Last Update  :  2024-05-15 21:40:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව front_1 පුහුණුකරු කී‍්‍රඩා ඇමතිට පැමිණිළි කරයි

පුහුණුකරු කී‍්‍රඩා ඇමතිට පැමිණිළි කරයි

සංජය එරමුදුගොඩ - 2016 ජන මස 17 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

666633636

 

ඉන්දියාවේ ඇසෑම්හිදී පෙබරවාරි මස 05 වැනි ආරම්භ වන 12 වැනි දකුණු අාසියානු ක‍්‍රීඩා උළෙලට (සාග් ක‍්‍රීඩා උළෙල) සහභාගි වන ශ්‍රී ලංකා කාන්තා හොකී පිලේ පුහුණුකරු තේරීමේදී තමන්ට අසාධාරණයක් සිදුවූ බවට එම කණ්ඩායමේ හිටපු පුහුණුකරු එම්. ඒ. එම්. අෂ්රොෆ් මහතා ක‍්‍රීඩා අමාත්‍යවරයාට ලිඛිතව පැමිණිළි කර තිබේ.

ක‍්‍රීඩා අධ්‍යක්‍ෂ ජනරාල් කේ. ඞී. එස්. රුවන්චන්ද්‍ර මහතාගේ ප‍්‍රධානත්වයෙන් පැවැත්වූ සම්මුඛ පරීක්‍ෂණයට සහභාගි වූ පුහුණුකරුවන් දෙදෙනාගෙන් තමන්ට වැඩි සුදුසුකම් තිබියදී තමන්ව කපාහැර ඇති බවට පැමිණිල්ලේ සඳහන් වන බව වාර්තා වේ.

සාග් ක‍්‍රීඩා උළෙලට සහභාගි වීම සඳහා මේ වන විට තෝරාගෙන ඇති 22 දෙනකුගෙන් යුත් කාන්තා හොකී සංචිතයේ ක‍්‍රීඩිකාවන් 15 දෙනකුම අෂ්රොෆ් මහතා යටතේ පුහුණුව ලැබූ ක‍්‍රීඩිකාවන් බවත් එම ක‍්‍රීඩිකාවන්ද පුහුණුකරු තේරීමට විරෝධය දැක්වීමට සූදානමින් සිටින බවත් වාර්තා වේ.

අෂ්රොෆ් මහතා 2003 වසරේ සිට 2015 වසර දක්වා වසර 12 කට අධික කාලයක් ශ්‍රී ලංකා කාන්තා පිලේ පුහුණුකරු ලෙස ජාත්‍යන්තර තරගාවලි 6 කදී ආසියානු පදක්කම් දෙකක් ගෙන ඒමට කණ්ඩායම මෙහෙයවා තිබේ. ඒ මහතා මේ වන විට නාවික හමුදා සහ මහනුවර සීතාදේවී බාලිකා විදුහල් යන කණ්ඩායම්වල පුහුණුකරු ලෙස ද කටයුතු කරයි.

පුහුණුකරු තේරීමේ සම්මුඛ පරීක්‍ෂණ මණ්ඩලයට හොකී පුහුණුකරු තේරීමට සුදුසුකම් ඇති නිලධාරීන් නොසිටි බවත් එයට හොකී ක‍්‍රීඩාවට සම්බන්ධ නිලධාරීයකු ලෙස තේරීම් කමිටු සභාපතිවරයා පමණක් සිටි බවත් වාර්තා වේ.

සම්මුඛ පරීක්‍ෂණ මණ්ඩලයට දැල්පන්දු ක‍්‍රීඩාවට සම්බන්ධ නිලධාරිනියක් සහ හොකී ක‍්‍රීඩාව පිළිබඳව කිසිඳු දැනුමක් නොමැති නිලධාරීන් කීප දෙනෙකු සහභාගි වී සිටි බව ද වාර්තා වේ.

එම සම්මුඛ පරීක්‍ෂණයේදී ප‍්‍රායෝගික සුදුසුකම් පිළිබඳව කිසිදු අවධානයක් යොමු නොකළ බවත් පුහුණුකරු පාඨමාලා සහතික පිළිබඳව පමණක් අවධානය යොමු කළ බවත් වාර්තා වේ.

මේ පිළිබඳව කළ විමසුමකදී එම්. ඒ. එම්. අෂ්රොෆ් මහතා පැවසුවේ වසර ගණනාවක් පුහුණුකරු ලෙස කටයුතු කළ තමන් ඉවත් කිරීමේ සූදානම් ඇති බව තමන්ට සම්මුඛ පිරීක්‍ෂණය ආරම්භයේදීම තේරුම් ගිය බවයි.

”පුහුණුකරුවකුගේ සහතික නෙමෙයි බලන්න ඕනේ, ඔහු ක‍්‍රීඩාපිටිය තුළ කරලා තියෙන්නේ මොනවද කියලයි. අතේ සල්ලි තියෙනවා නම් විදේශ පුහුණුකරු පාඨමාලා  ඕනතරම් ගන්න පුළුවන්” යැයි අෂ්රොෆ් මහතා වැඩි දුරටත් පැවසීය.

මෙවර සාග් ක‍්‍රීඩා උළෙල ගුවහටි සහ ශිලොන්ග් නගරවලදී පෙබරවාරි මස 5 වැනිදා සිට 16 වැනිදා දක්වා පැවැත්වේ.   

 


අදහස් (0)

පුහුණුකරු කී‍්‍රඩා ඇමතිට පැමිණිළි කරයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.