Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ජ්‍යෙෂ්ඨ පිතිකරුවන් නොමැති ශී‍්‍ර ලංකා පිල වෙනුවෙන් බර කරට ගත් කුසල් පෙරේරා (106) සහ දිනේෂ් චන්දිමාල් (64) තුන්වැනි කඩුල්ල වෙනුවෙන් ගොඩනැංවූ ලකුණු 138 ක සම්බන්ධතාව නිසා මීර්පූර්හි, ශ්රේ බංග්ලා ජාතික ක‍්‍රීඩාංගණයේදී අද (22 වැනිදා) පැවැති තුන්වැනි එක්දින තරගයේදී ශී‍්‍ර ලංකා කණ්ඩායම කඩුලූ හයක පහසු ජයක් අත්කරගත්තේය. මෙම ජයත් සමගින් ශී‍්‍ර ලංකා කණ්ඩායම තරග 3-0 ක් ලෙසින් එක්දින තරගාවලියද ජයගත් අතර බංග්ලාදේශ සංචාරයේ ටෙස්ට් (1-0) සහ විස්සයි20 තරගාවලියද (2-0) ජයගත්තේය.
ලකුණු 241 ක ඉලක්කයක් කරා ගිය ශී‍්‍ර ලංකා පිල ඕවර 2.3 ක් ඉතිරිව තිබියදී තරගයෙන් ජයගත් ඇන්ජලෝ මැතිව්ස් ගැසූ දැවැන්ත හයේ පහරකිනි.
සුපුරුදු ප‍්‍රහාරාත්මක පිතිහරඹය අමතක කළ කුසල් පෙරේරා සහ දිනේෂ් චන්දිමාල් එක්ව ඉතාමත් වගකීම් සහගත පිතිහරඹයක නිරත වෙමින් ශී‍්‍ර ලංකා පිල ඉදිරියට තල්ලූකරගෙන ගියහ.
ලකුණු 241 ක් කරා යාමේදී ප‍්‍රහාරාත්මක ඕවර 10 අවසන් වී යවන ලද පළමු පන්දුවේදීම ළහිරු තිරිමාන්න දවාගත් බංග්ලාදේශ පන්දු යවන්නන් පීඩනය වැඩි කරමින් නැවතත් තරගයට අවතීර්ණ වූ නමුත් ප‍්‍රවේසමෙන් පිත්ත හැසිරවූ මෙම පිතිකරුවන් දෙදෙනාම අවස්ථාව ලද සැණෙකින් අත දිගහැර පහර දීමටත් පසුබට නොවූ හෙයින් බංග්ලාදේශ පන්දු යවන්නන්ට පීඩනය පවත්වාගෙන යාම අසීරු විය.
පන්දු 124 කට මුහුණ දුන් කුසල් සිය ඉනිම දැවැන්ත හයේ පහර 5 කින් සහ හතරේ පහර 6 කින් අලංකාර කරමින් තමාගේ මංගල එක්දින ශතකය සම්පූර්ණ කළේය.
පළමු ලකුණු 50 සඳහා පන්දු 80 කට මුහුණ දුන් වමත් පිතිකරුවා එතැන් සිට ශතකය කරා යාමට මුහුණ දුන්නේ පන්දු 38 ක් පමණි. කෙසේ වෙතත් ඔහු සිය ශතකය ලබාගත් පන්දු 118 න් පන්දු 62 ක්ම ලකුණු ලබා නොගත් පන්දු වීම මෙම ඉනිම කෙරේ ඔහුගේ ආකල්පය පැහැදිළි කරන්නකි.
පිටියට පිවිසි මොහොතේ සිටම කුසල්ට වඩා තරමක් ආක‍්‍රමණශීලී වූ චන්දිමාල් සිය ලකුණු 64 වෙනුවෙන් මුහුණ දුන්නේ පන්දු 70 කට පමණක් වූ නමුත් ඊට අලංකාර හතරේ පහර 4 ක් ඇතුළත් විය.
පළමුවෙන් පන්දුවට පහර දුන් බංග්ලාදේශ පිල වෙනුවෙන් හයේ පහර 3 ක්ද සහිතව සොහාග් ගාසි පන්දු 13 කදී ලබාගත් ලකුණු 23 ට පින්සිදු වන්නට බංග්ලාදේශ කණ්ඩායම ශී‍්‍ර ලංකා පිලට එරෙහිව ඕවර 50 ක් අවසානයේදී කඩුලූ 8 ක් දැවී ලකුණු 240 ක් ලබාගැනීමට සමත් විය. බංග්ලාදේශ පිල ඕවර 40 ක් අවසානයේදී ලබා සිටියේ ලකුණු 184 ක් පමණි.
