Last Update  :  2024-05-17 11:06:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව front_1 බර ඉසිලීමට ශී‍්‍ර ලංකාවෙන් 15 ක් යති

බර ඉසිලීමට ශී‍්‍ර ලංකාවෙන් 15 ක් යති

සංජය එරමුදුගොඩ - 2016 ජන මස 23 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

630
 


ඇසෑම් දකුණු ආසියානු ක‍්‍රීඩා උළෙලේ (සාග්) බර ඉසිලීම තරගාවලියට ශ‍්‍රී ලංකාවෙන් ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවෝ 15 දෙනෙක් සහභාගිවෙති. සාග් ක‍්‍රීඩා උළෙලේ බර ඉසිලීමේ තරගාවලියේ කාන්තා තරගාවලියක් පැවැත්වෙන පළමු අවස්ථාව මෙයවේ. එනිසා ශ‍්‍රී ලංකාවට මෙවර බර ඉසිලීමේ තරගාවලියේ වැඩි පදක්කම් සංඛ්‍යාවක් හිමිවීමේ අවස්ථාවක්ද උදාවී තිබේ.

පොදුරාජ්‍ය මණ්ඩලයීය ක‍්‍රීඩා උළෙලක බර ඉසිලීමේ ක‍්‍රීඩාවෙන් පදක්කම් දිනාගත් ක‍්‍රීඩකයන් දෙදෙනකු ඇතුඵ ජාත්‍යන්තර තරග අත්දැකීම් ලබා සිටින ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවෝ කිහිප දෙනෙක්ම ශ‍්‍රී ලංකා පිල සතුව සිටිති. 2006 වසරේදී  ඕස්ටේ‍්‍රලියාවේ පැවැති පොදුරාජ්‍ය මණ්ඩලයීය ක‍්‍රීඩා උළෙලේදී රන් පදක්කමක් දිනාගත් චින්තන ගීතාල් විදානගේ 2010 නවදිල්ලි පොදුරාජ්‍ය මණ්ඩලයීය ක‍්‍රීඩා උළෙලේදී ද ලෝකඩ පදක්කමක් දිනා ගත්තේය. චින්තන වර්තමානයේ කිලෝග‍්‍රෑම් 77 බර පංතියෙන් තරග වදියි.

ජපානයේ සිට බර ඉසිලීමේ ක‍්‍රීඩාවේ නිරත වු සුදේශ් පීරිස්, ආසන්නතම පොදුරාජ්‍ය මණ්ඩලයීය ක‍්‍රීඩා උළෙලේ පදක්කම්ලාභියෙකි. 2014 වසරේ ස්කොට්ලන්තයේ පැවැති පොදුරාජ්‍ය මණ්ඩලයීය ක‍්‍රීඩා උළෙලේදී කිලෝග‍්‍රෑම් 62 බර පංතියෙන් සුදේශ් රිදී පදක්කම දිනා ගත්තේය. 2010 නව දිල්ලි ක‍්‍රීඩා උළෙලේදී ද සුදේශ් ලෝකඩ පදක්කමක් දිනා ගනිමින් දස්කම් දැක්වීය.

ශ‍්‍රී ලංකා බර ඉසිලීමේ කණ්ඩායමේ ජාතික පුහුණුකරු ආර්.බී.වික‍්‍රමසිංහ මහතා පවසන්නේ පිරිමි තරගාවලියේදී රන් පදක්කම් තුනක් අපේක්ෂාවෙන් පසුවන බවයි. කාන්තා තරගාවලිය පළමු වරට පැවැත්වෙන නිසා පදක්කම් පිළිබදව අනාවැකි පළ කිරීම එතරම් විශ්වාසදායී නොවන බව වික‍්‍රමසිංහ මහතා පැවසීය.

ශ‍්‍රී ලංකාවට ඇති එකම අභියෝගය ඉන්දියාව සහ පාකිස්තානය වේ. අජිත් තමෙල් මහතා ශ‍්‍රී ලංකා බර ඉසිලීමේ පිලේ කළමනාකරු ලෙස සහභාගිවේ.

පෙබරවාරී මස 5 වැනිදා සිට 16 වැනිදා දක්වා ඉන්දියාවේ ගුවහටි සහ ශිලෝන් යන නගර කේන්ද්‍රකර ගනිමින් දොළෙස්වැනි දකුණු ආසියානු ක‍්‍රීඩා උළෙල පැවැත්වේ.
    

දකුණු ආසියානු ක‍්‍රීඩා උළෙලට සහභාගිවන ශ‍්‍රී ලංකා බර ඉසිලීමේ කණ්ඩායම:


පිරිමි කණ්ඩයම
චතුරංග ලක්මාල් (කි.ග‍්‍රෑ. 56 බර පංතිය), සුදේෂ් පීරිස් (කි.ග‍්‍රෑ. 62 බර පංතිය), ඉන්දික දිසානායක ( කි.ග‍්‍රෑ. 69 බර පංතිය), චින්තන විදානගේ (කි.ග‍්‍රෑ. 77 බර පංතිය), රොමේෂ් සමරසේකර (කි.ග‍්‍රෑ. 85 බර පංතිය), ශ‍්‍රීමාල් අබේකෝන් (කි.ග‍්‍රෑ. 94 බර පංතිය), එස්.එම්.පීටර්ස් (කි.ග‍්‍රෑ. 105 බර පංතිය), ඒ. ජී. එස්. අබේවික‍්‍රම ( කි.ග‍්‍රෑ. 105 ට වැඩි බර පංතිය)


කාන්තා කණ්ඩායම
හංසනී ගෝමස් (කි.ග‍්‍රෑ. 48 බර පංතිය), චමරී වර්ණකුලසුරිය (කි.ග‍්‍රෑ. 53 බර පංතිය), එම්. උමේරා (කි.ග‍්‍රෑ. 58 බර පංතිය), විනෝදනී ධර්මසේන ( කි.ග‍්‍රෑ. 63 බර පංතිය), බී. සී. ප‍්‍රියන්ති (කි.ග‍්‍රෑ. 69 බර පංතිය), එම්. එස්. වික‍්‍රමසිංහ (කි.ග‍්‍රෑ. 75 බර පංතිය), ඒ. ජේ. කඵතන්ත‍්‍රී (කි.ග‍්‍රෑ. 75 ට වැඩි බර පංතිය)
    

 


අදහස් (0)

බර ඉසිලීමට ශී‍්‍ර ලංකාවෙන් 15 ක් යති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.