Last Update  :  2024-05-17 11:06:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව front_1 පැරණි මිතුරෝම යළි අවසන් සටනට එති

පැරණි මිතුරෝම යළි අවසන් සටනට එති

ශනුක අරවින්ද - 2015 ජුලි මස 11 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

 

ජාත්‍යන්තර ටෙනිස් පිටියේ විශිෂ්ඨතම කී‍්‍රඩකයකු ලෙස අසීමිත කීර්තියකට හිමිකම් කියන ස්විට්සර්ලන්තයේ රොජර් ෆෙඩරර් කිසිවකු නොසිතූ පරිදි නැවතත් සිය දස්කම් මුවහත් කරගෙන සිටී. මේ 33 හැවිරිදි කී‍්‍රඩකයාගේ පැරැණි දස්කම් යළිත් ඉස්මතුවීම අංක එකේ කී‍්‍රඩකයා වන සර්බියාවේ නොවැක් ඩිජොකෝවික් පසුගිය වසරේදී අත්කරගත් විම්බල්ඩන් ශූරතාවට ප‍්‍රබල අභියෝගයක් වී තිබේ.

හෙට පැවැත්වෙන අවසන් තරගයත් සමග 10 වැනි වරටත් විම්බල්ඩන් අවසන් තරගයට සුදුසුකම් ලද ෆෙඩරර් මේ තීරණාත්මක ගැටුමට නැවත වරක් සිය පැරැණි මිත‍්‍රයා එක්වී සිටීම ගැන පසුවන්නේ සතුටිනි. එය නොම්මර එකේ හා දෙකේ කී‍්‍රඩකයන්ගේ සංග‍්‍රාමයක් ලෙස විචාරකයන් හැඳින්වූවත් දෙදෙනාටම ඒ ගැන නම් කිසිදු තැකීමක් නැති ගාණය.

ෆෙඩරර්ගේ සමකාලින කි‍්‍රඩකයකු වන ඇන්ඩි රොඩික් මේ ගැටුමේ දී ඩිජොකෝවික් පරාජය කිරීමට ෆෙඩර්ර්ට කදිම අවස්ථාවක් ලැබී ඇති බව කියයි.

මේ දක්වා ග‍්‍රෑන්ඞ් ස්ලෑම් ශූරතා 17 ක් දිනා සිටින ෆෙඩර්ර් වසර 2012 න් පසුව විම්බල්ඩන් ශූරතාවට අත තබා නැත. ඩිජොකෝවික් දිනා ඇත්තේ ඉන් හරි අඩකි. එහෙත් ඔහු දිනූ ග‍්‍රෑන්ඞ් ස්ලෑම් ශූරතා 8 ට  2013 හා පසුගිය වසරේ දී දිනාගත් විම්බල්ඩන් කිරුළත් ඇතුළත්ය.

මේ දෙදෙනා ප‍්‍රධාන තලයේ තරගාවලියක සටන් වදින්නේ 40 වැනි වතාවටය. මීට පෙර ඔවුන්ගේ තරග වාර්තාව 20-19 ක් ලෙස ඉදිරියෙන් පසුවන්නේ ෆෙඩර්ර්ය.

”ඔහුට එරෙහිව තරග කළ හැම අවස්ථාවකදීම මට එකිනෙකට වෙනස් හැගීමක් තමයි දැනුණේ. ඒ දේවල්වලින් තමයි මම අවබෝධ කරගන්නේ ඔහුව පරාජය කරන්න තව මොනවද මම දියුණු කරගත යුත්තේ කියලා” යයි ඩිජොකෝවික් සිය මිතුරා ගැන එසේ කියයි.

”ඔහු තමයි ශ්‍රේෂ්ඨයා..” ඩිජොකෝවික් එසේ ද කීවේය.

ඉන් අදහස් කෙරෙන්නේ මේ නොම්මර එකේ කී‍්‍රඩකයාට සිය ප‍්‍රතිවාදීයා කෙරෙහි ඇති ගෞරව සම්ප‍්‍රයුක්ත ලැදියාවයි. එය විම්බල්ඩන් අවසන් ගැටුමේ වාසිය ෆෙඩරර්ට ලැබෙන අන්දමේ ප‍්‍රකාශයක් නොවන බව නම් ඉඳුරාම කිව හැකිය.

අවසන් මහා තරගය හෙට ශ‍්‍රී ලංකා වේලාවෙන් පස්වරු 6.30ට ඇරැඹේ.

 

- 077


අදහස් (0)

පැරණි මිතුරෝම යළි අවසන් සටනට එති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.