Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ශී‍්‍ර ලංකාව සහ එංගලන්තය අතර ලෝඞ්ස් පිටියේදී පැවැත්වෙන පළමුවැනි ටෙස්ට් තරගයේ අවසන් දිනය වන අද (16 වැනිදා) අවසන් ඕවරයේදී විනිසුරු පෝල් රයිෆල් මහතා විසින් දෙන ලද තීරණයේ නිරවද්‍යතාව විමසා සිටි නුවන් ප්‍රදීප් ප්‍රනාන්දු නව තාක්ෂණයේ පිහිටෙන් තම කණ්ඩායම පරාජයෙන් ගලවා ගත්තේය.
තරගයේ අවසන් ඕවරය ආරම්භ වන විට කඩුලු 8 ක් දැවී ලකුණු 201 ක් ලබාසිටි ශ්‍රී ලංකා පිලේ 9 වැනි කඩුල්ල පළමු පන්දුවෙන්ම බිඳ දැමීමට ස්ටුවර්ට් බ්‍රෝඩ් සමත් විය. අවසන් පිතිකරුවන් දෙදෙනා වූ නුවන් ප්‍රදීප් සහ ශමින්ද එරංග අවසන් පන්දු 5 දී කඩුලු ආරක්ෂා කරගත යුතු විය
බ්‍රෝඩ් විසින් අනතුරුව යැවුණු පන්දු 5 ටම මුහුණ දුන් නුවන් ප්‍රදීප් පස්වැනි පන්දුවේදී කඩුල්ල ආවරණය කිරීමේ වරදට හසුව දැවී ගිය බව විනිසුරුවරයා තීරණය කළේය. එහෙත් පන්දුව පිත්තේ වැදුණු බව දත් නුවන් ප්‍රදීප් විනිසුරු තීරණය විමසා සිටියෙන් විනිසුරුවරයාට තම තීරණය වෙනස් කිරීමට සිදුවිය.
බ්‍රෝඩ්ගේ අවසන් පන්දුවේදී තමන්ගේ කඩුල්ල මෙන්ම කණ්ඩායමේ ගෙෳරවයද ආරක්ෂා කරගැනීමට සමත් වූ නුවන් ප්‍රදීප් තරග ජය පරාජයෙන් තොරව අවසන් කරගත්තේය.
තරගය නිමා වීමට ඕවර 3 ක් ඉතිරිව තිබියදී නායක ඇන්ජලෝ මැතිවිස් දැවී යාමෙන් ශ්‍රී ලංකා පිල අමාරුවේ වැටිණ. ඒ වන විට ලකුණු 201 කට කඩුලු 8 ක් බිඳවැටී තිබුණ අතර පරාජයෙන් ගැලවීමට නම් කණ්ඩායමේ අවසන් පිතිකරුවන් තිදෙනා ඕවර 3 කදී සිය කඩුලු රැකගත යුතුය.
දෙවැනි නව පන්දුව ගැනීමට ඕවරයක් ඉතිරිව තිබියදී ප්‍රසන්න ජයවර්ධන දැවී ගියද ශ්‍රී ලංකා පිල පරාජයෙන් ගලවාගැනීම සඳහා නායක ඇන්ජලෝ මැතිව් සහ රංගන හේරත් අවසන් ඕවර 10 දී ප්‍රබල සටනක නිරතව සිටියහ. එහෙත් ජේම්ස් ඇන්ඩසන්ගේ පන්දුවක් මැතිව්ස්ගේ පිත්තේ පිටත දාරයේ ගැටීමෙන් පසුව පළමු ස්ලිප් හි සිටි එංගලන්ත නායකයා අතපත්වීමත් සමගම ශ්‍රී ලංකා පිල අමාරුවේ වැටිණ.
ලකුණු 8 ක් ලබා සිටියදී කඩුල්ල ආවරණය කිරීමේ වරදට හසුව ප්‍රසන්න ජයවර්ධන දැවී ගියේ යයි ක්‍රීඩකයන් කළ ඉල්ලීම විනිසුරු බිලී බවුඩන් මහතා විසින් ප්‍රතික්ෂේප කරන ලද නමුත් විනිසුරු තීරණ විමසීමේ සහාය එංගලන්ත නායක ඇලිස්ටෙයාර් කුක් ඉල්ලා සිටියේය. පිට ඉන්න එල්ලයේ පතිත වූ පන්දුව ප්‍රසන්නගේ පා ඉන්නේ වදින බව ‘හෝක් අයි‘ තාක්ෂණයෙන් තහවුරු වූ හෙයින් බවුඩන් මහතාට තමන්ගේ තීරණය වෙනස් කිරීමට සිදුවිය.
