Last Update  :  2024-05-10 11:35:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව football_inner හිසෙන් ගැසූ පහර උරුගුවේට ජය ගෙනෙයි

හිසෙන් ගැසූ පහර උරුගුවේට ජය ගෙනෙයි

සංජය එරමුදුගොඩ - 2018 ජුනි මස 15 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

තරගයේ නියමිත කාලය නිමාවීමට මිනිත්තුවක් තිබියදී ක්‍රියිත්මක වු උරුගුවේ කණ්ඩායමේ ජොස් මාරියා ගිමෙනෙස් හිසෙන් ගසා ලබාගත් ගෝලය හමුවේ ඊජිප්තුවට එරෙහිව පැවති පළමු වටයේ තරගයෙන් ගෝල 1-0 කින් ජය ගැනීමට උරුගුවේ කණ්ඩායම අද (15 වැනිදා) සමත් විය. ‘ඒ ’ කාණ්ඩයේ තරගයක් වූ මෙම තරගය රුසියාවේ එකටෙරින්බර්ග් ක්‍රීඩාංගණයේදී ලෙස පැවතුණි.

ලබාදුන් අමතර කාලය තුළදී ඊජිප්තු කණ්ඩායම ගෝලයක් ලබා ගැනිමට විශාල උත්සාහයක් දැරුවද, එයට අවස්ථාවක් නොදුන් උරුගුවේ කණ්ඩායම මෙවර තරගාවලියේ පළමු ජය වාර්තා කිරීමට සමත් විය.

පළමු භාගය අවසානයේ කණ්ඩායම් දෙකටම ලකුණු ලබා ගැනීමට නොහැකි වූ අතර තරගයේ 17 වැනි මිනිත්තුවේදී උරුගුවේ කණ්ඩායමට පහසුවෛන්ම ගෝලයක් ලබා ගැනීමට තිබූ අවස්ථාව මඟහැරී ගියේය.

එහිදී උරුගුවේ කණ්ඩායමේ  ලුවිස් සුවාරිස් ආරක්ෂිතව අනෙක් අන්තයේ සිට රැගෙන ආ පන්දුව දැල් ආවරණයේ පිටතට යොමු කිරීම නිසා  එවර ලබා ගැනීමට තිබූ ගෝලය නූලෙන් මගහැරී ගියේය.

නැවතත් 30 වැනි මිනිත්තුවේදී උරුගුවේ කණ්ඩායම ගෝලයක් ලබා ගැනීමට උත්සාහ කළත්, එයද සාර්ථක නොවීය. ලුවිස් සුවාරිස් අවස්ථා කිහිපයකදී ගෝල කණුව ආසන්නයටම පන්දුව රුගෙන ගියද, ලැබූ අවස්ථාවෙන් ප්‍රයෝජන ලබා ගැනීමට ඔහුට නොහැකි විය. අවස්ථාවන් දෙකකදී ලෝක ශූරයන් බවට පත්වූ උරුගුවේ කණ්ඩායමට විශාල අභියෝගයක් එල්ල කරමින් තම කණ්ඩායම ක්‍රමානුකූලව පිටිය තුළ හැසිරවීමට ඊජිප්තු නායකයා කටයුතු කළත් තරගයේ අවසන් මොහොතේදී එම සිහිනය බොඳ කිරීමට ජොස් මාරියා කටයුතු කළේය.

දෙවන භාගයේදීද, තරගය දැඩි උණුසුම් මුහුණුවරක් ගත් අතර 73 වැනි මිනිත්තුවේදීද සුවාරිස්ට පහසුවෙන්ම ලබා ගැනීමට තිබූ ගෝලය මගහැරී ගියේය.  ඊජිප්තු ගෝල රකින්නා වන මොහොමඞ් ශැනාවේ ඉතා සුරක්ෂිතව පන්දුව තමන් තුළ රඳවා ගනිමින් සැම අවස්ථාවක කටයුතු කළත් අවසන් මොහොතේ හිසෙන් ගැසූ පහර ඔහුටද සිතා ගැනීමට නොහැකි විය.

තරගයේ 83 වන මිනිත්තුවේ උරුගුවේ එඞ්සන්  කැවානි  ගැසූ පහර ඊජිප්තුවේ මොහොමඞ් අල් ශෙනාවේගේ දක්ෂ අයුරින් රැක ගැනීම හේතුවෙන් එවරද උරුගුවේට ගෝලයක් ලබා ගැනීමට තිබූ අවස්ථාව මගහැරී ගියේය. කෙසේ නමුත් අවසන් මොහොතේ ජොස් මාරියා හිසෙන් ගැසූ පහර හමුවේ ඊජිප්තුවට පරාජය වේදානාවෙන් හෝ විඳදරා ගැනීමට සිදු විය.

තරගය පුරාම ගෝලයක් වාර්තා කිරීමට උත්සාහ දැරූ උරුගුවේ සුවාරිස්ට අවසන් මොහොතේ බාධා කිරීම නිසා ඊජිප්තුවේ අහමඞ් හෙගාසිට විනිසුරු විසින් කහ කාඞ් පත නිකුත් කිරීම නිසා තරගයෙන් ඉවත් වීමට සිදු විය.  දක්ෂ අයුරින් දැළ රැකී ඊජිප්තුවේ මොහොමඞ් අල් ශෙනාවේ තරගයේ වීරයා ලෙස නම් කෙරිණ.

රුසියාව ඊයේ සෞදි අරාබියට එරෙහිව ගෝල 5-0 විශිෂ්ට ජයක් ලැබීම නිසා මේ වනවිට ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණේ රැදී සිටී.

 

 

- 024


අදහස් (0)

හිසෙන් ගැසූ පහර උරුගුවේට ජය ගෙනෙයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.