Last Update  :  2025-05-14 11:31:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව front_1 ශී‍්‍ර ලංකාව එක්දින තරගාවලිය සම කරයි

ශී‍්‍ර ලංකාව එක්දින තරගාවලිය සම කරයි

සංජය එරමුදුගොඩ - 2013 නොවැ මස 16 {{hitsCtrl.values.hits}} Views 5 Comment
A A A

රංගිරි දඹුල්ල කී‍්‍රඩාංගණයේදී අද (16 වැනිදා) පැවැති තුන්වැනි එක්දින අන්තර්ජාතික තරගයේදී ඩක්වර්ත් ලූවිස් න්‍යාය අනුව ලකුණු 36 ක ජයක් ලබාගත් ශී‍්‍ර ලංකා කණ්ඩායම තරග තුනකින් සමන්විත තරගාවලිය 1-1 ක් ලෙසින් සම කළේය.

ඒ අනුව අන්තර්ජාතික එක්දින කි‍්‍රකට් ශ්‍රේණිගත කිරීම් අතරේ තවදුරටත් අංක 4 ස්ථානය රඳවා ගැනීමට ශී‍්‍ර ලංකා පිල සමත් විය.

හම්බන්තොට, සූරියවැව මහින්ද රාජපක්‍ෂ කී‍්‍රඩාංගණයේදී පැවැති පළමු එක්දින තරග දෙකින් දෙවැන්න ජයගත් නවසීලන්ත පිල තරගාවලියේ ඉදිරියෙන් සිටියද ශී‍්‍ර ලංකා පිල අද පැවැති තරගය ජයගත් හෙයින් තරගාවලිය සම විය.

නවසීලන්ත කණ්ඩායම  ඕවර 33 කදී ලකුණු 216 ක ඉලක්කයක් හඹා ගියද පස්වරු 5.42 වන විට කී‍්‍රඩාංගණය වටා පැවැති දැඩි අඳුර හේතුවෙන් තරගය නතර කරන විට,  ඕවර 25 ක් අවසානයේදී ලබාගත හැකිවූයේ කඩුලූ 6 ක් දැවී ලකුණු 126 ක් පමණි. එහෙත් ඩක්වර්ත් - ලූවිස් න්‍යාය අනුව තරගය ජයගැනීමට නම් නවසීලන්ත පිල කඩුලූ 4 ක් අතැතිව ලකුණු 163 ක් ලබා සිටිය යුතු විය.

පිලේ ඉදිරි පෙළ පිතිකරුවන් හය දෙනකු ලකුණු 63 ක් තුළදී ආපසු කී‍්‍රඩාගාරයට යැවූ ශී‍්‍ර ලංකා පන්දු යවන්නෝ ඉතා ඉක්මනින්ම  ඕවර 20 යවා හමාර කරමින් තරගය තීරණයක් ගත හැකි මායිමට ගෙන වාසිය තමන් සන්තකයේ රඳවා ගත්හ.

නවසීලන්ත පිලේ හත්වැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 36 කදී ලකුණු 63 ක් එක් කළ ජේම්ස් නීශම් (නොදැවී 42) සහ නේතන් මැකලම් (නොදැවී 35) තම පිල ජයග‍්‍රහණය කරා ගෙනයාමේ අසීරු උත්සාහයක නිරත වුවද ඔවුන් දෙදෙනා ප‍්‍රහාරය අරඹන විට කණ්ඩායම පරාජයේ මුවවිටෙන් එපිටට තල්ලූ වී ගොසි තිබිණ.
ශී‍්‍ර ලංකා පිල වෙනුවෙන් පන්දු යැවීම ආරම්භ කළ සචිත‍්‍ර සේනානායක, නුවන් කුලසේකර දෙදෙනා සහ රංගන හේරත් කඩුලූ හයම බෙදා හදාගත්හ.

