Last Update  :  2024-05-20 19:19:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව football_inner සුපිරි 8 දෙනාගේ වටයේ තරග 4 ක් අද - හෙට

සුපිරි 8 දෙනාගේ වටයේ තරග 4 ක් අද - හෙට

සංජය එරමුදුගොඩ - 2015 නොවැ මස 07 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

 


‘ඩයලොග් කුසලාන’ ලීග් පාපන්දු තරගාවලියේ සුපිරි අටදෙනාගේ වටයේ තවත් තරග 4 ක් අද  සහ හෙට පැවැත්වේ. කොළඹ පාපන්දු සමාජය සහ කි‍්‍රස්ටල් පැලස් අතර තරගය අද (7 වැනිදා) පස්වරු 3.00 ටද බ්ලූ ස්ටාර් සහ රිනවුන් අතර තරගය අද පස්වරු 5.00 ට ට කොළඹ සුගතදාස කී‍්‍රඩාංගණයේදී පැවැත්වේ.

ජාවාලේන් සහ යුද හමුදාව අතර තරගය හෙට (8 වැනිදා) පස්වරු 3.00 ටද, ගුවන් හමුදාව සහ නාවික හමුදාව අතර තරගය හෙට පස්වරු 5.00 ට පැවැත්වේ.

සුපිරි අටදෙනාගේ වටයට සුදුසුකම් ලබාගැනීමට යුද හමුදාව, ගුවන් හමුදාව, කි‍්‍රස්ටල් පැලස්, රිනවුන්, කොළඹ, බ්ලූ ස්ටාර්ස්, ජාවා ලේන් සහ නාවික හමුදාව යන කණ්ඩායම් සමත් ව සිටිති.

එහිදී යුද හමුදාව, ගුවන් හමුදාව, කි‍්‍රස්ටල් පැලස් සහ රිනවුන් යන කණ්ඩායම් ‘ඒ’ කාණ්ඩයෙන් සුපිරි අටදෙනාගේ වටයට සුදුසුකම් ලබාගත් අතර කොළඹ, බ්ලූ ස්ටාර්ස්, ජාවා ලේන් සහ නාවික හමුදාව යන කණ්ඩායම් ‘බී’ කාණ්ඩයෙන් සුපිරි අටදෙනාගේ වටයට සුදුසුකම් ලබාගත්තේය.

මින් පෙර මෙම තරගාවලියේ ශූරතාව දිනා ඇති සොලිඞ්, සෝන්ඩර්ස්, මීගමුව යූත් සහ දොන් බොස්කෝ යන කණ්ඩායම් වලට මෙවර තරගාවලියේ සුපිරි අටදෙනාගේ වටයට පිසිවීමේ වරම් අහිමිවී ගිය අතර යුද හමුදාව, ගුවන් හමුදාව, බ්ලූ ස්ටාර්ස් සහ රිනවුන් යන කණ්ඩායම් වලට නැවත වරක් ශූරතාව කරා යෑමට අවස්ථාව උදා වී තිබේ.

සුපිරි අටදෙනාගේ වටය වටයේදී ලීග් ක‍්‍රමයට අනුව තරග 28 ක් පැවැත්වීමට නියමිතය. එම සියලූ තරග කොළඹ සුගතදාස කී‍්‍රඩාංගණයේදී පැවැත්වේ.
තරග කාල සටහන


නොවැම්බර් 07 වැනිදා

කොළඹ පාපන්දු සමාජය සහ කි‍්‍රස්ටල් පැලස් අතර තරගය පස්වරු 3.00 ට
බ්ලූ ස්ටාර් සහ රිනවුන් අතර තරගය පස්වරු 5.00 ට

 

නොවැම්බර් 08 වැනිදා
ජාවාලේන් සහ යුද හමුදාව අතර තරගය පස්වරු 3.00 ට
ගුවන් හමුදාව සහ නාවික හමුදාව අතර තරගය පස්වරු 5.00 ට

 

නොවැම්බර් 13 වැනිදා
යුද හමුදාව සහ ගුවන් හමුදාව අතර තරගය පස්වරු 3.00 ට
නාවික හමුදාව සහ ජාවාලේන් අතර තරගය පස්වරු 5.00 ට

 

නොවැම්බර් 14 වැනිදා
කි‍්‍රස්ටල් පැලස් සහ රිනවුන් අතර තරගය පස්වරු 3.00 ට
කොළඹ පාපන්දු සමාජය සහ බ්ලූ ස්ටාර් අතර තරගය පස්වරු 5.00 ට

 

නොවැම්බර් 21 වැනිදා
නාවික හමුදාව සහ බ්ලූ ස්ටාර් අතර තරගය පස්වරු 3.00 ට
කි‍්‍රස්ටල් පැලස් සහ යුද හමුදාව අතර තරගය පස්වරු 5.00 ට

 

නොවැම්බර් 22 වැනිදා
රිනවුන් සහ ගුවන් හමුදාව අතර තරගය පස්වරු 3.00 ට
ජාවාලේන් සහ කොළඹ පාපන්දු සමාජය පස්වරු 5.00 ට

 

නොවැම්බර් 28 වැනිදා
යුද හමුදාව සහ නාවික හමුදාව අතර තරගය පස්වරු 3.00 ට
කි‍්‍රස්ටල් පැලස් සහ බ්ලූ ස්ටාර් අතර තරගය පස්වරු 5.00 ට

 

නොවැම්බර් 29 වැනිදා
ගුවන් හමුදාව සහ ජාවාලේන් අතර තරගය පස්වරු 3.00 ට
රිනවුන් සහ කොළඹ පාපන්දු සමාජය පස්වරු 5.00 ට

 


- 036


අදහස් (0)

සුපිරි 8 දෙනාගේ වටයේ තරග 4 ක් අද - හෙට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.