Last Update  :  2024-05-15 21:40:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව front_1 ඇමති නියෝගයෙන් තේරීම් තරගාවලියක්

ඇමති නියෝගයෙන් තේරීම් තරගාවලියක්

සංජය එරමුදුගොඩ - 2016 ජන මස 24 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

COMBO-01

 

12 වැනි දකුණු ආසියානු ක‍්‍රීඩා උළෙලේ (සාග්) ටෙනිස් තරග සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගි වීමට නියමිත කණ්ඩායම සම්බන්ධයෙන් ගැටලූකාරී තත්ත්වයක් උද්ගත වී ඇති බැවින් ඊට කී‍්‍රඩා අමාත්‍යවරයාගේ අනුමැතිය ලැබී නැති බව වාර්තා වේ.

තෝරාගැනීමේ තරගාවලියක් නොපවත්වා, පසුගිය වසරේ (2015) ශ්‍රේණිගත කිරීම් පදනම් කරගෙන කණ්ඩායම තෝරාගැනීම අසාධාරණ යයි කණ්ඩායමට ඇතුළත්ව නැති කී‍්‍රඩිකාවක වන රොෂෙන්කා ප‍්‍රනාන්දුගේ දෙමාපියන් විසින් කී‍්‍රඩා අමාත්‍යවරයා වෙත යෙමුකරන ලද විරෝධතාවක් හේතුවෙන් අමාත්‍යවරයා මෙම කණ්ඩායමට අනුමැතිය ලබාදීමෙන් වැලකී තිබේ.

එම කී‍්‍රඩිකාවගේ විරෝධතාව පිළිබඳ වැඩිදුර අධ්‍යයනය කිරීමෙන් පසුව අමාත්‍යවරයා පවසා ඇත්තේ ඇයට මෙන්ම කණ්ඩායමට තේරී ඇති සෙසු කී‍්‍රඩිකාවන්ටද අසාධාරණයක් නොවන පරිදි තෝරාගැනීමේ තරගාවලියක් පවත්වා කණ්ඩායමක් තෝරා ගන්නා ලෙසයි. අනතුරුව එය අනුමැතිය ලබාගැනීම සඳහා ඉදිරිපත් කරන ලෙස කී‍්‍රඩා ඇමතිවරයා ශ්‍රී ලංකා ටෙනිස් සංගමයට නියෝගකර ඇත.

ඒ අනුව විරෝධතාව යොමුකළ කී‍්‍රඩිකාවද (රොෂෙන්කා ප‍්‍රනාන්දු) සමගින් කණ්ඩායමට සුදුසුකම් ලබා නොමැති තවත් තවත් කී‍්‍රඩිකාවන් දෙදෙනකු (හසිඳි ලොකුගේ සහ ශෙනාලි වීරසේකර) මේ මස 25, 26 සහ 27 යන දින වලදී තෝරාගැනීමේ තරගාවලියකට සහභාගි වීමට නියමිත ය. ඉන් වැඩි දස්කම් දක්වන කී‍්‍රඩිකාව කේවල තරග වලට සහභාගි වීම සඳහා දැනට කාන්තා කණ්ඩායමට ඇතුළත්ව සිටි කී‍්‍රඩිකාවන් දෙදෙනා වන නෙත්මි වඩුගේ සහ තිසුරි මෝල්ලිගොඩ සමගින් තරග වැදීමට නියමිත බවත් ශ්‍රී ලංකා ටෙනිස් සංගමයේ තේරීම් කමිටු සභාපති ආසිරි ඉද්දමල්ගොඩ මහතා ‘ලංකාදීප’ යට පැවසීය.

එම තරග දෙකෙන් ජයගන්නා කී‍්‍රඩිකාවන් දෙපල ශ්‍රී ලංකාව නියෝජනය කරමින් දකුණු ආසියානු ක‍්‍රීඩා උළෙලේ ටෙනිස් කේවල තරග වලට සහභාගිවීමට අවස්ථාව උදා කරගන්නා බවද ඉද්දමල්ගොඩ මහතා තවදුරටත් කියා සිටියේය.

මේ වන විට අමාත්‍යවරයාගේ අනුමැතිය ලබා ගැනීම සඳහා ඉදිරිපත් කර තිබෙන පිරිමි කණ්ඩායමට හර්ෂන ගොඩමාන්න, දිනේෂ්කාන්තන් තංගරාජා, ශාමල් දිසානායක සහ යසිත ද සිල්වා යන කී‍්‍රඩකයන් ඇතුළත්ව සිටින අතර කාන්තා කණ්ඩායමට අම්රිතා මුත්තයියා, මේදිරා සමරසිංහ, නෙත්මි වඩුගේ සහ තිසුරි මොල්ලිගොඩ යන කී‍්‍රඩිකාවෝ ඇතුළත්ව සිටිති.

දකුණු ආසියානු තරගාවලියේදී හර්ෂන ගොඩමාන්න සහ ශාමල් දිසානායක පිරිමි කේවල තරග සඳහාත් දිනේෂ්කාන්තන් තංගරාජා සහ යසිත ද සිල්වා පිරිමි යුගල තරග සඳහාත් තරග වදිති. නෙත්මි වඩුගේ සහ තිසුරි මොල්ලිගොඩ කාන්තා කේවල තරග සඳහාත් අම්රිතා මුත්තයියා සහ මේදිරා සමරසිංහ කාන්තා යුගල තරග සඳහාත් තෝරාගෙන සිටිති.

කණ්ඩායමේ පුහුණුකාරිණිය ලෙස ශලිනිද සිල්වා මහත්මියත්, කළමනාකාරිණිය ලෙස සුජානි බෝගොල්ලාගම මහත්මියත් තරගාවලියට සහභාගි වෙති.  

තෝරාගන්නා ලද කණ්ඩායමේ කි‍්‍රඩක කී‍්‍රඩිකාවන් මේ දින වල ශ්‍රී ලංකා ටෙනිස් සංගම් මූලස්ථාන කී‍්‍රඩාංගණයේදි පුහුණුවීම් වල නිරතවන අතර තරගාවලියට සහභාගි වීම සඳහා ඔවුන් පෙබරවාරි මස 7 වැනිදා දිවයිනෙන් පිටත්ව යෑමට නියමිතය.

යම් හෙයකින් තෝරාගැනීමේ තරගවලියක් පවත්වා, නැවත කණ්ඩායමක් තෝරාගෙන, එය කී‍්‍රඩා අමාත්‍යවරයාගේ අනුමැතිය ලබාගැනීම සඳහා ඉදිරිපත්කර, එයටද අනුමැතිය ලබාගත නොහැකි වුවහොත් මෙවර දකුණු ආසියානු ක‍්‍රීඩා උළෙල සඳහා කණ්ඩායමක් ඉදිරිපත් කිරීමට ශ්‍රී ලංකා ටෙනිස් සංගමට නොහැකි වනු ඇත.

කී‍්‍රඩා ඇමතිවරයා පසුගියදා ප‍්‍රකාශ කර සිටියේ ඇතැම් ජාතික සංගම් වල ඇති ප‍්‍රශ්න නිරාකරණය කරනොගන්නේ නම් එම කී‍්‍රඩා වලින් දකුණු ආසියානු තරගාවලියට කණ්ඩායම් යැවීම අත්හිටුවන බවයි.

 

ඡායාරූප - ශානුක අරවින්ද


අදහස් (0)

ඇමති නියෝගයෙන් තේරීම් තරගාවලියක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.