළත්ව සිටිති.

මෙහිදී සිදත් වෙත්තමුණි, දුලිප් මෙන්ඩිස් සහ අමල් සිල්වා ලබා ඇති ශතක 3 එකම තරගයදී වාර්තා වී ඇති අතර මාවන් අතපත්තුගේ සහ මහේල ජයවර්ධනගේ (පළමු ශතකය) ශතක 2 ද එකම තරගයකදී වාර්තාවී තිබේ. තවද තිලකරත්න ඩිල්ෂාන්ට තම ද්විත්ව ශතක කරා යෑමට ලකුණු 7 ක් පමණක් මදි වීමද කැපීපෙනෙන සිදුවීමකි.


ලෝඞ්ස් පිටියේ ටෙස්ට් ශතක ලබාගත් ශී‍්‍ර ලංකා පිතිකරුවෝ

වසර  ක්‍රීඩකයා  ලකුණු
1984 සිදත් වෙත්තමුණි 190
1984 දුලිප් මෙන්ඩිස්  111
1984 අමල් සිල්වා 102*
2002 මාවන් අතපත්තු  185
2002 මහේල ජයවර්ධන  107
2006 මහේල ජයවර්ධන  119
2011 තිලකරත්න ඩිල්ෂාන් 193

අදහස් (2)

ලෝඞ්ස් පිටියේ සමරු ශතක ලද ශී‍්‍ර ලාංකිකයෝ

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.