Last Update  :  2025-05-13 15:33:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව front_1 පළමු දිනයේ පාලනය ශී‍්‍ර ලංකා පිල අතට

පළමු දිනයේ පාලනය ශී‍්‍ර ලංකා පිල අතට

දිලිනි මල්රුක්ෂි - 2014 ජන මස 27 {{hitsCtrl.values.hits}} Views 2 Comment
A A A

 

සංචාරක ශ‍්‍රී ලංකා පිල සහ බංග්ලාදේශ පිල අතර තරග දෙකකින් සමන්විත ටෙස්ට් ක‍්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් මීර්පූර්හි දැන් පැවැත්වෙන පළමු තරගයේ පළමු දිනය වන අද (27) බංග්ලාදේශ පළමු ඉනිම ලකුණු 232 කට සීමා කිරීමට ශ්‍රී ලංකා පන්දු යවන්නෝ සමත් වූහ.

අනතුරුව සාර්ථක ආරම්භයක් ලබාගත් ශී‍්‍ර ලංකා කණ්ඩායම මුල් දිනයේ තරගය නතර කරන විට කිසිවකු නොදැවී ලකුණු 60 ක් ලබා සිටියේය. සවස තරගය නතර කරන විට කෞෂාල් සිල්වා (නොදැවී 30) සහ දිමුත් කරුණාරත්න (නොදැවී 28) පිටියේ රැඳී සිටියහ.

ශී‍්‍ර ලංකා පිල වෙනුවෙන් ශාමින්ද එරංග දක්‍ෂ පන්දු යැවීමක නිරත වෙමින් ලකුණු 49 කට කඩුලූ 4 ක් දවා ගැනීමට සමත් විය. මෙය ශාමින්දගේ ටෙස්ට් ක‍්‍රිකට් දිවියේ ඉනිමක ඉහළතම දක්‍ෂතාව වන අතර පසුගිය පාකිස්තානු සංචාරයේ සාජා ක‍්‍රීඩාංගණයේදී පැවැති තෙවැනි ටෙස්ට් තරගයේදී ලකුණු 60 කට කඩුලූ 4 ක් දවා ගනිමින් මීට පෙර ඉහළතම දක්‍ෂතාව ලෙස සටහන් කර තිබුණි.

දකුණතින් වේග පන්දු යවන සුරංග ලක්මාල් ලකුණු 66 කට කඩුලූ 3 ක් දවා ගත්තේය. කෙසේ වෙතත් ලක්මාල් පන්දු යවමින් සිටියදී ආබාධයකට ලක්වීමෙන් පන්දු යැවීමෙන් ඉවත් විය.

බංග්ලාදේශ පිලේ නායක මුෂ්ෆිකුර් රහීම් ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත්වෙමින් පන්දු 122 කදී හතරේ පහර 9 ක් සමගින් ලකුණු 61 ක් රැස් කළේය.
 
ශකීබ් අල් හසන් (55) සහ මුෂ්ෆිකුර් රහීම් (61) පස්වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 86 ක සම්බන්ධතාවක් පවත්වමින් වැටී තිබූ ඉනිමට පණ දෙමින් බංග්ලාදේශ පිල ගෞරවනීය තත්ත්වයකට රැගෙන ඒමට සමත් වූහ.

සුරංග ලක්මාල්ගේ දක්‍ෂ පන්දු යැවීම හමුවේ මොමිනුල් හල් ලකුණු 8 කට දැවී යෑමත් සමග ලකුණු 59 කට කඩුලූ 4 ක් බවට පත්ව බංග්ලාදේශ පිල අසීරු තත්ත්වයකට පත්විය. නායක ඇන්ජලෝ මැතිව්ස්, බංග්ලාදේශ අංක තුන පිතිකරු මර්ෂල් අයුබ්ගේ (01) ඉනිම පන්දු හයකට සීමා කිරීමට සමත් විය.  

ශාමින්ද එරංග හොද ආරම්භයක් ලබා ගනිමින් ප‍්‍රවේගකාරි පිතිකරු තමීම් ඉක්බාල් ලකුණු 6 ක් ලබා සිටියදී පළමු කඩුල්ල ලෙස පිටියෙන් ඉවත් කිරීමට සමත් විය. ශ‍්‍රී ලංකා පිලේ නායක ඇන්ජලෝ මැතිව්ස් කාසියේ වාසිය ලබා පළමුව පන්දුවට පහර දීමට බංග්ලාදේශ පිලට ආරාධනා කළේය.

මෙම තරගයට ක‍්‍රීඩා කිරීමට නියමිතව සිටි ශ‍්‍රී ලංකා පිලේ නිත්‍ය කඩුලූ රකින ක‍්‍රීඩක ප‍්‍රසන්න ජයවර්ධනගේ පියාණන් අභාවප‍්‍රාප්ත වීම නිසා අද (27) පෙරවරුවේ ප‍්‍රසන්න නැවත ශ‍්‍රී ලංකාවට  පිටත්කර එවා තිබේ. ප‍්‍රසන්න ජයවර්ධන වෙනුවට දිනේෂ් චන්දිමාල් කඩුලූ රැකීමේ කාර්යය ඉටු කළේය.

ප‍්‍රසන්න ජයවර්ධනගේ ස්ථානයට මෙම තරගයේදී කිත්රුවන් විතානගේ කැදවා තිබේ.

 

ලකුණු පුවරුව


අදහස් (2)

පළමු දිනයේ පාලනය ශී‍්‍ර ලංකා පිල අතට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.