Last Update  :  2025-05-13 15:33:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව front_1 කුසල්ට වෙන්නේ කුමක්ද...?

කුසල්ට වෙන්නේ කුමක්ද...?

ශනුක අරවින්ද - 2014 මැයි මස 27 {{hitsCtrl.values.hits}} Views 36 Comment
A A A

ශ්‍රී ලංකා එක්දින සහ විස්සයි20 කි‍්‍රකට් පිලේ ආරම්භක පිතිකරුවකු ලෙස පසුගිය කාල වකවානුවේදී කී‍්‍රඩා කළ ප‍්‍රවේගකාරී පිතිකරු කුසල් ජනිත් පෙරේරා එංගලන්තය සමග පැවැත්වෙන තරග 5 කින් සමන්විත එක්දින තරගාවලියේ පළමු තරග 2 සඳහා කී‍්‍රඩා නොකළේය.

ඊට හේතුව වී ඇත්තේ කණ්ඩායමට කී‍්‍රඩා කරන කී‍්‍රඩකයන් 11 දෙනා අතර ඔහුට ස්ථානයක් නොමැති වීමයි. කණ්ඩායමේ උප නායක ළහිරු තිරිමාන්න එම තරග දෙකේදීම ආරම්භක පිතිකරුවාගේ ස්ථානයේ පන්දුවට පහරදුන්නේ.

මෙම තත්ත්වය නිර්මාණය වී ඇත්තේ මහේල ජයවර්ධන සහ කුමාර් සංගක්කාර දෙදෙනා එක්දින කණ්ඩායමට එක්වීම හේතුවෙන් කණ්ඩායමේ සමබරතාව රැකගැනීමත්, ළහිරු තිරිමාන්න කණ්ඩායමේ උපනායකා වීමත් නිසාය.

පාකිස්තානයට එරෙහිව පසුගිය වසරේ අග භාගයේ සිට පැවති තරගාවලියේ තරග 5 කදී ලකුණු 142 ක්ද (64, 16, 7, 8 සහ 47) මේ වසර මුලදී බංගලාදේශය සමග පැවති තරගාවලියේදී තරග 3 කදී ලකුණු 134 ක්ද (20, 8 සහ 106) ආසියානු කුසලාන තරගාවලියේ තරග 5 කදී ලකුණු 153 ක්ද (14, 64, 33, 0 සහ 42) බැගින් කුසල් අවසන් වරට සහභාගි වූ තරග 14 කදී ලකුණු 429 ක් රැස්කිරීමට සමත්වී තිබේ.

එංගලන්ත තරගාවලියට පෙර පැවති තරග 2 කින් සමන්විත අයර්ලන්ත තරගාවලියේදී එක් තරගකට සහභාගීවූ කුසල් එහිදී ලකුණු නොලබා දැවී ගියේය.

කුසල් මේ වන විටදී එක්දින ජාත්‍යන්තර තරග 28 කට සහභාගීවී ඇති අතර එහිදී ශතකයක් සහ අර්ධ ශතක 3 ක් සමගින් ලකුණු 620 ක් රැස්කරගෙන තිබේ. ඉනිමක සාමන්‍ය 26.95 ක් ලෙසද, ලකුණු රැුස්කිරීමේ වේගය පන්දු 100 කදී ලකුණු 83.55 ක් ලෙසද සටහන්වේ.  

මෙම කී‍්‍රඩකයා එංගලන්ත තරගාවලියේදී ඉතිරි තරග තුනේදී නැවත කණ්ඩායමට ඇතුළත්විය යුතුද, නැද්ද යන්න පිළිබඳව ‘කෙළිමඬළ’ වෙබ්අඩවිය මගින් කරන ලද මත විමසීමේදී 87.18 % දෙනකුගේ මතය වී ඇත්තේද ‘එක්දින පිලට කුසල් ඉන්නම  ඕනෑ’ යනුවෙනි.

‘කෙළිමඬළ’ වෙබ්අඩවියේ මුල් පිටුවට පිවිසීමෙන් ඒ සම්බන්ධව ඔබගේ අදහස් දැක්විය හැකිය.

-036


අදහස් (36)

කුසල්ට වෙන්නේ කුමක්ද...?

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.