Last Update  :  2024-05-20 19:19:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව football_inner සෝන්ඩර්ස් - රිනවුන් තරගයට රැකවරණ

සෝන්ඩර්ස් - රිනවුන් තරගයට රැකවරණ

සංජය එරමුදුගොඩ - 2016 ජුනි මස 24 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අන්තර් සමාජ ‘ඩයලොග්’ ශූරයන්ගේ ලීග් පාපන්දු තරගාවලිය අද (24) ආරම්භ වේ. අද කොළඹදී පැවැත්වෙන රිනවුන් කණ්ඩායම හා සෝන්ඩර්ස් කණ්ඩායම අතර කොළඹ තුරඟ තරග පිටියේදී පැවැත්වෙන තරගයට වැඩි අවධානයක් යොමුවී තිබේ.

නොබෝදා පැවැති අන්තර් සමාජ එෆ්.ඒ. කුසලාන පාපන්දු තරගාවලියේ අනුශූරතාව හිමිකර ගත් රිනවුන් කණ්ඩායම හා එහි අවසන් පූර්ණ වටයේදී පරාජිත සෝන්ඩර්ස් කණ්ඩායම අතර අද පැවැත්වෙන මෙම තරගය විවෘත ක්‍රීඩාංගණයක පවත්වන බැවින් ඊට දැඩි පොලිස් රැකවරණ යෙදීමට පාපන්දු සම්මේලනය තීරණය කර තිබේ.

දිවයිනේ ප්‍රබලතම කණ්ඩායම් 18ක් මෙවර ගැටෙන ‘ඩයලොග්’ ශූරයන්ගේ පාපන්දු තරගාවලියට තරග 100 ක් ඇතුළත් වේ. මෙම තරගාවලියේ ගියවර ශූරතාව දිනාගත්  කොළඹ  කණ්ඩායම හා කළුතර බ්ලූස්ටාර්ස් කණ්ඩායම අතර තරගය අනිද්දා (26) පැවැත්වේ.

අද  තරග වදින සෝන්ඩර්ස් ක්‍රීඩා සමාජය මෙම තරගාවලිය වැඩිම වාර ගණනක් (12) දිනාගත් කණ්ඩායමයි. රිනවුන් කණ්ඩායම සිවුවරක් ප්‍රධානතම ලීග් ශූරතාව දිනා තිබේ.

 

සති අන්තයේදී පැවැත්වෙන තරග (ඒ කාණ්ඩය)


ජුනි 24 වැනිදා

■    සෝන්ඩර්ස් - රිනවුන් අතර තුරඟ තරග පිටියේදී.


ජුනි 25 වැනිදා

■    තිහාරිය යූත් - ජාවාලේන් අතර කැලණිය පිටියේදී.
■    සුපර්සන්- නාවික හමුදාව අතර කළුතර වර්නන් ප්‍රනාන්දු පිටියේදී.
■    පොලිස්-නිව්යංග්ස් අතර පොලිස් පිටියේදී


සති අන්තයේදී පැවැත්වෙන තරග (බී-කාණ්ඩය)

ජුනි 26 වැනිදා
■    කළුතර බ්ලූස්ටාර්ස්-කොළඹ අතර කළුතර වර්නන් ප්‍රනාන්දු පිටියේදී.
■    නාවලපිටිය ක්‍රිස්ටල් පැලස් - මාතර අතර නාවලපිටිය ජයතිලක පිටියේදී.
■    මීගමුව යූත් -  අනුරාධපුර  සොලිඞ් අතර කැලණිය පිටියේදී.
■    සිවිල් ආරක්‍ෂක සේවා නාවලපිටිය අප්කන්ටි්‍ර (ලයන්ස් අතර කොළඹ සිටි ලීග් පිටියේදී.

 


අදහස් (0)

සෝන්ඩර්ස් - රිනවුන් තරගයට රැකවරණ

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.