Last Update  :  2024-05-15 21:40:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව front_1 නඩාල්ගේ ගමනට බ‍්‍රවුන් හරස්වෙයි

නඩාල්ගේ ගමනට බ‍්‍රවුන් හරස්වෙයි

රොෂාන් ගුණරත්න - 2015 ජුලි මස 03 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

මීට පෙර දෙවතාවක්ම විම්බල්ඩන් ටෙනිස් කිරුළට හිමිකම් කියා ඇති ස්පාඤ්ඤයේ රෆායල් නඩාල් 2015 විම්බල්ඩන් ශූරතාවලියේ දී වේලාසනින්ම තරග නරඹන්නකු බවට පත්කිරීමට ජර්මනියේ ඩස්ටින් බ‍්‍රවුන් ඊයේ සමත්විය.

විම්බල්ඩන් ටෙනිස් කී‍්‍රඩා සංකීර්ණයේ මධ්‍යම කී‍්‍රඩාංගණයේදී ඊයේ පැවැති මේ තරගයේ දී හිටපු අංක එකේ කී‍්‍රඩකයාව ලකුණු 7-5, 3-6 ක්, 6-4 ක් සහ 6-4 කින් පරදවා විම්බල්ඩන් ශූරතාවලියේ තුන්වැනි වටයට එක්වීමට ලෝක ශ්‍රේණිගත කිරීම්වල 102 වැනි ස්ථානයේ පසුවන ඩස්ටින් බ‍්‍රවුන් සමත්විය.

මේ වසරේ මුල්පෙළ තරගවල දී මේ 30 හැවිරිදි කී‍්‍රඩකයා පිට පිට තරග ජයගත් දෙවැනි අවස්ථාව මෙය වේ. 29 හැවිරිදි නඩාල් විම්බල්ඩන් ශූරතාවලියේ මීට පෙර වසර තුනේදී දෙවැනි, පළමු හා සිවුවැනි වටවල දී පරාජයට පත්ව තරගාවලියෙන් ඉවත්වී තිබිණි. ග‍්‍රෑන්ඞ් ස්ලෑම් ශූරතා 14 ක් දිනා ඇතත් ඒ සෑම අවස්ථාවකදීම නඩාල් පරාජයට පත්ව තිබුණේ ලෝක ශ්‍රේණිගත කිරිම්වල 100 ට ඔබ්බෙන් සිටින කී‍්‍රඩකයන් හමුවේ වීම කැපී පෙන්නනකි.

වසර 2010 දී ජැමෙයිකාවෙන් ජර්මනියට සංක‍්‍රමණය වූ බ‍්‍රවුන් දැන් නඩාල්ට එරෙහිව දෙවතාවක්ම ජයගෙන සිටී. පසුගිය වසරේ දීත් ඔහු ස්පාඤ්ඤයේ පැවැති තරගාවලියක දී නඩාල් පරාජය කළේය.

”නඩාල්ට එරෙහිව මට මගේ උපරිම දස්කම් දැක්විමට සිදුවුණා” යයි ඩස්ටින් බ‍්‍රවුන් බී.බී.සී. සේවයට පවසා තිබිණ.

”ඔහුට එරෙහිව ජයගත් දෙවතාවේම මගේ පි‍්‍රයතම තණකොළ සහිත පිටිවල කී‍්‍රඩා කිරිමට ලැබීම වාසනාවක්. මං සෙල්ලම් කරපු හැටියට ඔහුට ඔහුගේ කී‍්‍රඩා රටාව එහෙම පිටින්ම අමතක වුණා. ඔහු කිසිසේත්ම නිවැරැුදි රිද්මයට ආවේ නෑ” යයිද ඩස්ටින් වැඩිදුරටත් කියා තිබිණ.

ඊයේ ලද ජයග‍්‍රහණයෙන් ඩස්ටින්ට පවුම් 77,000ක තරග මුදලක් හිමිවනු ඇත. සෙනසුරාදා (4* සිවුවැනි වටයේ දී ඔහු තරග වැදිමට නියමිතව ඇත්තේ ශ්‍රේණිගත කිරීම්වල 22 වැනි තැන රැුඳීසිටින වික්ටර් ට්‍රොයිකි සමගය.

”මගේ කී‍්‍රඩා රටාව මිනිස්සු අගය කිරීම සතුටක්. අනිත් අතට එයාලා මං ගැන මොනවද කියන්නේ කියලා හිතන්න ගියොත් මට මේ විදිහට සෙල්ලම් කරන්න ලැබෙන එකකුත් නෑ” තරගයෙන් පසුව ඩස්ටින් බ‍්‍රවුන් කීවේය.

බ‍්‍රවුන්ගේ ප‍්‍රහාරාත්මක කී‍්‍රඩා රටාව දැනට ශ්‍රේණිගත කිරිම්වල 10 වැනි තැන සිටින නඩාල්ට කොහෙත්ම පහසු එකක් වූයේ නැත. තදින් පන්දුවට පහරදෙන බ‍්‍රවුන් මේ තරගයේ දී නඩාල් දැඩි ලෙස වෙහෙසට පත් කළේය. ඔහුට බ‍්‍රවුන්ගේ පහරවල්වලට ඉදිරියට යාම දැඩි හිසරදයක් ගෙන දුන් කරුණක් විය.

ජැමෙයිකානු පියකුට හා ජර්මානු මවකට දාව උපන් ඩස්ටින් බ‍්‍රවුන් 1996 සිට 2010 දක්වා කී‍්‍රඩා කළේ ජැමෙයිකාව වෙනුවෙනි. දැන් ජර්මානු කී‍්‍රඩකයකු ලෙස තරග බිමට එක්වූවත් ජැමෙයිකාව කිසිසේ්්්්ත්ම අමතක නොකරන බවද බ‍්‍රවුන් කියයි.

ජැමෙයිකාවෙන් ලෝක සංගීත ක්ෂේත‍්‍රය ආක‍්‍රමණය කළ සුප‍්‍රකට ගායක බොබ් මාලේට තදින් පිස්සු වැටී සිටින ඩස්ටින් බ‍්‍රවුන් රස්තා සංස්කෘතියේ නූතන මොඩලයකි. කලක් ලොව පුරා උන්මාදයක් ඇති කළ බොබ් මාලේගේ හිසකේ විලාසිතාව අනුගමනය කරන හෙතෙම සිය ජයග‍්‍රහණය සැමරුවේ පසුගිය වසරේ දී ඔහුගේ පියා විසින් උදරය ප‍්‍රදේශයේ කොටන ලද බොබ් මාලේගේ රුව සහිත පච්චා මෝස්තරය ක‍්‍රීඩාලෝලීන් හමුවේ ප‍්‍රදර්ශනය කරමිනි.


අදහස් (0)

නඩාල්ගේ ගමනට බ‍්‍රවුන් හරස්වෙයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.