ඉනිමේ 80 වැනි ඕවරය නිමා වන විට ශ්‍රී ලංකා පිල කඩුලු 6 ක් දැවී ලකුණු 198 ක් ලබා සිටි අතර මැතිව්ස් සහ ප්‍රසන්න දෙදෙනා ඒ වන විටත් හයවැනි කඩුල්ල රැකගැනීම සඳහා ඕවර 20.1 ක් වෙහෙස වී තිබිණ.
තේ පානයට පසුව යැවුණු තුන්වැනි ඕවරයේදී කුමාර් සංගක්කාර සහ ළහිරු තිරිමාන්න දෙදෙනාම දැවී යාම නිසා ශ්‍රී ලංකා පිල අමාරුවේ වැටිණ. සංගක්කාර ලකුණු 61 කට දැවී ගිය අතර ළහිරු තිරිමාන්නගේ ඉනිම පන්දු 11 කදී ලකුණු 2 කට සීමා විය.
තේ පානය වනතුරු ඉතාමත් පරෙස්සමෙන් පිතිහරඹයේ යෙදුණු කුමාර් සංගක්කාර සහ ඉදිරි පෙළ පිතිකරුවෝ ඕවර 56 කදී එංගලන්ත පන්දු යවන්නන්ට දවාගැනීමට අවසර දුන්නේ කඩුලු 3 ක් පමණි. තේ පානය වන විට ශ්‍රී ලංකා කණ්ඩායම සිය දෙවැනි ඉනිමේදී කඩුලු 3 ක් දැවී ලකුණු 164 ක් ලබා සිටියේය.
ලකුණු ලබාගැනීමට වඩා තම කඩුල්ල ආරක්ෂා කරගැනීම සඳහා දැඩි උත්සාහයක යෙදුණු සංගක්කාර සිය ලකුණු 61 වෙනුවෙන් පන්දු 168 කට මුහුණ දුන් අතර ඊට ඇතුළත් වූයේ හතරේ පහර 4 ක් පමණි. එහෙත් ජේම්ස් ඇන්ඩසන්ගේ පන්දුවක් පිත්තේ ගැටීමෙන් පසුව කඩුල්ල තුළට එමින් සංගක්කාරගේ ලෝඩ්ස් සංදර්ශනය නිමා කෙරිණ.
පළමු ඉනිමේදී අලංකාර ශතකයක් ලබාගත් කුමාර් සංගක්කාරගේ දෙවැනි ඉනිමේදී උත්සාහය වූයේ ශතකයක් ලබාගැනීමට වඩා තම කණ්ඩායම පරාජයෙන් බේරා ගැනීමයි. එහෙත් ටෙස්ට් තරගයක පස්වැනි දිනයේදී ඕවර 90 ක් කඩුල්ලේ රැඳී සිටිම සැබවින්ම අභියෝගයකි.
සැබෑ ටෙස්ට් පිතිකරුවකුගේ ලක්ෂණ විදහා පාමින් පිතිහරඹයේ යෙදුණු කෙෳෂාල් සිල්වා ලකුණු 57 කට දැවී ගියේ හතරේ පහර 7 කින් තම ඉනිම සැරසීමෙන් අනතුරුවය.
තරගයේ ජයග්‍රහණය එංගලන්ත පිලෙන් ඈතට ඇදගෙන යාමේ එකම ක්‍රමය කඩුලු ආරක්ෂා කරගැනීම වූ අතර තේ පානය වන විට පුවරුවේ තිබූ ලකුණු සංඛ්‍යාව මත ජයග්‍රහණය කරා යාමට ශ්‍රී ලංකා පිලට අවස්ථාවක් නොතිබිණ.
අද පෙරවරුවේදී පිති අතට නොගෙනම තම ඉනිම අත්හිටවූ එංගලන්ත කණ්ඩායම මෙම තරගය ජයගැනීමට නම් ලකුණු 390 ක් ලබාගන්නා ලෙස ශී‍්‍ර ලංකා පිලට අභියෝග කර සිටියේය. තරගයේ සිවුවැනි දිනය වූ ඊයේ (15 වැනිදා) සිය දෙවැනි ඉනිම වෙනුවෙන් කඩුලු 8 ක් දැවී ලකුණු 267 ක් ලබාගත් එංගලන්ත කණ්ඩායම පළමු ඉනිමේ වාසියත් සමගින් ලකුණු 289 ක් ඉදිරියෙන් සිටියේය.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.