Last Update  :  2024-05-20 19:19:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව football_inner සාෆ් තරගාවලියට කාන්තා පිල යයි

සාෆ් තරගාවලියට කාන්තා පිල යයි

සංජය එරමුදුගොඩ - 2016 දෙසැ මස 23 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

රටවල් හතක් තරග වදින සිව් වැනි සාෆ් පාපන්දු (කාන්තා) ශූරතාවලියට සහභාගි වන ශ්‍රී ලංකා පාපන්දු (කාන්තා) කණ්ඩායම අද (23) ඉන්දියාවේ සිලිගුරි නගරය බලා පිටත්ව ගියේය. තරගාවලිය 26 වැනිදා ආරම්භ වීමට නියමිතය.

ක්‍රීඩිකාවන් 20 දෙනකුගෙන් සමන්විත ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායමේ නායිකාව ලෙස එරන්දි කුමුදුමාලා ලියනගේ කටයුතු කරයි. නායිකා එරන්දි කුමුදුමාලා වයස 15න් පහළ කාණ්ඩයේ සිට පාපන්දු තරග සඳහා සහභාගි වී තිබෙන දැනට යුද හමුදා ක්‍රීඩා සමාජය නියෝජනය කරන ක්‍රීඩිකාවකි. ඇය වැලිවේරියේ මද්දුමබණ්ඩාර මහ විදුහලේ ආදි ශිෂ්‍යාවකි.

ලංකාදීපය කළ විමසුමකදී ශ්‍රී ලංකා කණ්ඩායම් කළමනාකරු ගාමිණී මදුරාවල මහතා පැවසුවේ පසුගිය ඔක්තෝබර් මාසයේ සිට සංචාරක කණ්ඩායම නේවාසික පුහුණුවීම්වල නිරත වූ බවයි. මූලික තේරීම් තරග සඳහා ක්‍රීඩිකාවන් 140 දෙනකු පමණ සහභාගි වූ බවත් ඔහු පැවසුවේය.

විශ්වවිද්‍යාල සිසුවියන් තිදෙනකු ඇතුළුව පාසල් ක්‍රීඩිකාවන් බහුතරයකගෙන් සමන්විත ශ්‍රී ලංකා කණ්ඩායමට ආධුනික ක්‍රීඩිකාවන් කීප දෙනකුද මෙවර ඇතුළත්ව සිටීම කැපී පෙනේ.

ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ සභාපති අනුර ද සිල්වා මහතා පැවසුවේ, ශ්‍රී ලංකා කණ්ඩායමේ දස්කම් පිළිබඳව පාපන්දු සම්මේලනයට එතරම් සෑහීමකට පත් විය නොහැකි තත්ත්වයක් පෙන්නුම් කළ බැවින් සාෆ් තරග සංචාරය දෙස පාපන්දු සම්මේලනය වඩාත් සංයමයකින් බලා සිටින බවයි.

වසර 2014 පැවැති තරගාවලියේ මූලික වටයෙන්ම ශ්‍රී ලංකාව පරාජයට පත්ව තිබේ. එහිදී ශූරතාව ඉන්දියාව විසින් දිනාගනු ලැබ ගෙන තිබේ. අනුශූරියන් බවට පත්ව ඇත්තේ නේපාලයයි.

ආසියානු පාපන්දු සමුළුවේ මෙහෙයවීමෙන් සමස්ත ඉන්දීය පාපන්දු සම්මේලනය මෙවර තරගාවලිය සංවිධානය කරයි. දකුණු ආසියානු කලාපයේ කාන්තා පාපන්දු ක්‍රීඩාව ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් වසර දෙකකට වරක් මෙම තරගාවලිය සංවිධානය කෙරේ.


කණ්ඩායම් කාණ්ඩගතකර ඇති ආකාරය
ඒ කාණ්ඩය - නේපාලය, ශ්‍රී ලංකාව, මාලදිවයින, භූතානය
බී කාණ්ඩය - ඉන්දියාව, බංගලාදේශය හා ඇෆ්ගනිස්ථානය.

ශ්‍රී ලංකාවේ තරග කාල සටහන
දෙසැම්බර් 26 - මාලදිවයිනට එරෙහිව
දෙසැම්බර් 28 - භූතානයට එරෙහිව
දෙසැම්බර් 30 - නේපාලයට එරෙහිව
ජනවාරි 2 - අවසන් පූර්ව තරග
ජනවාරි 4 - අවසන් මහ තරගය

 


ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම

ඉදිරි පෙළ වමේ සිට - සෞම්‍යා ප්‍රියදර්ශනී මහත්මිය (භෞත චිකිත්සක), එරන්දි කුමුදුමාලා (නායිකා), පී.ජී.ඩී.කේ. සමරසිංහ මහතා (සහය පුහුණුකරු), ගාමිණී මදුරාවල මහතා (කළමනාකරු), අනුර ද සිල්වා මහතා (පාපන්දු සම්මේලනයේ සභාපති), බාලේන්ද්‍ර ඇන්ටනි (පාපන්දු සම්මේලනයේ ලේකම්), එම්.ආර්.එම්. ජස්මින් මහතා (පුහුණුකරු), ජූඞ් කරුණාරත්න මහතා (දැල් රකින්නියන්ගේ පුහුණුකරු), ඉමේෂා විතානගේ (උපනායිකා) චලනි ඒකනායක
මැද පෙළ වමේ සිට
- ලක්මිණි සිල්වා, නාලිකා කරුණාරත්න, වත්සලා දයානන්ද, චලෝමි ෆැන්සිස්, රුෂානි ගුණවර්ධන, ප්‍රවීණා මධුකි පෙරේරා, ඩී. ලිලන්ති, නිලුකා අලුත්ගේ.
පසු පෙළ වමේ සිට -
අයෝමි විජේරත්න, තිළිණි ජයසිංහ, සී.ජී. මදුෂානි, ටී.කේ. ඇන්ජිලා, සකුරා සුබසිංහ, ඒ.සී. හරුන්තාලි, තුෂානි මධුෂිකා, මහේෂිකා ගොඩවෙලගේ හා නිසංසලා කුමාරි.


අදහස් (0)

සාෆ් තරගාවලියට කාන්තා පිල යයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.