තරගයට වරින් වර වර්ෂාවෙන් බාධා පැමිණුන නමුත් නවසීලන්ත පිලට එරෙහිව  ඕවර 33 ක් අවසානයේදී කඩුලූ 8 ක් දැවී ලකුණු 211 ක් ලබාගැනීමට ශී‍්‍ර ලංකා කණ්ඩායම සමත් විය. එහෙත් ශී‍්‍ර ලංකා ඉනිම අතර මැදදී වර්ෂාවෙන් බාධා පැමිණි හෙයින් ඩක්වර්ත් - ලූවිස් න්‍යාය අනුව නවසීලන්ත පිලේ ඉලක්කය  ඕවර 33 කදී ලකුණු 216 ක් දක්වා ඉහළ ගියේය.

සාර්ථක ආරම්භයක් ලබාගත් ශී‍්‍ර ලංකා කණ්ඩායම නවසීලන්තයට එරෙහිව  ඕවර 21.4 කදී කඩලූ 4 කට ලකුණු 132 ක් ලබාගත් නමුත් වර්ෂාව නැවතත් පිටියට කඩාවැදීම නිසා තරගය අතර මග නතර කිරීමට සිදුවිය. ඒ වන විට පන්දුවට පහර දෙමින් සිටි ළහිරු තිරිමාන්න (23) සහ දිනේෂ් චන්දිමාල් (15) දෙදෙනා අතර පැවැති පස්වැනි කඩුල්ලේ සම්බන්ධතාව ලකුණ 34 කට සීමා වූ නමුත් පසුපෙළ පිතිකරුවන්ගේ ධෛර්යවත් පිතිහරඹයට ස්තුති වන්නට ශී‍්‍ර ලංකා පිලට ලකුණු 211 ක් දක්වා යා හැකි විය.

අවසන්  ඕවර 5 දී ලකුණු 53 ක් උදුරා ගැනීමට නුවන් කුලසේකර, සචිත‍්‍ර සේරසිංහ සහ රංගන හේරත් සමත් වූ හෙයින් සටනක් දීමේ අවස්ථාවක් ශී‍්‍ර ලංකා පිලට ලැබිණ.

තිලකරත්න ඩිල්ෂාන් සහ මහේල ජයවර්ධන දෙදෙනා පළමු කඩුල්ල වෙනුවෙන් ලකුණු 91 ක සම්බන්ධතාවක් ගොඩනැංවූ අතර ඩිල්ෂාන් මෙම තරගාවලියේදී පිට පිටම ලබාගත් තුන්වැනි අර්ධ ශතකය සම්පූර්ණ කළේය. පන්දු 50 කදී ලකුණු 53 ක් ලබාගත් ඩිල්ෂාන්ගේ පිටියේ රැඳී සිටියදි පන්දුව විදුලි වේගයෙන් 8 වතාවක්ම හතරේ සීමාව පසුකර ගිය අතර මෙම වසරේදී ලකුණු 1000 සීමාවට ලගා වීමට ඩිල්ෂාන්ට තවත් අවශ්‍ය වන්නේ ලකුණු 22 ක් පමණි.

කි‍්‍රකට් පොතේ නැති අපූරු පහර කිහිපයකින් නරඹන්නන් පිනවූ මහේල ජයවර්ධන පන්දු 46 කදී ලකුණු 46 ක් ලබාගත්තේ හතරේ පහර 8 කින් සිය ඉනිම අලංකාරවත් කරමිනි. එහෙත් සිය අර්ධ ශතකය පෙනි පෙනී සිටියදී කඩුලූ රකින ලූක් රොන්කිගේ හිසට ඉහළින් ‘ඩිල් ස්කූප්’ පහරක් ගැසීමට ගිය මහේල කඩුල්ල අහිමි කරගත්තේය.

 

 

ලකුණු පුවරුව


අදහස් (5)

ශී‍්‍ර ලංකාව එක්දින තරගාවලිය සම කරයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.