අවසන් ඕවර කිහිපයේදී ඉතාමත් සාර්ථක පන්දු යැවීමක නිරත වූ ශී‍්‍ර ලංකා පන්දු යවන්නන් බංග්ලාදේශ පිතිකරුවන් හොඳින් පාලනය කිරීමට සමත් වූ නමුත් සචිත‍්‍ර සේනානායකගේ ඕවරයකදී හයේ පහර දෙකක් ගැසූ සොහාග් ගාසි බංග්ලාදේශ පිලේ බලාපොරොත්තු දැල්වීය.
ශී‍්‍ර ලංකා පන්දු යවන්නන්ට තර්ජනයක් වෙමින් ලකුණු ලබාගනිමින් සිටි මොමිනුල් හක් ලකුණු 60 ක් ලබා සිටියදී කිත්රුවන් විතානගේගේ විශිෂ්ට පන්දු රැකීමක් හේතුවෙන් දුවද්දී දැවී ගියේය. බංග්ලාදේශ පිලේ ලකුණු සංඛ්‍යාව මීට වඩා ඉහළ දැමීමේ හැකියාව තිබූ මොමිනුල්, පන්දුවකට ලකුණක් වශයෙන් පන්දු 60 කදී ලබාගත් ලකුණු 60 ට හතරේ පහර 8 ක් ඇතුළත් විය.
තරගයේ හයවැනි ඕවරය නිමාවේදී අනමුල් හක් ලකුණු 2 ක් ලබා දැවී ගිය නමුත් වමත් පිතිකරු මොමිනුල් හක් සහ ශම්සුර් රහමන් (25) දෙවැනි කඩුල්ල වෙනුවෙන් සාර්ථක සම්බන්ධතාවක් පවත්වාගෙන ගියහ. එහෙත් ඞීප් ස්ක්වෙයාර් ලෙග් සහ ලෝන්ග් ලෙග් කලාපයේ පන්දු රකින්නන් රඳවමින් පිතිකරුවන් වෙත කෙටි පන්දු යැවූ ධම්මික ප‍්‍රසාද් විසින් ශම්සුර් රහමන් දවාගන්නා ලද හෙයින් දෙවැනි කඩුල්ලේ සම්බන්ධතාව ලකුණු 45 දී අවසන් විය.
වසර දෙකකට පසුව එක්දින කණ්ඩායමට එක්වූ ධම්මික ප‍්‍රසාද් අගනා පන්දු යැවීමක නිරත වෙමින් ඕවර 10 කදී ලකුණු 49 කට කඩුලූ 3 ක් දවාගත්තේ ඉදිරි පෙළ පන්දු යවන්නන් වන ලසිත් මාලිංග, නුවන් කුලසේකර සහ රංගන හේරත් නොමැති ශී‍්‍ර ලංකා කණ්ඩායමේ පන්දු යැවීමේ බර කරට ගනිමිනි. ලසිත් මාලිංගගේ ස්ථානය හිමිකරගත් සුරංග ලක්මාල් සිය සාර්ථකම එක්දින පන්දු යැවීම වාර්තා කරමින් තමාගේ ඕවර 10 දී බංග්ලාදේශ පිතිකරුවන්ට ලබාගැනීමට අවසර දුන්නේ ලකුණු 24 ක් පමණි. ඒ අතරවාරයේදී කඩුලූ 2 ක් දවාගැනීමටද ලක්මාල් සමත් විය.
කාසියේ වාසිය දිනාගත් ශී‍්‍ර ලංකා නායක ඇන්ජලෝ මැතිව්ස් පන්දු යැවීම තෝරා ගත්තේය. ශී‍්‍ර ලංකා පිල වෙනස්කම් 4 ක් සහිතව තරගයට පිවිසි අතර තරග 3 ක තහනමකට ලක්වීම නිසා බංග්ලාදේශ පිලේ හිටපු නායක සකිබ් අල් හසන් අද තරගයට කී‍්‍රඩා නොකළේය.
තරගයේ තවත් සේයාරූ මෙතැනින්....
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.