Last Update  :  2024-05-15 21:40:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව front_1 මැතිව් සිවුවැනි රන් පදක්කමත් දිනයි

මැතිව් සිවුවැනි රන් පදක්කමත් දිනයි

සංජය එරමුදුගොඩ - 2016 පෙබ මස 07 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ඇසෑම් දකුණු ආසියානු ක‍්‍රීඩා උළෙලේ (සාග්) පිහිනුම් තරගාවලියේ මීටර 50 නිදහස් ආර ඉසව්වේ රන් පදක්කම දිනා ගැනීමට ශ‍්‍රී ලංකා ක‍්‍රීඩක මැතිව් අබේසිංහ මීට සුඵ වේලාවකට පෙර සමත්විය. මෙවර සාග් ක‍්‍රීඩා උළෙලේ කැපී පෙනෙන ක‍්‍රීඩකයා බවට පත්ව සිටින මැතිව් පිහිනුම් ඉසව්වලදී දිනාගත් සිවුවැනි රන් පදක්කම ද මෙයවේ.

මැතිව් ඊයේ දිනයේදී මීටර 200 නිදහස් ආර ඉසව්වෙන් මෙන්ම මීටර 100 සමනළ ආර ඉසව්වෙන් දකුණු ආසියානු වාර්තා පිහිටුවමින් රන් පදක්කම් දෙක දිනා ගත්තේය. එමෙන්ම ඔහු මීටර 100X4 නිදහස් ආර සහය පිහිනුම් ඉසව්වේ (පිරිමි) රන් පදක්කම් ලාභී ශ‍්‍රී ලංකා කණ්ඩායමට ද ඇතුළත්ව සිටියේය.

මැතිව් අද පැවැති මීටර 50 නිදහස් ආර ඉසව්වේ අවසන් තරගය තත්පර 23.33 කින් නිම කළේය. ඉන්දීය ක‍්‍රීඩක විර්දවාල් කාදේ (තත්පර 23.54) රිදී පදක්කම ද, බංග්ලාදේශයේ මහනිසූර් රෙහෙමන් (තත්පර 23.95) ලෝකඩ පදක්කම ද දිනා ගත්හ.                                        


- 090

 


අදහස් (0)

මැතිව් සිවුවැනි රන් පදක්කමත් දිනයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.