Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ශූරයන්ගේ විස්සයි20 ලීග් තරගාවලියේ මූලික වටයේ පස්වැනි තරගය ලෙස බාර්බඩෝස් ට‍්‍රයිඩන්ට්ස් පිල සහ කිංග්ස් XI පන්ජාබ් පිල අතර මොහාලිහිදී අද (20 වැනිදා) පැවැති තරගයෙන් කඩුලූ 4 ක ජයක් වාර්තා කිරීමට කිංග්ස් XI පන්ජාබ් පිල සමත්විය.
ජයග‍්‍රහණය සඳහා ලකුණු 175 ක ඉලක්කයක් හඹාගිය කිංග්ස් XI පන්ජාබ් පිල පන්දු 2 ඉතිරිව තිබියදී කඩුලූ 6 ක් දැවී එම ඉලක්කය පසුකර ගියේය.
පන්දු 34 කදි හයේ පහර 2 ක් සහ හතරේ පහර 3 ක් සමගින් නොදැවී ලකුණු 46 ක් රැස්කළ ඬේවිඞ් මිලර් තරගයේ වීරයා බවට පත් විය.
අක්ෂර් පටේල් (නොදැවී 23) සමග එක්ව 7 වැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 19 කදී ලකුණු 47 නොබිදුණ සම්බන්ධතාවත් ගොඩනැගූ මිලර්, 19 වැනි ඕවරයේ සිව්වැනි පන්දුවට හයේ පහරක් එල්ල කරමින් තම කණ්ඩායම ජයග‍්‍රහණය කරා රැගෙන ගියේය.
පන්දු 9 කට මුහුණදුන් අක්ෂර් පටේල් තම ඉනිම හයේ පහරකින් සහ හතරේ පහර 3 කින් අලංකාර කළේය.
රවී රාම්පාල් සහ ජීවන් මෙන්ඩිස් කඩුලූ 2 බැගින් දවාගැනීමට සමත්වූවද පන්ජාබ් පිලේ ජයග‍්‍රහණය වැළැක්වීමට තරම් එය ප‍්‍රමාණවත් නොවීය.
පළමුවෙන් පන්දුවට පහරදුන් බාර්බඩෝස් ට‍්‍රයිඩන්ට්ස් පිල නියමිත ඕවර 20 අවසානයේ කඩුලූ 6 ක් දැවී ලකුණු 174 ක් ලබාගත්තේය.
එහිදී වේගවත් ඉනිමක් කී‍්‍රඩා කළ ඩිල්ෂාන් මුණවීර පන්දු 26 කදී හයේ පහර 3 ක් සහ හතරේ පහර 5 ක් සමගින් ලකුණු 50 ක් රැස්කිරීමට සමත්විය. මුණවීර සහ විලියම් පර්කින්ස් (10) අතර ආරම්භක කඩුල්ල සඳහා පන්දු 31 කදී ඇතිවූ සම්බන්ධතාව ලකුණු 54 කි.
බාර්බඩෝස් පිලේ ඉනිම අවසන් වන තුරුම නොදැවී කඩුල්ලේ රැදීසිටි රේමන් රයිෆර් ලකුණු 60 ක් රැස්කරමින් තම කණ්ඩායමේ ලකුණු සංඛ්‍යාව ඉහළ දැමුවේය. පන්දු 42 කදී වාර්තා වූ ඔහුගේ ඉනිමට හයේ පහර 4 ක් සහ හතරේ පහර 3 ක් ඇතුළත් විය.
දක්ෂ පන්දුයැවීමක නිරත වූ පර්වින්දර් අවානා ලකුණු 46 කට කඩුලූ 3 ක් දවාගත් අතර පංජාබ් පිලේ 7 වැනි පන්දුයවන්නා ලෙස පන්දුයැවීම ඇරඹූ තිසර පෙරේරා ඕවර 3 ක් යවමින් ලකුණු 15 කට කඩුලූ 2 ක් දවාගත්තේය.
කාසියේ වාසිය දිනූ කිංග්ස් XI පන්ජාබ් පිල පළමුවෙන් පන්දුවට පහරදීම සඳහා බාර්බඩෝස් ට‍්‍රයිඩන්ට්ස් පිලට ආරාධනා කර සිටියේය.
බාර්බඩෝස් ට‍්‍රයිඩන්ට්ස් පිල - ඕවර 20 කදී කඩුලූ 6 ක් දැවී 174
(ඩිල්ෂාන් මුණවීර 50, රේමන් රයිෆර් නොදැවී 60, ජොනතන් කාටර් 20, පර්වින්දර් අවානා 46/3, තිසර පෙරේරා 15/3)
කිංග්ස් XI පන්ජාබ් පිල - ඕවර 19.4 කදී කඩුලූ 6 ක් දැවී 178
(විරේන්ද්‍ර ෂෙවාග් 31, මනන් වෝරා 27, ග්ලේන් මැක්ස්වෙල් 16, ඬේවිඞ් මිලර් 46, අක්ෂර් පටේල් නොදැවී 23, ජීවන් මෙන්ඩිස් 18/2, රවී රාම්පාල් 50/2)
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.