Last Update  :  2024-05-15 21:40:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව front_1 පැසිපන්දු පිලේ සාග් සහභාගිත්වය වැට උඩ

පැසිපන්දු පිලේ සාග් සහභාගිත්වය වැට උඩ

සංජය එරමුදුගොඩ - 2016 පෙබ මස 06 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ඉන්දියාවේදී දැන් පැවැත්වෙන 12 වැනි දකුණු ආසියානු ක‍්‍රීඩා උළෙලේ පැසිපන්දු තරගාවලියට සහභාගි නොවන ලෙස අන්තර්ජාතික පැසිපන්දු සම්මේලනය ශ‍්‍රී ලංකාවට දැනුම් දී තිබේ.

සාග් ක‍්‍රීඩා උළෙලේ පැසිපන්දු තරගාවලිය සංවිධානය කිරීම සම්බන්ධයෙන් ඉන්දීය පැසිපන්දු සම්මේලනය සහ ඉන්දීය ජාතික ඔලිම්පික් කමිටුව අතර ඇති වු ගැටුමක් මීට හේතු වී ඇතැයි වාර්තාවේ.

සාග් පැසිපන්දු තරගාවලිය සංවිධානය කිරීමේ පුර්ණ අයිතිය ඉන්දීය ජාතික ඔලිම්පික් කමිටුව ලබා ගැනීම නිසා ඉන්දීය පැසිපන්දු සම්මේලනය විසින් ලෝක පැසිපන්දු සම්මේලනයට ඒ පිළිබඳව දන්වා යවා තිබේ. ඒ අනුව ලෝක පැසිපන්දු සම්මේලනය සාග් ක‍්‍රීඩා උළෙලට සහභාගිවන සෙසු රටවල්වලට දන්වා ඇත්තේ ක‍්‍රීඩා උළෙලට සහභාගිනොවන ලෙසත්, සාග් පැසිපන්දු තරගාවලිය තම සම්මේලනය නොපිළිගන්නා බවත්ය.

සාග් ක‍්‍රීඩා උළෙලට සහභාගිවීමට ශ‍්‍රී ලංකාව සුදානම් සිටින බැවින් ඒ සඳහා අවස්ථාව ලබාදෙන ලෙස දන්වා ශ‍්‍රී ලංකා ජාතික ඔලිම්පික් කමිටුව හරහා ලෝක පැසිපන්දු සම්මේලනයට ලිපියක් යොමු කිරීමට කටයුතු කළ බව ශ‍්‍රී ලංකා පැසිපන්දු සංගමයේ සභාපති අසංක අමරතුංග මහතා පැවසීය.

අමරතුංග මහතා පවසන්නේ මේ සම්බන්ධයෙන් ඉන්දීය ජාතික ඔලිම්පික් කමිටුව සහ ඉන්දීය පැසිපන්දු  සමමේලනය විශේෂ රැස්වීමක් අද හෝ හෙට පැවැත්වීමට තීරණය කර ඇති බවයි. එමගින් ක‍්‍රීඩා උළෙලේ පැසිපන්දු තරගාවලිය පැවැත්වෙනවා ද නැද්ද යන්න පිළිබඳව තීරණය වනු ඇති බවද අමරතුංග මහතා වැඩිදුරටත් පැවසීය.

දකුණු ආසියානු ක‍්‍රීඩා උළෙලේ පැසිපන්දු තරගාවලිය (පිරිමි/කාන්තා) මේ මස 11 වැනිදා ගුවහාටි නගරයේදී ආරම්භවීමට නියමිතව තිබේ. ශ‍්‍රී ලංකා පැසිපන්දු කණ්ඩායම් මේ මස 9 වැනිදා ඉන්දියාව බලා පිටත්ව යාමට අපේක්ෂාවෙන් පසුවේ.

 


අදහස් (0)

පැසිපන්දු පිලේ සාග් සහභාගිත්වය වැට උඩ

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.