ඩයලොග් ශූරයන්ගේ කුසලාන පාපන්දු තරගාවලියේ ප්‍රසාද ලකුණු සටහනේ අනුරාධපුර සොලිඞ් කණ්ඩායම ’ඒ‘ කාණ්ඩයේ තවදුරටත් පෙරමුණ ගැනීමට සමත්ව සිටියි. සොලිඩ් කණ්ඩායමට අභියෝගයක් වෙමින් යුද හමුදා කණ්ඩායම ප්‍රසාද ලකුණු සටහනේ දෙවැනි ස්ථානය දක්වා උසස් වී ඇත්තේ සහභාගි වු තරග තුනම ජය ලබමිනි.
‘බී’ කාණ්ඩයෙන් පෙරමුණේ සිටින රිනවුන් කණ්ඩායම තරග හතරකට සහභාගිවී එම තරග හතරම ජය ලබා මෙතෙක් තරගාවලියේ කැපී පෙනෙන කණ්ඩායම බවට පත්ව සිටී.
යුද හමුදා කණ්ඩායම ජුලි මස 15 වැනිදා තෙක් සිටියේ ප්‍රසාද ලකුණු පුවරුවේ පස්වැනි ස්ථානයේය. ඔවුන් ජුලි 16 වැනිදා පැවැති තරගයකින් අප්කන්ටි්‍ර ලයන්ස් කණ්ඩායම ගෝල 2--0 කින් පරාජය පරදවා දෙවැනි ස්ථානයට පැමිණියේය. සොලිඞ් කණ්ඩායම, තරග හතරකට සහභාගිවී ඉන් තරග තුනක් ජය ලබා තරගයක් විසඳුමකින් තොරව අවසන් කිරීමට සමත්ව ඇත.
ජුලි මස 15 වැනිදා තෙක් ප්‍රසාද ලකුණු සටහනේ දෙවැනි ස්ථානයේ සිටි ගිය වර ශූරයන් වු කොළඹ පාපන්දු ක්‍රීඩා සමාජය තෙවැනි ස්ථානය තෙක් පසුබැස සිටින්නේ තරග හතරකට සහභාගිවී එක් තරගයක් පරාජය වීම නිසාය.
‘ඒ’ කාණ්ඩයේ පැවැති තවත් තරගයකින් ආරක්ෂක සේවා කණ්ඩායම පරදවා ගෝල 7-0 ක දැවැන්ත ජයක් ලබා ගැනීමට මීගමුව යූත් ක්‍රීඩකයෝ සමත්වුහ.
| ඒ කණ්ඩායම | |||||||||
| ත. | ජ. | වි.නැ. | ප. | ගෝ.එ. | ලැ.ගෝ. | ප්‍ර. ගෝ. | ප්‍ර.ල | ||
| 1 | සොලිඩ් ක්‍රී.ස. | 4 | 3 | 1 | 0 | 12 | 1 | 11 | 10 |
| 2 | යුද හමුදාව | 3 | 3 | 0 | 0 | 11 | 1 | 10 | 9 |
| 3 | කොළඹ පාපන්දු සමාජය | 4 | 3 | 0 | 1 | 10 | 3 | 7 | 9 |
| 4 | බ්ලූ ස්ටාර් ක්‍රී.ස. | 5 | 3 | 0 | 2 | 7 | 10 | 3 | 9 |
| 5 | අප් කන්ට්‍රි ලයන්ස් ක්‍රී.ස. | 4 | 2 | 1 | 1 | 5 | 4 | 1 | 7 |
| 6 | ක්‍රිස්ටල් පැලස් ක්‍රී.ස. | 5 | 2 | 1 | 2 | 10 | 10 | 0 | 7 |
| 7 | මීගමුව යූත් ක්‍රී.ස | 4 | 1 | 0 | 3 | 9 | 9 | 0 | 3 |
| 8 | මාතර සිටි ක්‍රී.ස. | 4 | 0 | 1 | 3 | 3 | 9 | -6 | 1 |
| 9 | සිවිල් ආරක්ෂක බලකාය | 5 | 0 | 0 | 5 | 0 | 20 | -20 | 0 |
| බී කණ්ඩායම | |||||||||
| ත. | ජ. | වි.නැ. | ප. | ගෝ.එ. | ලැ.ගෝ. | ප්‍ර. ගෝ. | ප්‍ර.ල | ||
| 1 | රිනවුන් ක්‍රී.ස. | 2 | 2 | 0 | 0 | 6 | 2 | 4 | 6 |
| 2 | නිව් යංග්ස් ක්‍රී.ස. | 2 | 2 | 0 | 0 | 5 | 2 | 3 | 6 |
| 3 | ගුවන් හමුදාව | 1 | 1 | 0 | 0 | 2 | 0 | 2 | 3 |
| 4 | නාවික හමුදාව | 2 | 1 | 0 | 1 | 4 | 3 | 1 | 3 |
| 5 | සෝන්ඩර්ස් ක්‍රී.ස. | 2 | 1 | 0 | 1 | 4 | 5 | -1 | 3 |
| 6 | පොලීසිය | 1 | 0 | 1 | 0 | 1 | 1 | 0 | 1 |
| 7 | සුපර් සන් ක්‍රී.ස. | 2 | 0 | 1 | 1 | 3 | 4 | -1 | 1 |
| 8 | ජාවා ලේන් ක්‍රී.ස. | 2 | 0 | 0 | 2 | 1 | 4 | -3 | 0 |
| 9 | තිහාරිය යූත් ක්‍රී.ස. | 2 | 0 | 0 | 2 | 1 | 6 | -5 | 0 |
| ත.- තරග ජ. - ජය, ප. - පරාජ, වි.නැ. - විසඳුම් නැති, ගෝ.එ. - ගෝල එකතුව, | |||||||||
| ලැ.ගෝ. - ලැබූ ගෝල, ප්‍ර.ගෝ. - ප්‍රතිවාදී ගෝල, ප්‍ර.ල. - ප්‍රසාද ලකුණු | |||||||||
- 090
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.