Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ශී‍්‍ර ලංකා කණ්ඩායමේ ප‍්‍රබලතම වේග පන්දු යවන්නා වන නුවන් කුලසේකර ඉකිළියේ ඇතිවූ ආබාධයක් නිසා නැවතත් ශී‍්‍ර ලංකාවට පැමිණෙයි. ඔහුගේ මෙම ආබාධය ශී‍්‍ර ලංකාව සහ බංග්ලාදේශය අතර ඊයේ (17 වැනිදා) එක්දින තරගය පැවැති අවස්ථාවේදී ඇතිවූවකි.
එම තරගයේදී ඕවර 6 ක් යැවූ කුලසේකර බංග්ලාදේශ පන්දු පිතිකරුවන්ගේ ලකුණු ලබාගැනීම ලකුණු 38 කට සීමා කළේය. කුලසේකරගේ ස්ථානය සඳහා ශී‍්‍ර ලංකා ‘එ්’ කණ්ඩායම වෙනුවෙන් කී‍්‍රඩා කරමින් සිටි ධම්මික ප‍්‍රසාද් බංග්ලාදේශය බලා පිටත්ව යනු ඇත.
ඇතිවී තිබෙන ආබාධයේ ස්වභාවය අනුව මේ මස 25 වැනිදා බංග්ලාදේශයේදී ආරම්භ වන ආසියානු කුසලාන තරගාවලිය සඳහාත් කී‍්‍රඩා කිරීමේ අවස්ථාව කුලසේකරට අහිමි වනු ඇතැයි වාර්තා වේ. කෙසේ වෙතත් මාර්තු මස තුන්වැනි සතියේ ආරම්භ වන විස්සයි:20 ලෝක කුසලාන තරගාවලිය සඳහා කී‍්‍රඩා කිරීමේ අවස්ථාවක් කුලසේකරට තිබිය හැකි බව ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආරංචි මාර්ග වලින් දැනගන්ට තිබේ.
ශී‍්‍ර ලංකා කණ්ඩායමේ ප‍්‍රබලතම දග පන්දු යවන්නා වන රංගන හේරත්ද දණහිසේ ආබාධයකට ලක්ව සිටින අතර ඔහු ලෝක කුසලාන තරගාවලියට කී‍්‍රඩා කරන්නේ එයින් සම්පූර්ණ සුවය ලදහොත් පමණි. හේරත් සුවය නොලද හොත් චතුරංග ද සිල්වා විස්සයි:20 ලෝක කුසලාන තරගාවලිය සඳහා ශී‍්‍ර ලංකා පිලට එක්වනු ඇත.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.