Last Update  :  2024-05-20 19:19:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව football_inner සෝන්ඩර්ස් අවසන් පූර්ව වටයට

සෝන්ඩර්ස් අවසන් පූර්ව වටයට

සංජය එරමුදුගොඩ - 2016 මැයි මස 27 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

කොළඹ තුරඟ තරග පිටියේදී පෙරේදා පැවැති සෝන්ඩර්ස් කණ්ඩායම සහ කඵතර බ්ලූස්ටාර් කණ්ඩායම අතර අර්ධ අවසන් පුර්ව තරගයෙන් සෝන්ඩර්ස් ක‍්‍රීඩකයෝ ගෝල 1-0 ක ජයක් ලැබුහ. සෝන්ඩර්ස් කණ්ඩායමේ අබ්දුල් මොහොමඞ් තරගයේ 68 වැනි විනාඩියේදී ජයග‍්‍රාහී ගෝලය ලබා ගත්තේය.

කාගීල්ස් ෆුඞ් සිටි එෆ්. ඒ. කුසලාන පාපන්දු තරගාවලියේ අර්ධ අවසන් පූර්ව වටයේ ප‍්‍රතිඵල අනුව සෝන්ඩර්ස්, යුද හමුදාව, කොළඹ සහ රිනවුන් යන කණ්ඩායම් අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ලබා සිටිති.

ගුවන් හමුදා කණ්ඩායම සහ යුද හමුදා කණ්ඩායම අතර කොළඹ තුරඟ තරග ක‍්‍රීඩාංගණයේදී පැවැති අර්ධ අවසන් පුර්ව තරගයෙන් යුද හමුදා කණ්ඩායම දඬුවම් පහර 4-3 ක ජයක් ලැබීය.

තරගයේ නියමිත කාලයේ දෙපිලම ගෝල 2-2 ක් ලෙස සම තත්ත්වයෙන් සිටි නිසා තරගයේ ජය පැරදුම දඬුවම් පහර මගින් තීරණය කෙරිණ.  

යුද හමුදා කණ්ඩායමේ මොහොමඞ් ඉසදීන්, තරගයේ 21 වැනි විනාඩියේ සහ 62 වැනි විනාඩියේදී ගෝල දෙකම ලබාගත් අතර ගුවන් හමුදා කණ්ඩායම වෙනුවෙන් 69 සහ 74 විනාඩිවලදී සුමේධ ප‍්‍රනාන්දු සහ එල්. කවිඳු ඉෂාන් ගෝල ලබාගත්හ.

කේ. ඩබ්. එස්. ධනුෂ්ක විජේසිරි, එම්.ඞී.එම්. ද සිල්වා, ඒ.ඒ.එස්. රෝසා අප්පුහාමි, එම්.ඒ.අෂිකූර් රහුමන් යන යුද හමුදා ක‍්‍රීඩකයෝ දඬුවම් පහර සාර්ථක කරගත්හ.

අයි. ටී. හපුආරච්චි, බී. එස්.සී. ප‍්‍රනාන්දු, එල්. ඒ. එන්. දේවින්ද බණ්ඩාර ගුවන් හමුදා කණ්ඩායමේ දඬුවම් පහර සාර්ථක කරගත් ක‍්‍රීඩකයෝ වෙති.

අර්ධ අවසන් පුර්ව වටයේ සෙසු තරගවලදී කොළඹ කණ්ඩායම විසින් මන්නාරම හිලරි කණ්ඩායම (ගෝල 15-1) ද, රිනවුන් කණ්ඩායම විසින් ජාවලේන් කණ්ඩායම (ගෝල 5-1) ද පරාජය කරන ලදී.

තරගාවලියේ අවසන් පුර්ව වටයේ තරග මේ මස 28 වැනිදා කොළඹ කණ්ඩායම සහ යුද හමුදා කණ්ඩායම අතර පස්වරු 3.00 ට ද, රිනවුන් කණ්ඩායම සහ සෝන්ඩර්ස් කණ්ඩායම අතර පස්වරු 5.00 ට ද කොළඹ තුර`ග තරග ක‍්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතය.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

සෝන්ඩර්ස් කණ්ඩායම සහ කඵතර බ්ලූස්ටාර් කණ්ඩායම අතර තරගයේ අවස්ථා

 


අදහස් (0)

සෝන්ඩර්ස් අවසන් පූර්ව වටයට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.